Tuesday, 30 November 2021


ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ශ්‍රී ලාංකික කතක් නම් කර තිබේ.


මෙලෙස පිට පිට තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නම්කර ඇත්තේ ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු ෂෙමාරා වික්‍රමනායක මහත්මියයි.


ඔස්ට්‍රේලියානු මාධ්‍ය ඒ පිළිබඳව වාර්තාකර ඇත්තේ "The Australian Financial Review" සඟරාව උපුටා දක්වමිනි.


ඒ අනුව ඇය 2021 මෙන්ම 2019 සහ 2020 වසරවලදීත් එරට වැඩිම වැටුපක් ලැබූ විධායක නිලධාරියා බව සඳහන් වෙයි.


මැක්ක්වරී සමුහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ඇය ජුනි මාසයෙන් නිමවූ මාස 12 සඳහා ඩොලර් මිලියන 15.97ක් උපයා ඇතැයි වාර්තා වුණි. 


1962 දී එක්සත් රාජධානියේ උපත ලැබූ ෂෙමාරා වික්‍රමනායක මහත්මිය කුඩා කාලයේදී ශ්‍රී ලංකාවේ වාසය කර ඉන්පසු වයස අවුරුදු 13 දී සිය දෙමව්පියන් සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වි තිබේ.


ඇයගේ පියා ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකි.ෂෙමාරා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයෙන් වානිජවේදය හා නීතිය පිළිබද උසස් අධ්‍යාපනය ලබා තිබුණාය.


දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් (Omicron) නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැහැදිලි කිරීමක් කර තිබේ.


කොවිඩ් – 19 වසංගතය සමග වසර දෙකකට ආසන්න කාලයක් අප දැන් ගත කර තිබෙනවා. මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රබේධ නිර්මාණය වෙන බවත්, රෝගය බෝවීමේ අවදානම වැඩි පරිසර තත්ත්ව තුළ දී මෙවන් විකෘති නිර්මාණය වීමේ හැකියාව ද ඉහළ මට්ටමක පවතින බවත් අප හොඳින්ම දන්නා කරුණක්.


Variant Specific COVID-19 Vaccines Coming Soon — Precision Vaccinations


එක් ලෝකයක් ලෙස සමානාත්මතාවයට ගරු කරමින්, එන්නත් සහ අනෙකුත් රෝග නිවාරණ පහසුකම් බෙදා හදාගෙන මෙම වසංගතයට මුහුණ දීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනිකුත් විශේෂඥ ආයතන වරින් වර මතක් කිරීම් සිදුකළේ මේ නිසා යි. සියලු දෙනා ආරක්ෂා වන තුරු කිසිදු කෙනෙකු සම්පූර්ණයෙන් ආරක්ෂිත නොවන බව කීවේ ඒ නිසා යි.


අවාසනාවකට අඩු ආදායම්ලාභී රටවලට එන්නත් ලැබීමේදී සැලකිය යුතු ප්‍රමාදයක් දක්නට ලැබුන අතර මහද්වීපයක් ලෙස අප්‍රිකාව ලොව අඩුම එන්නත් ආවරණය සහිතව ඉතා අවදානම් තත්ත්වයක දිගින් දිගටම පසුවුණා. වරින් වර භයානක මට්ටමේ කොරෝනා රැළි ඇති කළ ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා විකෘති වෛරස් ප්‍රභේද අයත් වුණු, දැඩි ලෙස අවධානය යොමු කළ යුතු ( V.O.C.) කාණ්ඩයට, දකුණු අප්‍රිකාවෙන් නවතම සාමාජිකයෙක් එක් වන්නේ මෙවන් පසුබිමක් තුළ යි. ‘ඔමික්‍රොන්’ (B.1.1.529) ලෙස නම් කර ඇති ප්‍රභේදය මේ වනවිටත් ලෝකය පුරා දැඩි කතාබහට ලක්වෙමින් තිබෙනවා.


දකුණු අප්‍රිකාවේ සෑම පළාතකම පාහේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙම නව ප්‍රභේද හමු වීමට සමගාමීව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. නොවැම්බර් 9 වැනි දින ලබාගත් සාම්පලයක මුල්වරට මෙම කෝවිඩ් වෛරස ප්‍රභේදය දක්නට ලැබී ඇති අතර මේ වන විට එය ආසාදිත පුද්ගලයින් බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං, ඊශ්‍රායෙල් සහ එක්සත් රාජධානිය වැනි රටවලින් හමුවී ඇති බව තහවුරු කර තිබෙනවා.


ජර්මනිය සහ චෙක් ජනරජය ඕමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් පිරිසක් සම්බන්ධයෙන් තවදුරටත් ජාන විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන බවට වාර්ථාවෙනවා. දැනට දනගැනීමට ඇත්තේ ඔමික්‍රොන් ප්‍රබෙදය ඇතිවුයේ යැයි සැකකරන පලමු රෝගියා එන්නත ලබා නොගත්, දීර්ඝකාලීන ප්‍රතිශක්තීය අඩපණ කරන රොගයක් ඇති, ඒ සදහා ප්‍රතිකාරද ලබා නොගත් පුද්ගලයෙකු බවයි.


ඉතාම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව සහ වරක් කොවිඩ් ආසාදනයට ලක්වු පුද්ගලයන්ට හිමි විය හැකියි ස්වභාවික ප්‍රතිශක්තියට අභියෝග කරමින් යළි ආසාදනය වීමේ හැකියාව මෙම නව විකෘති වෛරස් ප්‍රභේදයට පවතින බව වාර්තා වුවත් භාවිතයේ පවතින එන්නත්වලට එය කෙසේ ප්‍රතිචාර දක්වයි ද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්වෙමින් තිබෙනවා. මෙහි ඇති ජාන විකෘතිතා සංඛ්‍යාව අනෙකුත් ප්‍රභේද සමග සංසන්දනය කරන විට ඉතා ඉහළ අගයක් ගැනීම සුළු කොට තැකිය නොහැකිය තත්ත්වයක් බව විශේෂඥයන්ගේ අදහසයි.


