රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේශ් සලේ මහතා අද (ඔක්. 25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
2019
වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් සහ වෙනත් පාර්ශව
එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල ගොනු කර ඇත.
අදාළ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් සලේ මහතා ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ, තමා අපකීර්තියට පත්කිරීමේ අරමුණින් එම චෝදනා නගා ඇති බවත් එම චෝදනා සම්පුර්ණයෙන් අසත්‍ය බවත් ය.
එමෙන් ම, කිසිදු තත්වයක් යටතේ තමන් සහරාන් හෂිම් හෝ ඔහුගේ අනුගාමිකයින් සමග කිසියම් හෝ ආකාරයක සන්නිවේදනයක් සිදුකර නොමැති බව ද අදාළ පැමිණිල්ලේ
සඳහන් කර තිබේ.
ඒ හේතුවෙන්, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ , මෙම චෝදනා සම්බන්ධයෙන් අදාළ පාර්ශවවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් Zoom ඔස්සේ ඔක්. 23
පැවති සංවාද මණ්ඩපයකට සහභාගී වෙමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශන කමිටුවේ සාමාජික, සිරිල් ගාමිණි පියතුමන් පවසා තිබුණේ, "සහරාන් හෂීම් හා ඔහුගේ අනුගාමිකයින් පෝෂණය
කිරීමෙහි ලා එකල බ්‍රිගේඩ්ඩියර්වරයෙකු වූ සලේ මහතා, ක්‍රියාකාරි වැඩ කොටසක් ඉටුකළ බව ය".
No comments:
Post a Comment