කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට මෙම මස 15 වැනිදා ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්ය අමාතයාංශය හා අධ්‍යයාපන අමාතයාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කර ඇත.
නියමු ව්‍යායාපෘතිය ලෙස මෙම වැඩසටහන එදින කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය.
ඉන්පසු වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම 21 වැනිදා සිට පාසල්වලදී සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එම්.ඩි. ධර්මසේන මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, එළඹෙන සතියේ පාසල් ආරම්භයත් සමග එම කාණ්ඩයේ සිසුන්ට එන්නත් කිරීම ආරම්භ කිරීමට සුදානම් කර ඇති බවත් මෙලෙස 15 වන දා කොළඹ දිස්ත්‍රික්කයට අදාළ සියලු ම කලාප වන හෝමාගම, කොළඹ, ජයවර්ධනපුර කලාපය සහ පිළියන්දල යන කලාපවලින් අදාළ පාසල් සිසුන්ට එන්නත්කරණය ඇරඹෙන බවත්ය.
සිසුන් එන්නත් ලබාගැනීමට පැමිණිමේදී තම හැඳුනුම්පත රැගෙන පැමිණිය යුතු බවත් අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් විමසා එන්නත් ලබා ගැනීමට පැමිණිය යුතු ස්ථානය දැන ගත හැකි බවත්
ඔහු සඳහන් කළේය.
එහිදි අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත පාසල්වල සිසුන්ට, පාසල් කිහිපයක සිසුන්ට එකවර එන්නත් ලබා දෙන මධ්‍යස්ථානවලදී
ද වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල්වල සිසුන්ට අදාළ පාසල් තුළදීම එන්නත ලබාදෙන බවත් ඔහු පැවසිය.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිවල ඊට අදාළ නිවේදන පළ කිරීමට නියමිත බවත් එමගින්
තමන්ගේ දරුවාට එන්නත් ලබා ගත හැකි පාසල කුමක් ද? යන්න හඳුනා ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.
No comments:
Post a Comment