රටක් වශයෙන් කොරෝනා රැලි තුනකට මුහුණ දීමෙන් සහ සිග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රබේධය හමුවේ වුවත් සෞඛ්‍ය පද්ධතිය බිඳ නොවැටෙන පරිදි කළමනාකරණය කරගනිමින් අප ලබාගත් අත්දැකීම් මෙවන් අවස්ථාවක නැවත සිහිපත් කරගැනීම ඉතාම වැදගත්. කිනම් විකෘති ප්‍රබේධයක් වුවත් අප හොඳින්ම දන්නා පුද්ගල දුරස්ථභාවය, නිවසින් පිටතට යන හැම විටම නිවැරදිව මුහුණු ආවරණ භාවිතය, දෑත් නිතර පිරිසිදු කරගැනීම යන මූලික සෞඛ්‍ය පුරුදු මඟින් වළක්වාගත හැකි නිසා මේ අවස්ථාවේ ඒවා තදින්ම ක්‍රියාත්මක කිරීම අපේ යුතුකමක්.


ලෝකය පුරා පැතිරෙමින් පවතින බිහිසුණු ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු විවිධාකාර “අවධානය යොමු කළ යුතු ප්‍රභේද” වලට එරෙහිව එන්නත් වලින් ලැබෙන ආරක්ෂාව දිනෙන් දින තවදුරටත් පැහැදිළි වෙමින් පවතිනවා. එන්නත් ආවරණයෙන් ඉහළ සිටින රටවල වාර්තාවන රෝගයෙන් සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව එන්නත්කරණය ට පෙර කාල වලට වඩා පැහැදිලිවම අඩු අගයක් පෙන්වනවා.


පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් අතර කොවිඩ් නිසා රෝහල්ගතවීම් 84 % කින් අඩු බව වාර්තාවල දැක්වෙනවා.එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයේ ආරක්ෂාව ලබාගැනීමත්, අනතුරුව තුන්වන මාත්‍රාවක් සඳහා සුදුසුකම් ලබන්නේ නම් එය මඟින් තවත් වැඩි ආරක්ෂාවක් සළසා ගන්නටත් තවදුරටත් ඔබට හැකියාව තිබෙනවා.


සෙනඟ වැඩිපුර ගැවසෙන , වැසුනු / වාතාශ්‍රය අඩු, පුද්ගලයින් සමීපව ගැවසෙන ස්ථාන වල ගැවසීම කොවිඩ් ආසාදනය වීමේ ඉතා දැඩි අවධානමක් ඇති කරනවා. විශේෂයෙන්ම බොහෝ පිරිසක් එක අවස්ථාවක ආහාර ගන්නා වැසුණු අවකාශ තුළ සෙනග ගැවසෙන ආපන ශාලා හා විශේෂයෙන්ම විවාහ මංගල ආදී උත්සව අවස්ථාවල වෛරසය පැතිර යාමේ වේගය ඉතාමත්ම වැඩියි. මෙවැනි ස්ථාන හා අවස්ථාවන් හැකි උපරිමයෙන් මග හැරිය යුතු වෙනවා. නොඑසේ නම් ඒවායේ ගත කරන කාලය හැකිතාක් අඩු කළ යුතු වනවා. එළඹෙන උත්සව සමයේදී මෙය අප සියලු දෙනා සිහියේ තබාගතහොත් නැවතත් විශාල කොවිඩ් රැල්ලක් ඇති වීමේ ප්‍රවණතාවය අඩු කරගත හැකියි.


සෞඛ්‍ය උපදෙස්වලට එකාවන්ව අනුගත වෙමින් පෙර පරිදිම විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කිරීම හරහා රටක් ලෙස මෙම අභියෝගයත් ජයගැනීමට හැකිවනු ඇති බව අපේ විශ්වාසයයි.


Aruna News paper


හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර ඇති ඉල්ලීමක් පිළිබඳ අධිකරණ නියෝගය ජනවාරි මස 7 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය නියම කළාය.


ඒ, පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්, සදාකාලිකව ආබාධිතවූවන් හා තුවාල ලැබූවන් විසින් තමන්ට වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු 128 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස එලෙස ඉල්ලා තිබූ නියෝගයක් සම්බන්ධයෙනි.


මෝසමක් ගොනු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කියා සිටියේ මෙම නඩු සියල්ල සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව නඩු නිමිත්තක් නොමැතිව පවරා ඇති බවය.


මෙම නඩු ගොනු කළ අවස්ථාවේදී සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු නොකළ බවත් ඔහු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැන සිටියේය යන උපකල්පනය මත මෙම නඩු පැවරීම සිදුකර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.


මීට පෙර ද ත්‍රස්ත ප්‍රහාර රටතුළ සිදුව ඇති බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පවරන්නේ නම් මෙරට එල්ලවී ඇති සිය ගණනක් වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් තමාට පෙර බලයේ සිටි ජනපතිවරුන්ටත් නඩු පැවරිය යුතු බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අවධාරණය කර ඇත.


පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා අධිකරණයේ කරුණු දක්වමින් හිටපු ජනපතිවරයා වෙනුවෙන් කරනු ලබන ඉල්ලීම සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට පටහැනි බව කියා සිටියේය.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට කලින්ම තොරතුරු ලැබී තිබුණු බවට සාධාරණ හෙළිදරවුවීමක් ඇති බැවින් මෙම නඩු පැවරීම සිදු කළ බව කී ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


දෙපාර්ශවරයේ කරුණු සළකා බැලු දිසා අධිකරණය, අදාළ නඩු නිශ්ප්‍රභ කරනවාද? නැද්ද? යන නියෝගය ජනවාරි 07 දින ප්‍රකාශයට පත්කරන බව අතිරේක දිසා විනිසුරුවරිය නියෝග කළා.


මිහිපිට කිසිවෙකුත් හුදෙකලාව ජීවත් වීමට අකමැතිය. අප තුළ සතුට, ප්‍රීතිය, උද්දාමය බොහෝ විට රඳා පවතිනුයේ එම හැඟීම් තවකෙකු හෝ පිරිසක් සමඟ බෙදාගැනීම තුළය. ඔබ ගන්නා ආහාරයක් වුව රසවිඳිය හැක්කේ එය තනිව අනුභව කිරීමට වඩා සමූහයක් සමඟ අනුභව කිරීම තුළය. මිනිසා මිහිපිට බිහිවී ඇත්තේ තනිව ජීවත් වීමට නොව සමූහයක් තුළ ජීවත් වෙමින් ජීවිතය තුළ ඇති ආශ්වාදය විඳීමටය.


