Wednesday, 13 October 2021

 නුවර පාර, මීගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රියැදුරන්ට ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.

නව කැලණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ඇති වන මාර්ග තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව පොලිසිය පැවසී ය.

ඔවුන් පෙන්වා දුන්නේ, පාලමේ ඉදිකිරීම් හේතුවෙන් බේස්ලයින් මාර්ගය හා වරාය පිවිසුම් මාර්ගය අවට උදෑසන හා සවස් කාලයේ අධික රථවාහන තදබදයක් පවතින බව ය.

ඒ අනුව නුවර පාර, මීගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රථවාහන රියැදුරන්ට ඒ සඳහා පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය සඳහන් කරයි.

කොළඔට ඇතුළුවීම සඳහා නුවර පාරෙන් පැමිණෙන වාහන බේස් ලයින් මාර්ගය භාවිතා නොකර නවලෝක වටරවුමෙන් තොටලඟ හන්දිය, වේල්ස්කූමාර මාවත හෝ ලු මැන්ඩල් පාර භාවිතා කරමින් කොළඹට ඇතුළු විය හැක.

මීගමුව පාරෙන් පැමිණෙන වාහන කදිරාන පාලම, අළුත් මාවත ඔස්සේ කොළඹට ඇතුළු විය හැක.

පරණ අවිස්සාවේල්ල පාර දෙසින් පැමිණෙන වාහන ස්ටේස් පාර, කොස්ගස් හන්දිය, ලෙයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ පාරෙන් වේල්ස් කුමර මාවත ඔස්සේ ගමන් කළ හැක.

මහජනතාවට සිදු වන අපහසුතාවය මඟ හරවා ගැනිම සඳහා ඔබ මාධ්‍ය ආයතනය මඟින් ප්‍රචාරයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය,

පොලිස් මූලස්ථානය.

තාරක සම්මාන්

 


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...