තරාදිය
යනු ගෘහණියන් හට මුළුතැන්ගෙයි වැඩකටයුතුවලදී අත්‍යාවශ්‍යම උපකරණයකි. විවිධ වර්ගයේ
තරාදි වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ද හැකිය. මේ කියන්නට යන්නේ තාක්ෂණයේ දියුණුවත්
සමඟින් වෙනස් වූ තරාදියක් පිළිබඳවයි.
ඇත්තෙන්ම
මෙය තරාදියක් ලෙස කෙළින්ම නම් කළ නොහැකි අතර, මුළුතැන්ගෙයි උපාංග දෙකක්
සම්බන්ධ කරමින් නිෂ්පාදනය කළ උපකරණයකි.
Aurora Nutrio නමින් හඳුන්වන මෙය බැලූ බැල්මට දිස්වනුයේ ලෑල්ලක
ස්වරූපයකි. ඇත්තෙන්ම මෙහි ලෑල්ලට අමතරව බර මැනීමේ හැකියාව ද පවතින අතර, එම බර සහ විවිධ දත්ත
ස්මාට් දුරකතනය හරහා ඔබට දැකබලා ගැනීමේ හැකියාව ද ඇත.
කෑමක්
සෑදීමේදී බර ප්‍රමාණයන්ට අනුව භාවිත කිරීමක දී ලෑල්ලේ එක් පසෙකින් තැබූ ද්‍රව්‍යවල
ශුද්ධ බර ඔබට සුළු මොහොතකදී මැන ලබාදෙයි.
තවද එම
ආහාර වර්ගය පිළිබඳ පූර්ණ විස්තරයක් ද මේ Aurora Nutrio මඟින් ඔබට දැනුවත් විය
හැකි අතර ස්මාට් ලෑල්ලක් ලෙස හැඳින්වීම නිවැරැදිය.
No comments:
Post a Comment