පාළුව, තනිකම හෙවත් හුදෙකලා බව යනුවෙන් සැබැවින්ම අදහස් වන්නේ කුමක්ද? බොහෝ මනෝ විද්‍යාඥයන්ගේ මතය අනුව ඔබට සිටින මිතුරන් සංඛ්‍යාව අනුව හෝ ඔබට සිටින නෑදෑයන් සංඛ්‍යාව අනුව පාළුව හෝ තනිකම මැන බැලිය නොහැක. පාළුව හෝ තනිකම ඔබට දැනෙන හැඟීමකි. එම හැඟීම තුළ ඔබව අසරණ වී දැනෙනවා මෙන්ම බොහෝ පිරිසක් ඔබ වටේ සිටියත් ඔබේ ජීවිතයේ තනිකම හෝ හිස් බව මකා දැමිය නොහැකි බවද ඔබට දැනේ. මෑතකදී කරන ලද සමීක්ෂණයකින් පෙනීගොස් ඇත්තේ අවුරුදු 45ට වැඩි අමෙරිකානු ජනගහණයෙන් මිලියන 42ක් දරුණු කල්පවතින හුදෙකලා බවින් (Chronic loneliness) පෙළෙන බවය. තවත් බොහෝ සමීක්ෂණවලින් පෙනීගොස් ඇත්තේ දරුණු හුදෙකලා බව නිසා සෞඛ්‍යයට ඇතිවන හානිය අධික ලෙස දුම්පානය කරන්නකුගේ සෞඛ්‍යයට ඇතිවන හානිය හා සමාන බවය. නමුත් මෙහි ඇති වෙනස නම් දුම්බීම නිසා ඇතිවන හානිය ගැන අපි හොඳින් දැනුවත් වන අතර හුදෙකලා බව නිසා ඔබට වන හානිය ගැන නිසි අවබෝධයක් නැති බවය.


යම්කිසි පුද්ගලයකු දිගටම හුදෙකලා බවින් පෙළීම නිසා ඔහු හෝ ඇය නොදැනුවත්වම ප්‍රධාන මානසික රෝග තුනකට ගොදුරැ විය හැකි බව සමීක්ෂණවලින් පෙනීගොස් ඇත. එම රෝගී තත්ත්වයන් නම් මානසික අවපීඩනය (Mental depression), සමාජ භීතිකාව (Social anxiety disorder) සහ මත්පැනට ඇබ්බැහි වීම (Addiction) වේ.


හුදෙකලා බව සහ මානසික අවපීඩනය


අමෙරිකාවේ චිකාගෝ සරසවියේ කරන ලද සමීක්ෂණයකින් පෙනීගොස් ඇත්තේ අවුරුදු 5කට වඩා හුදෙකලා බවින් පෙළෙන පුද්ගලයකු මානසික අවපීඩනයට ගොදුරු වීමට තිබෙන හැකියාව ඉතා වැඩි බවය. මානසික අවපීඩනය යනු ප්‍රබල මානසික රෝගී තත්ත්වයකි. ජීවිතය එපාවීම, කලකිරීම, කිසිම දෙයකින් සතුටු නොවීම, ජීවිතය නැතිකර ගැනීමේ සිතුවිලි ඇතිවීම යනාදී ලක්ෂණ සමඟ ඇතිවන මානසික රෝගී තත්ත්වයකි. මෙය අපි රේණුකාගේ කතාවෙන් තේරුම් ගනිමු.


රේණුකාගේ වයස අවුරුදු 50 යි. ඇගේ සැමියා බැංකුවක විධායක නිලධාරිනියකි. ඇයට සිටියේ එකම දියණියකි. මෙම දියණිය වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වී දැන් වසර තුනක් ගෙවී ගොස්ය. රේණුකාගේ සැමියා ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කළේය. ඇයගේ සිතුම් පැතුම් බොහෝ විට බෙදාගනු ලැබුවේ තම දියණිය සමඟය. දියණිය විදෙස්ගත වීමත් සමඟ ඇය තදින්ම පාළුවට හා හුදෙකලාවට ගොදුරු විය. ඇගේ තනිකම ගැන ඇය මෙසේ පැවසුවාය.


“මගේ සැමියා හරිම කාර්යබහුලයි. වැඩ අවසන් වී ගෙදර පැමිණි විටත් වැඩිපුර ඉන්නෙ රූපවාහිනිය ළඟ. ඉස්සර නම් මගේ සිතුවිලි, වේදනාවන්, සතුට, මේ සියල්ල බෙදාගත්තෙ දුවත් එක්ක. ඒත් ඉතින් මම හිත හදාගෙන සියලුම දේ දරාගෙන අවුරුදු 2ක්ම හිටියා. දැන් නම් මට මගෙ දුක දරාගන්න බැහැ. රෑට නින්ද යන්නෙත් නෑ. ඇඟට පණ නෑ. ඉස්සර ආශාවෙන් කරපු දේවල් දැන් කරන්න හිතෙන්නෙ නෑ. ජීවිතෙත් එපාවෙලා. දැන් නම් මට හිතෙන්නෙ තනිකමට එහා ගියපු ලොකු පීඩනයකින් මම පෙළෙනවා කියලා.”


මෙහි එන රේණුකා, දියණිය විදෙස්ගත වීමත් සමඟ පාළුව හා හුදෙකලාවට ගොදුරු වී පසුව මානසික අවපීඩනය නැමැති රෝගී තත්ත්වයෙන් පෙළෙන බව පෙනී යයි.


