Thursday, 21 October 2021

 

ෆේස්බුක් සහ ට්විටර් ජාලයන්ට අභියෝග කිරීමට ට්‍රම්ප්ගෙන් TRUTH Social


අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් අරඹන බව පවසයි.


එය "TRUTH Social" ලෙස නම්කර තිබේ.


ඔහු පවසන්නේ සුවිසල් තාක්ෂණික සමාගම් වල කුරිරුකම් වලට එරෙහිව නැගී සිටීම සඳහා එම සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය කරන බවය.


බොහෝ සමාජ මාධ්‍ය ජාල අමෙරිකාවේ විරුද්ධ මත යටපත් කිරීමට කටයුතු කරන බව ට්‍රම්ප් පැවසීය. 


කැපිටෝල් ගොඩනැගිල්ල පසුගිය ජනවාරි මාසයේදී ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විසින් බලෙන් ඇතුළුවීමෙන් අනතුරුව ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට ට්විටර් සහ ෆේස්බුක් ක්‍රියා කළේය.


ඊට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශකයින් පැවසුවේ ඔවුන් ද සමාජ මාධ්‍ය ජාලයක් නිර්මාණය කරන බවය.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...