අද සමාජයේ බොහෝ දෙනකුට තමන්ගේ ශරීරය තමන්ටම පාලනය කර ගැනීමට නොහැකි ලෙස අධික බරකින් යුක්ත වී තිබේ. මෙය ස්ත්‍රී පුරුෂ කියා භේදයක් ද නැතිව බොහෝ දෙනකුට බලපා ඇති ගැටලුවකි.
මෙම
අධික ස්ථූලතාවය ඇති වීමට හේතු වී ඇත්තේ වැරැදි ආහාර විහරණ රටාවයි. මීට වසර 50කට 60කට පමණ පෙර මේ සමාජය
පිළිබඳ සලකා බැලූ විට එම මිනිසුන් ජීවත් වූයේ ස්වාභාවික පරිසරය සමඟිනි.
වර්තමානය වන විට සිටින්නේ කෘතිම පරිසරයක් සමඟ බිහි වන මිනිසුන් ය. මීට හේතුව වී ඇත්තේ මිනිසා ස්වභාවධර්මයේ කොටසක් යැයි මිනිසා විසින් තේරුම් නොගැනීමයි. සත්‍ය ලෙසම මිනිසා යනු ස්වභාවධර්මයට අයත් ජීවියෙකි. එය අමතක කොට ජීවත් වීමෙන් රෝග පීඩා ඇතුළු විවිධ ගැටලුවලට මුහුණ දීමට මිනිසාට සිදු වී තිබේ.
ස්වභාව ධර්මයෙන් ඈත් වී මිනිසාට සංවර්ධනයක් ලබා ගත නොහැකිය. එසේ වූ විට මිනිසාට ඉතිරි වන්නේ භෞතික ශරීරය සමඟ ලෙඩ ගොඩක් පමණි.
මේ සියල්ලටම
මූලික හේතුව වී ඇති වැරදි ආහාර විහරණ රටාව තුළ ප්‍රධාන වන්නේ මිනිසා විසින්
පරිභෝජනයට ගන්නා අධි සංවර්ධිත බීජ ය. එනම් අධික අස්වැන්නක් ගන්නා අපේක්ෂාවෙන්
ගොවීන් විසින් විකෘති කරන ලද බීජවලින් සකස් කරන ලද ආහාර ය.
මේ ආකාරයෙන් විකෘති කරන ලද ආහාර වැඩි වශයෙන් ශරීරයට ගත් විට ශරීරය තුළ ස්වභාවිකවම විකෘතිතා ඇති වේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ පිළිකා රෝගය වැඩි වීමට හේතු වන ප්‍රධාන සාධකය වශයෙන් හඳුනා ගෙන ඇත්තේ කෘතිමව සකසන බීජවලින් ලැබෙන අස්වැන්න ආහාරයට ගැනීම ය.
වී
වර්ග, එළවළු වර්ග සහ ධාන්‍ය වර්ග මීට උදාහරණ වේ. මේ නිසා
මිනිස් ශරීර තුළ කිසියම් විකෘතිතා ඇති වීමේ ඉඩකඩ පවතී.
ආයුර්වේදය තුළ සප්ත ධාතු වර්ධනයේ දී සප්ත ධාතු වෙනස් වන ආකාරය පිළිබඳ ව පිරික්සීමේ දි මෙවැනි හේතු ඊට බලපාන බව පැහැදිලිව දක්වා තිබේ. එමෙන්ම අධි සංස්කරණ ආහාර ද අධික ස්ථූලත්වය ඇති වීමට හේතුවකි. ළඟ ළඟ වශයෙන් දිරවීමට පහසු ලෙස සකස් කර ඇති ආහාර මෙම අධි සංස්කරණ ආහාර ලෙස හැඳින්වේ.
මෙම ආහාරවල රළු ගතිය අඩුය. මේ නිසා බොහෝ දෙනකුගේ ශරීරය වර්ධනය වන ආකාරයේ වෙනසක් දක්නට ලැබේ. සීනි, පිටි, තෙල් සහ ලුණු වැඩියෙන් ඇති ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීම ද ස්ථූලතාවය ඇති වීමට හේතුවකි.
බටහිර
රටවල මිනිසුන් ගන්නා කැලරි ප්‍රමාණය මෙරටට නොගැළපේ. ශ්‍රී ලංකාවේ දේශගුණික සහ
කාලගුණික තත්ත්වයන් සමඟ එවැනි විශාල ප්‍රමාණයේ කැලරි සංඛ්යාවක් ගැනීම සුදුසු
නොවන්නේ පරිසරයෙන් මිනිසාට විශාල ආරක්ෂාවක් සැපයෙන බැවිනි.
සැකසූ ආහාර සහ ක්ෂණික ආහාර පරිභෝජනයට ද මේ වන විට මෙරට ජනතාව බොහෝ ලෙස පුරුදු වී සිටිති. එම ආහාර ජීවිතයට මාරයෙක් යැයි හැඳින්වීම වඩාත් සුදුසු ය. මේ නිසා කොලෙස්ටරෝල් වැඩි වීම, අධි රුධිර පීඩනය සහ දියවැඩියාව වැනි බෝ නොවන රෝග තත්ත්වයන් ඇති වීමට ඉඩ තිබේ.