හුදෙකලා බව සහ සමාජ භීතිකාව


හුදෙකලාව සහ සමාජ භීතිකාව අතර ඇත්තේද කිට්ටු සම්බන්ධතාවයකි. සමාජ භීතිකාව යනු සියලුම ආතතික රෝගයන්ගෙන් බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි. මොවුන්ට සමාජයේ ඇසුරු කිරීමට හෝ අලුතෙන් සම්බන්ධතා ගොඩනගාගැනීමට ඇත්තේ මහත් භීතියකි. ඔවුන් සිතනුයේ අනෙක් අය තමාගේ යම් අඩුපාඩුවක් දකී යැයි, තමාව විනිශ්චයට ලක්වේ යැයි යනාදී වශයෙනි. මේ භීතිය නිසාම ඔවුන් ක්‍රමක්‍රමයෙන් හුදෙකලා බවට පත් වේ. මෙම හුදෙකලාව තුළ ඔවුන්ගෙන් මිතුරන් මෙන්ම සමාජයද ඈත් වී යයි. මෙසේ හුදෙකලාවට ගොදුරු වුණු අයගෙන් කොටසක් නොදැනුවත්වම මානසික අවපීඩනයට ගොදුරු වී ජීවිතය කලකිරීමටද පුළුවන.


හුදෙකලා බව සහ මත්පැනට ඇබ්බැහි වීම


හුදෙකලා බවින් පීඩා විඳින්නන් එසේ නොවන අයට වඩා පහසුවෙන් මත්ද්‍රව්‍ය හෝ මත්පැන්වලට ඇබ්බැහි වී ඇතිබව සමීක්ෂණවලින් පෙනීගොස් ඇත. එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු ක්‍රමක්‍රමයෙන් හුදෙකලා බවට ගොදුරු වන බවද සොයාගෙන ඇත. පහත සඳහන් හැඟීම්වලට ගොදුරු වී ඇති අය පහසුවෙන් මත්ද්‍රව්‍ය හෝ මත්පැනට ගොදුරු විය හැක. මේ හැඟීම් මොනවාදැයි බලමු.


මම සමාජය තුළ තනි වී ඇතැයි යන හැඟීම, මම කිසිවකුටත් අවශ්‍ය පුද්ගලයකු නොවේ යැයි යන හැඟීම, කිසිවකු මාව තේරුම් නොගනී යන හැඟීම, කිසිම බලාපොරොත්තුවක් නැතැයි යන හැඟීම, අනෙක් අය මාව අතහැර දමා ඇතැයි යන හැඟීම, මට කවුරුවත් ආදරේ නැතැයි යන හැඟීම.


හුදෙකලා බව සහ හෘදයාබාධ


යුරෝපීය හෘදයාබාධ සංගමය 2018දී පවත්වනු ලැබූ වාර්ෂික සම්මේලනයේදී ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තාවකින් පෙන්වා දී ඇත්තේ හුදෙකලා බවින් පෙළෙන පුද්ගලයන් හෘදයාබාධයකට ගොදුරු වීමට ඇති හැකියාව සාමාන්‍ය පුද්ගලයකුට වඩා දෙගුණයකින් වැඩි බවය. මෙම සමීක්ෂණයට රෝගීන් 13463ක් සහභාගි කරගෙන ඇත.


හුදෙකලා බවින් අපිට ගැලවිය හැකිද?


හුදෙකලාවෙන් හෝ තනිකමින් ඔබ ගලවාගැනීමට නොයෙකුත් ක්‍රම සහ විධි මනෝ විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත. මින් ක්‍රමවේද කිහිපයක් අපි සලකා බලමු.

1. හුදෙකලා බව ඔබගේ මනසට සහ ශරීරයට හානිකර බව අවබෝධ කර ගැනීම.


දිනකට සිගරැට් 15ක් බොන පුද්ගලයකුට වන හානියට සමාන හානියක් ඇතිවන බව අවබෝධ කර ගැනීම. අමතක වීමේ රෝගය හෙවත් ඩිමෙන්ෂියාව ඇතිවීමේ ප්‍රවණතාවය 64% කි. මීට අමතරව අප දැනටමත් දන්නා ආකාරයට හෘදයාබාධ, අංශභාගය, අධික රුධිර පීඩනය වැනි රෝගවලට පෙළඹවීම හැකියාව වැඩිය.


2. ඔබගේ තනිකම හෝ පාළුවට නිශ්චිතම හේතුව නිසි ලෙස සොයාගැනීම.


සමහර විට ඔබ තම සමීප මිතුරන්ගෙන් හෝ නෑදෑයන්ගෙන් ඈත්වීම හෝ හුදෙකලා වීම විය හැකිය. එසේත් නොමැති නම් තමාටම ආවේණික ආකල්ප හෝ සිතුවිලි නිසා ඔබ තුළට ඔබව හුදෙකලා වීමට පුළුවන. ඔබේ තනිකමට හෝ පාළුවට හේතුව සොයාගැනීමට අපහසු නම් මනෝ චිකිත්සක උපදේශනයට සහභාගි වී උදව් ලබාගැනීමට පුළුවන.


3. සමාජ සම්බන්ධතාවයන් වැඩිදියුණු කර ගැනීම.


ඔබ පවුල, නෑදෑ හිතමිතුරන් සමඟ සම්බන්ධතාවයන් වැඩිදියුණු කරගන්නා තරමට පාළුව හා හුදෙකලා බව නැති වේ. ඔබගෙන් ඈත්වී ගිය හොඳ මිතුරන්, නෑදෑයන් එකතු කරගන්න.


4. අප සිතන අයුරු වෙනස් කර ගැනීම.


අපගේ බොහෝ සිතුවිලි ඍණාත්මකය. ඒවා තුළ බොහෝ විට පිරී ඇත්තේ ඉරිසියාව, ආත්මාර්ථය, විවේචනය, කුහකකම, දුෂ්ඨකම වැනි දෑය. මේ සිතුවිලි අප ආදරය කරන බොහෝ දෙනා අපගෙන් ඈත් කර තබයි. බොහෝ සමීක්ෂණවලින් පෙන්වා දී ඇත්තේ ඍණාත්මක සිතුවිලි අවම කරගෙන ධනාත්මක ලෙස ජීවිතය දෙස බැලීමට පුරුදු කර ගැනීමෙන් හුදෙකලාව හෝ තනිකම අවම කරගත හැකි බවය.


හුදෙකලා බව හෙවත් තනිකම ඔබ මානසිකව සහ ශාරීරිකව ලෙඩවීමට ප්‍රබල සාධකයකි. නිරෝගී ජීවිතයකට ඇතුළු වීමට දෙවරක් ඔබේ සිතුවිලි දෙස හැරී බලන්න.


