සුඩානයේ පාලන බලය හමුදාව අතට පත්වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට
හමුදාව සිවිල් නීති විසුරුවා හැර දේශපාලන නායකයින් අත්අඩංගුවට ගෙන ඇති බවය.
ඊට අමතරව, ඒ රට තුළ හදිසි තත්ත්වයක්
ද ප්‍රකාශයට පත් කර තිබේ.
මේ අතර, සුඩානයේ කාටූම් අගනුවරට
රැස්ව සිටින විරෝධතාකරුවන් විරෝධතාවල නිරත වී සිටින අතර වෙඩි තැබීම් ද වාර්තා වේ.
එරට ආරක්ෂක බලධාරින් සහ දේශපාලන නායකයින් අතර දිර්ඝ කාලයක් තිස්සේ විරසකයක් පැවති අතර මිට වසර දෙකකට
පෙර සුඩාන නායක ඔමාර් අල් බෂීර් බලයෙන් පහ කෙරිණි.
සුඩානය දරුණු ආර්ථික අර්බුදයකට මැදි වී සිටිය ද, ජාත්‍යන්තර
සහය ලැබුණු අතර, පාලන බලය හමුදාව අතට පත් වීමෙන් ආර්ථිකය දැඩි අනතුරකට ලක්වනු ඇතැයි දේශපාලන විචාරකයෝ
අනතුරු අඟවති.
No comments:
Post a Comment