සකස්
කරන ලද ආහාර සහ ක්ෂණික ආහාරවලට ජනතාව යොමු වී ඇත්තේ බොහෝ විට ඔවුන් නාගරිකකරණය
වීමත් සමඟය. උදේ, දවල්, රෑ තුන් වේලටම සැකසූ ආහාරවලට යොමු වී සිටිති. කොළ කැඳ
පානය කිරිමක් දක්නට නොලැබේ. දරුවන් ද හුරු කර ඇත්තේ පැණි රසට පමණි. අනෙක් රස වර්ග
ඔවුහු නොහඳුනති.
මව්පියන් ආදරයට දරුවන්ට දෙන්නේ රසම දේවල් ය. එහෙත් දිය යුත්තේ රසම දේ නොව හොඳම දේ ය. එවිට මෙවැනි ගැටලුවලින් දරුවන් මුදවා ගත හැකිය. ආහාර පිළිබඳව දරුවන්ට ද අවබෝධයක් දීම වඩාත් සුදුසු ය.
විශේෂයෙන්ම වර්තමාන කාන්තාවන්ගේ ශරීරවල අවශ්‍ය තරම් කැලරි ප්රමාණයක් දහනය වීමක් සිදු වන්නේ නැත. දහඩිය දමන ආකාරයට මහන්සි නොවීම මීට හේතුවකි. කාර්යාල රාජකාරියේ දී කය වෙහෙසීම අධික ලෙස සිදු නොවේ.
මේ
නිසා ද අධික සථූලභාවය ඇති වේ. ගැමි ජනයා අතර තවමත් රෝග තත්ත්වයන් අඩු බවක් දක්නට
ලැබෙන්නේ ඔවුන් තවමත් ස්වාභාවික ආහාර රටාව තුළ ජීවත් වන බැවිනි.
දේශීය බීජවලින් සැකසූ දේශීය සහල් වර්ග, දේශීය එළවළු මෙන්ම රසායනික කෘමිනාශක නොයොදා නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන පරිභෝජනය කරන්න්නට බොහෝ දුරට බෝ නොවන රෝගවලින් වැළකී ජීවත් විය හැකිය.
තවත් කරුණක් ලෙස ඇඹුල් රසැති ආහාර පරිභෝජනය අඩු බව ද දැක්විය හැකිය. මේ නිසා ආහාර දිරවීමේ දුෂ්කරතා ඇති වේ. ප්‍රධාන ආහාර වේලකින් පසුව පලතුරක් ගැනීම අනිවාර්ය වුව ද එලෙස ගන්නා පුද්ගලයන් ප්‍රමාණය අඩු ය.
ස්ථූලතාවය අඩු කර ගැනීම සඳහා ආයුර්වේද නිර්දේශය වන්නේ හැකි තරම් ස්වාභාවික ශාක ආහාරවලට යොමු වීමය. ගොටු කොළ කැඳ, බෙලි කොළ කැඳ සහ මුකුණුවැන්න කැඳ වැනි කැඳවලට පුරුදු වීම වඩාත් යෝග්‍යය.
මේ වන විට කුකුල් මස් යනු භයානකම ආහාරයකි. බිත්තර ද කෘතිමය. මස් බිත්තර ගෘස්ථව සිදු නොවීම මෙයට හේතුවකි. දියර කිරි වෙනුවට බොහෝ දෙනෙක් පානය කරන්නේ කිරි පිටිය. මේවායේ රසායනික ප්‍රතික්‍රියාවන් පිළිබඳ ව සැලකිලිමත් වීමේදී විකෘතිතා දක්නට ලැබේ.
මේ නිසා හැකි තරම් ගස් කොළන්වලින් ලැබෙන ආහාරවලට අනුවර්තනය වීම ස්ථූලතාවය අඩු කර ගැනීමට මෙන්ම බෝ නොවන රෝගවලින් මිදී සිටීමට ද හැකියාව ලැබේ.
සැකසූ
ආහාර සහ ක්ෂණික ආහාරවලින් හැකි තරම් වැළකීම සුදුසු ය. ක්ෂණික ආහාර කල් තබා ගැනීම
සඳහා යොදා ගන්නා ද්‍රව්‍යයන් මිනිස් ශරීරවලට කෙතරම් ගැළපෙනවා ද යන්න පිළිබඳව සිතිය
යුතුය.
එමෙන්ම කය වෙහෙසීම කළ යුතුය. මේ සඳහා කාය වර්ධන මධ්‍යස්ථාන කරා යෑම අවශ්‍ය නොවේ. නිවෙසේ ඇති කාර්යයන් එනම් මිදුල අතු ගෑම. නිවෙස පිරිසුදු කිරීම, රෙදි සේදීම, මුළුතැන්ගෙයි කටයුතු ලෙස මිරිස් ගලේ ඇඹරීම වැනි කාර්යයන් යන්ත්‍ර වලට බාර නොදී තමා විසින්ම සිදු කිරීමෙන් නිවෙස තුළ දීම කය වෙහෙසීමක් සිදු වේ. මේ ආකාරයේ ජීවන පැවැත්මක් ඇති කර ගැනීමෙන් තම ශරීරය තමන්ටම ඔසවා සිටීමට හැකි පරිදි නියමිත බරකින් පවත්වා ගැනීමට මෙන්ම බෝ නොවන රෝගවලින් වැළකී සිටීමට ද ඔබට හැකියාව ලැබෙනු ඇත.
උපදෙස් - මාලේවන පාරම්පරික වෛද්‍ය දෙව්රුවන් ඔබේසේකර
පර්යේෂණ
අංශය,මාලේවන වෛද්‍ය විද්යාලය,
බේරුවල.
චතුමී
පිටිපන
No comments:
Post a Comment