► ෙෙවද්‍ය නයනානන්ද කුමාරනායක 

Monday, 29 November 2021


'ඔමික්‍රෝන්' කොරෝනා වයිරසය හේතුවෙන් මුළු ලොවම භීතියට පත්වෙද්දී, ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර ඇත. මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘතිය බිහිවූයේ 'කොවිඩ් 19' වසංගතය අවසන් කිරීමට බවය.


''වයිරසයකට ඇත්තේ එක අරමුණයි. ඒ, නොනැසී පැවැත්ම රඳවා ගනිමින්, පිටපත් වැඩි වැඩියෙන් නිර්මාණයයි. එසේ කිරීමට නම් එය වැඩි දෙනකු අතරේ පැතිරෙන්න ඕනෑ. වයිරසය ආසාදනය වූ තැනැත්තා වයිරසයෙන් මියගියොත් හෝ ප්‍රතිශක්තියෙන් (ස්වභාවිකව හෝ එන්නත් සහ ඖෂධ මගින් හෝ) වයිරසය අඩපණ කෙරුණොත් වයිරසයට සිය අරමුණ ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. වයිරස දරු පරම්පරා විකෘතිකරණයට ලක් වෙන්නේ එසේත් නැතිනම් එය මාතෘ වයිරසයෙන් වෙනස්වීම්වලට ලක් වන්නේ ඒ නිසයි. ඔමික්‍රෝන් ගැන තවම හරිහැටි විස්තර දන්නේ නැහැ. ඒත් දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ට අනුව, බෝ වීම ඉතාමත් වැඩි වුණත්, ඔමික්‍රෝන් බරපතල රෝගී තත්ත්ව පෙන්නුම් කර නැහැ. කොවිඩ් 19 මාතෘ වයිරසය ඔමික්‍රෝන් ලෙස වෙනස් වුණේ වයිරසයේ පැවැත්ම රඳවා ගෙන, එය ආසාදනය වෙන මනුෂ්‍ය අපේත් ජීවිත රැක ගැනීමට වෙන්න පුළුවන්. කොවිඩ් 19 වසංගතයේ පවා අවසානයක් තිබිය යුතුයි. කොවිඩ් 19 වසංගතයට අවසානයක් තිබිය යුතුයි. අවසානය වෙන්න නම් එක්කෝ වයිරසය ලොවෙන් තුරන් විය යුතුයි. නැතිනම් එය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් දක්වා ප්‍රබලත්වය අඩු විය යුතුයි. මා හිතන්නේ ඔමික්‍රෝන් කියන්නේ එසේ වෙනස් වුණු විකෘතියයි. කොරෝනා වසංගතයේ අවසානය මෙය විය හැකියි.'' යැයි මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් සිය අදහස ඉදිරිපත් කර තිබේ.


මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් මෙසේ සිය අදහස ලොවට පවසද්දී, බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ ද වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් එම අදහසට සහාය දක්වමින් පවසා ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මකව ලුටර්බාෂ්ගේ අදහස පිළිගත හැකි බවය. කෙසේ නමුත් තවමත් ඔමික්‍රෝන් වයිරසයේ සැබෑ ස්වරූපය නොදන්නා බැවින්, මහාචාර්ය ලුටර්බාෂ්ගේ අදහස පිළිගැනීමට හෝ බැහැර කිරීමට හෝ නොහැකි බව ද ඔවුහු පවසති.


(ඩේලිමේල්)


අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත පස් වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී  වන ලෙස  හිටපු අග්‍රාමාත්‍ය  සහ එක්සත් ජාතික පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ තිබෙි.


ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයා  දෙසැම්බර් 05 වැනිදා සමුළුව ඇමතීමට නියමිතය.


''පරිසරය,ආර්ථිකය,වසංගතය ''යන තේමාවෙන් පැවැත්වෙන මෙවර සමුළුව දෙසැම්බර් 3 වැනිදා සිට 5 වැනිදා දක්වා අබුඩාබි නුවරදී පැවැත්වෙයි.


ඉන්දියන් සාගර කලාපයේ  දේශගුණික විපර්යාස වල වර්ධනය සමඟ මතුවන තර්ජනයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී සාකච්ජා කෙරේ .


රනිල් වික්‍රමසිංහ මහතා  ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර 2016 සිට 2019 දක්වා ඔහු එම ධුරය හෙබවීය.



(අංජුල මහික වීරරත්න) ලංකාදීප



රටින් අඩක් අඳුරට යැවූ හේතුව අධිබල රැහැන් පද්ධතියක බිඳවැටීමක්!


කොත්මලේ බියගම අතර කිලෝ වොට් දෙලක්ෂ විසි දහසක අධි බල විදුලි රැහැනක් බිඳ වැටීම මේ වනවිටට රටින් අඩක් අඳුරට යැවූ හේතුව බව විදුලිබල මණ්ඩලය පවසයි.


මෙම බිඳවැටීම සිදුව ඇත්තේ කොත්මලේ බලාගාරයෙ සිට යන විදුලි රැහැන් පද්ධතියකය. ඒ හේතුවෙන් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, පළාත්වල ප්‍රදේශ රැසක විදුලිය අක්‍රීයව ඇත.


අකුරට වැඩ පළමු අදියරේ  සිටින බැවින් තත්වය යථාවත් කිරීමට මැදිහත් වන බවත්  අදාල විදුලි සැපයුම් යථාවත් කිරීමට මේ වනවිට මැදිහත්ව ඇති බවත් විදුලි ඉංජිනේරුවරු පවසති.



නව කොවිඩ් ප්‍රභේදයේ හඳුනා ගැනිමත් සමඟ ජපානය විසින් විදෙස් සංචාරකයින්ට තහනමක් පැනවීමට තීරණය කර ඇත.


ඒ අනුව හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රටවල සිට පැමිණෙන සංචාරකයින්ට ජපානයට ඇතුල්වීමට අවසර නොදෙන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සඳහන් කරයි.


දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනා ගැනුණු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සමග ජපානයේ ගැටළුකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගනු ලබන බව පෙන්වා දුන් ජපාන අග්‍රාමාත්‍යවරයා නව ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්නා තුරු මුව ආවරණ පැළඳීම සහ අනෙකුත් මූලික සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යමින් සිය දෛනික කටයුතු ආරක්ෂාකරිව සිදුකර ගන්නා ලෙස එරට ජනතාවගෙන් ඉල්ලා සිටියේය.



ලොවම බිය ගන්වමින් ඇහෙන කතාව..!

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ යුරෝපයේ භීතිය තවත් තීව්‍ර කරමින් බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඉතාලිය, ඔස්ට්‍රියාව, චෙක් ජනරජය හා නෙදර්ලන්තයෙන්ද එම ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් හඳුනාගෙන තිබේ.


දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වැඩිම විකෘතිතා ගණනකට ලක්වූ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වනවිට අප්‍රිකානු මහද්වීපයෙන් නොනැවතී යුරෝපා හා ඔස්ට්‍රේලියා මහද්වීප දක්වා රටවල් 10ක පැතිර ගොස් තිබේ.


දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, හොංකොං, ඊශ්‍රායලය, බෙල්ජියම යන රටවලට අමතරව බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉතාලිය හා ඔස්ට්‍රේලියාව එම ලැයිස්තුවට අලුතින්ම එක්වූ රටවල් හතරය.


දකුණු අප්‍රිකාවේ සිට ගුවන්යානා දෙකකින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණි පුද්ගලයින් 13 දෙනෙකුගෙන් ද ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හඳුනාගෙන තිබුණි.


අද පස්වරුවේ විදෙස් මාධ්‍ය මේ බව තහවුරු කළ අතර මෙතෙක් යුරෝපීය රටකදී එකවර හඳුනාගත් වැඩිම ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාවද මෙය වෙයි.


එමෙන්ම පළමුවරට ඔස්ට්‍රේලියාවෙන්ද ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනාගැනුණු අතර එම ආසාදිතයන් දෙදෙනාම පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටි අය වීම විශේෂත්වයකි.


මේ අතරවාරයේ ලෝක සෞඛ්‍ය සංවිධානය අග්නිදිග ආසියානු රටවලට අනතුරු අඟවමින් ප්‍රකාශ කර ඇත්තේ කිසි ලෙසක හෝ ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් බැහැර නොවිය යුතු බවය.


විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ පසුගිය නොවැම්බර් 11 වනදා සිට නොවැම්බර් 26 වනදා දක්වා අතර කාලය තුළ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හා ජොහැන්නස්බර්ග්හි සිට මගී ගුවන් යානා 48ක් ලන්ඩන්හි හීතෘ ගුවන්තොටුපොළට පැමිණ ඇති බවය.


එක් ගුවන් යානයක අවම වශයෙන් මගීන් 300 දෙනෙකුවත් ප්‍රවාහනය කර ඇතැයි යන උපකල්පනය මත එම කාලය තුළ පුද්ගලයින් අවම වශයෙන් 14,400ක් පමණ දකුණු අප්‍රිකාවේ සිට බ්‍රිතාන්‍යය වෙත පැමිණ ඇතැයි අනාවරණ වීම යුරෝපයේ ඔමික්‍රොන් භීතිය තවදුරටත් තීව්‍ර කිරීමට හේතුවී තිබේ.


ජර්මනියෙන් හඳුනාගත් ආසාදිතයින් දෙදෙනාද දකුණු අප්‍රිකාවේ සංචාරය කර පැමිණි පුද්ගලයින් වෙයි.


ඉතාලියෙන් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයා අප්‍රිකානු මහද්වීපයට අයත් මොසැම්බික් රාජ්‍යයේ සංචාරය කර පැමිණි අයෙකි.


ඔමික්‍රෝන් ආසාදිතයෙකු වාර්තා වූ පළමු යුරෝපා රට වූ බෙල්ජියමෙන් හඳුනාගත් ආසාදිතයා මෑතකදී ඊජිප්තුවේ සහ තුර්කියේ සංචාරය කර ඇති බව වාර්තාවී ඇත.


චෙක් ජනරජයේද පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හඳුනාගෙන තිබෙන අතර ආසාදිත කාන්තාව නැමීබියාවේ සිට දකුණු අප්‍රිකාව සහ ඩුබායි හරහා එරටට පැමිණ ඇති බව බලධාරීන් තහවුරු කර තිබේ.


ඔස්ට්‍රියාවෙන්ද ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයෙක් හඳුනාගත් බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය.


පවතින තත්ත්වය හමුවේ සියලු විදේශිකයන්ට රටට ඇතුළුවීම දින 14ක කාලයකට තහනම් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති අතර නව ප්‍රභේදය හමුවේ සමස්ත දේශසීමා වසා දැමූ පළමු රට වන්නේ ඊශ්‍රායලයයි.


දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, මොසැම්බික් ඇතුළු අප්‍රිකානු රටවල් 7ක් සඳහා සංචාරක තහනමක් පැනවීමට මාලදිවයිනද අද පියවර ගත්තේය.


ඔමික්‍රෝන් ප්‍රභේදය දැනට ලොව නිෂ්පාදනය කර ඇති කොවිඩ් මර්දන එන්නත්වලට ප්‍රතිරෝධය දක්වන බව විශේෂඥයින් අනාවරණය කරමින් සිටී.


අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඑන්ටෙක් සමාගම් පවසන්නේ නව ප්‍රභේදය එන්නත මගින් ලබාදුන් ප්‍රතිශක්තිය අබිබවා යන්නේ නම් දින 100ක් තුළ ඊට ඔරොත්තු දිය හැකි නව එන්නතක් නිපදවිය හැකි බවය.

Sunday, 28 November 2021


ගුවන්තොටුපොළ හරහා රට තුළට කොවිඩ් වෛරසය ඇතුළුවීමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මේ සඳහා කඩිනමින් අවධානය යොමු කර නිසි වැඩපිළිවෙළක් සකස් කළයුතු බවය.


"කොවිඩ් -19 ආසාදිතයින් දෛනිකව ලංකාවේ වැඩිවෙමින් පවතිනවා. ඒ වගේම මරණත් යම් තරමකට වැඩිවෙමින් තියෙනවා. රට තුළ අපට පෙනෙන්න තිබෙනවා සෞඛ්‍ය උපදෙස් නොතකමින් බොහෝ පිරිස් කටයුතු කරන අයුරු. ඒ අතර තමයි දකුණු අප්‍රිකාව ආශ්‍රිතවත් මේ වෙනකොට රටවල් 5කත් නව ප්‍රභේදයක් වාර්තා වෙන්නේ. මේ ප්‍රභේදය පිළිබඳ බරපතළ ගණයේ අනතුරු ඇඟවීම් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙද්දි කරලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ගුවන්තොටුපොළේ තත්ත්වය ඉතාමත්ම කණගාටු දායකයි. ගුවන්තොටුපොළ ඇතුළත සෞඛ්‍ය අංශ දැනට කොවිඩ් -19 අවේක්ෂණ පද්ධතිය පවත්වාගෙන යාම සඳහා කටයුතු කළත් ඒ කටයුතු කරන්නේ නොසලකා හැරීම් මැද. මේ වෙද්දි ගුවන්තොටුපොළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, ඒවාගේම රේගු දෙපාර්තමේන්තුව මෙවැනි ආයතන රැසක් පසුකර ගෙන අවසානයේ විදේශිකයෝ සහ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයෝ සෞඛ්‍ය අංශ වෙත පැමිණෙන්නේ. ඔවුන් භාණ්ඩ මිලදී ගෙන සියලුම ස්ථානවලට නිරාවරණය වෙලා තමයි සෞඛ්‍ය අංශවලට එන්නේ. ඒ නිසා අනෙකුත් කාර්යමණ්ඩල දැඩි අවදානමකට යොමුවෙලා තියෙනවා. ඒ වාගේම ගුවන්තොටුපොළේ පවතින ලිහිල් පද්ධතිය නිසා මගීන්ට යම් විදිහකින් සෞඛ්‍ය අංශ මඟහැර යාමේ අවදානමක් තිබෙනවා."


කොවිඩ් - 19 වසංගතය සමග වසර දෙකකට ආසන්න කාලයක් අප දැන් ගත කර තිබෙනවා. මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රබේධ නිර්මාණය වෙන බවත්, රෝගය බෝවීමේ අවදානම වැඩි පරිසර තත්ත්ව තුළ දී මෙවන් විකෘති නිර්මාණය වීමේ හැකියාව ද ඉහළ මට්ටමක පවතින බවත් අප හොඳින්ම දන්නා කරුණක්. එක් ලෝකයක් ලෙස සමානාත්මතාවයට ගරු කරමින්, එන්නත් සහ අනෙකුත් රෝග නිවාරණ පහසුකම් බෙදා හදාගෙන මෙම වසංගතයට මුහුණ දීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනිකුත් විශේෂඥ ආයතන වරින් වර මතක් කිරීම් සිදුකළේ මේ නිසා යි. සියලු දෙනා ආරක්ෂා වන තුරු කිසිදු කෙනෙකු සම්පූර්ණයෙන් ආරක්ෂිත නොවන බව කීවේ ඒ නිසා යි.


අවාසනාවකට අඩු ආදායම්ලාභී රටවලට එන්නත් ලැබීමේදී සැලකිය යුතු ප්‍රමාදයක් දක්නට ලැබුන අතර මහද්වීපයක් ලෙස අප්‍රිකාව ලොව අඩුම එන්නත් ආවරණය සහිතව ඉතා අවදානම් තත්ත්වයක දිගින් දිගටම පසුවුණා. වරින් වර භයානක මට්ටමේ කොරෝනා රැළි ඇති කළ ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා විකෘති වෛරස් ප්‍රභේද අයත් වුණු, දැඩි ලෙස අවධානය යොමු කළ යුතු ( V.O.C.) කාණ්ඩයට, දකුණු අප්‍රිකාවෙන් නවතම සාමාජිකයෙක් එක් වන්නේ මෙවන් පසුබිමක් තුළ යි. 'ඔමික්‍රොන්' (B.1.1.529) ලෙස නම් කර ඇති ප්‍රභේදය මේ වනවිටත් ලෝකය පුරා දැඩි කතාබහට ලක්වෙමින් තිබෙනවා.


දකුණු අප්‍රිකාවේ සෑම පළාතකම පාහේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙම නව ප්‍රභේද හමු වීමට සමගාමීව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. නොවැම්බර් 9 වැනි දින ලබාගත් සාම්පලයක මුල්වරට මෙම කෝවිඩ් වෛරස ප්‍රභේදය දක්නට ලැබී ඇති අතර මේ වන විට එය ආසාදිත පුද්ගලයින් බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං, ඊශ්‍රායෙල් සහ එක්සත් රාජධානිය වැනි රටවලින් හමුවී ඇති බව තහවුරු කර තිබෙනවා. ජර්මනිය සහ චෙක් ජනරජය ඕමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් පිරිසක් සම්බන්ධයෙන් තවදුරටත් ජාන විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන බවට වාර්ථාවෙනවා. දැනට දනගැනීමට ඇත්තේ ඔමික්‍රොන් ප්‍රබෙදය ඇතිවුයේ යැයි සැකකරන පලමු රොගියා එන්නත ලබා නොගත්, දීර්ඝකාලීන  ප්‍රතිශක්තීය අඩපණ කරන රොගයක් ඇති, ඒ සදහා ප්‍රතිකාරද ලබා නොගත්   පුද්ගලයෙකු බවයි.


ඉතාම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව සහ වරක් කොවිඩ් ආසාදනයට ලක්වු පුද්ගලයන්ට හිමි විය හැකියි ස්වභාවික ප්‍රතිශක්තියට අභියෝග කරමින් යළි ආසාදනය වීමේ හැකියාව මෙම නව විකෘති වෛරස් ප්‍රභේදයට පවතින බව වාර්තා වුවත් භාවිතයේ පවතින එන්නත්වලට  එය කෙසේ ප්‍රතිචාර දක්වයි ද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්වෙමින් තිබෙනවා. මෙහි ඇති ජාන විකෘතිතා සංඛ්‍යාව අනෙකුත් ප්‍රභේද සමග සංසන්දනය කරන විට ඉතා ඉහළ අගයක් ගැනීම සුළු කොට තැකිය නොහැකිය තත්ත්වයක් බව විශේෂඥයන්ගේ අදහසයි.


රටක්  වශයෙන්  කොරෝනා රැලි තුනකට මුහුණ දීමෙන් සහ සිග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රබේධය හමුවේ වුවත් සෞඛ්‍ය පද්ධතිය බිඳ නොවැටෙන පරිදි කළමනාකරණය කරගනිමින් අප ලබාගත් අත්දැකීම් මෙවන් අවස්ථාවක නැවත සිහිපත් කරගැනීම ඉතාම වැදගත්. කිනම් විකෘති ප්‍රබේධයක් වුවත් අප හොඳින්ම දන්නා පුද්ගල දුරස්ථභාවය, නිවසින් පිටතට යන හැම විටම නිවැරදිව මුහුණු ආවරණ භාවිතය, දෑත් නිතර පිරිසිදු කරගැනීම යන මූලික සෞඛ්‍ය පුරුදු මඟින් වළක්වාගත හැකි නිසා මේ අවස්ථාවේ ඒවා තදින්ම ක්‍රියාත්මක කිරීම අපේ යුතුකමක්. 


ලෝකය පුරා පැතිරෙමින් පවතින බිහිසුණු ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු විවිධාකාර "අවධානය යොමු කළ යුතු ප්‍රභේද" වලට එරෙහිව එන්නත් වලින් ලැබෙන ආරක්ෂාව දිනෙන් දින තවදුරටත් පැහැදිළි වෙමින් පවතිනවා. එන්නත් ආවරණයෙන් ඉහළ සිටින රටවල වාර්තාවන රෝගයෙන් සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව එන්නත්කරණය ට පෙර කාල වලට වඩා පැහැදිලිවම අඩු අගයක් පෙන්වනවා. 

පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් අතර කොවිඩ් නිසා රෝහල්ගතවීම් 84 % කින් අඩු බව වාර්තාවල දැක්වෙනවා.

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයේ ආරක්ෂාව ලබාගැනීමත්, අනතුරුව තුන්වන මාත්‍රාවක් සඳහා සුදුසුකම් ලබන්නේ නම් එය මඟින් තවත් වැඩි ආරක්ෂාවක් සළසා ගන්නටත් තවදුරටත් ඔබට හැකියාව තිබෙනවා.


සෙනඟ වැඩිපුර ගැවසෙන , වැසුනු / වාතාශ්‍රය අඩු,  පුද්ගලයින් සමීපව ගැවසෙන ස්ථාන වල ගැවසීම කොවිඩ් ආසාදනය වීමේ ඉතා දැඩි අවධානමක් ඇති කරනවා. විශේෂයෙන්ම බොහෝ පිරිසක් එක අවස්ථාවක ආහාර ගන්නා වැසුණු අවකාශ තුළ සෙනග ගැවසෙන ආපන ශාලා හා විශේෂයෙන්ම විවාහ මංගල ආදී උත්සව අවස්ථාවල වෛරසය පැතිර යාමේ වේගය ඉතාමත්ම වැඩියි. මෙවැනි ස්ථාන හා අවස්ථාවන් හැකි උපරිමයෙන් මග හැරිය යුතු වෙනවා. නොඑසේ නම් ඒවායේ ගත කරන කාලය හැකිතාක් අඩු කළ යුතු වනවා. එළඹෙන උත්සව සමයේදී මෙය අප සියලු දෙනා සිහියේ තබාගතහොත් නැවතත් විශාල කොවිඩ් රැල්ලක් ඇති වීමේ ප්‍රවණතාවය අඩු කරගත හැකියි. 


සෞඛ්‍ය උපදෙස්වලට එකාවන්ව අනුගත වෙමින් පෙර පරිදිම විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කිරීම හරහා රටක් ලෙස මෙම අභියෝගයත් ජයගැනීමට හැකිවනු ඇති බව අපේ විශ්වාසයය.


සෞඛ්‍ය අධ්‍යාපන කාර්‍යාංශයේ පණිවිඩයකි.


මේ වනවිට දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති කොරෝනා විකෘති ප්‍රභේදය "අවදානම් සහගත" බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.


එම ප්‍රභේදය ට ඔමික්‍රෝන් යන නම ඔවුන් විසින් තබා තිබේ.


ඉහළ විකෘතිතා සහිත දරුණුතම කොවිඩ් ප්‍රභේදයක් ලෙස හඳුනාගත් මෙම කොවිඩ් ප්‍රභේදය පසුගිය 24 වනදා ප්‍රථම වරට දකුණු අප්‍රිකාවෙන් වාර්තා විය.


මේ වන විට බෙල්ජියම, හොංකොං, බොට්ස්වානා යන රටවලින් ද මෙම වෛරසය ආසාදනය වූවන් සොයාගෙන ඇති බව වාර්තා වේ.


B.1.1.529 යනුවෙන් ද හැඳින්වෙන මෙම ප්‍රභේදය අවධානයෙන් සිටිය යුතු ප්‍රභේදයක් ලෙසද එම සංවිධානය වර්ගීකරණය කළේය.


ඔවුන් පෙන්වා දෙන්නේ එය විකෘතිතා රැසකින් සමන්විත අතර නැවත නැවතත් වැළඳීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවය.


මේ නව කොවිඩ් ප්‍රභේදය මෙතෙක් සොයාගෙන ඇති වඩාත්ම විකෘති වූ ප්‍රභේදය ලෙස නම් කර ඇත.


මෙහි පැතිරීම ආරම්භ වී තවමත් වැඩි කලක් ගෙවී නැති අතර, බොට්ස්වානා, බෙල්ජියම, ඊශ්‍රායලය සහ හොංකොංවලින්ද ආසාදිතයන් වාර්තා වී තිබේ.


ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ නව ප්‍රභේදයේ බලපෑම තේරුම් ගැනීමට සති කිහිපයක් ගතවනු ඇති බවය.


කෙසේ වෙතත් මෙම ප්‍රභේදයේ දැක්වෙන විකෘතිතා නිසා එය එන්නත්වලට ප්‍රතිරෝධය දැක්වීමේ ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇත.


මේ අතර ලබන සඳුදා සිට බල පැවැත්වෙන පරිදි අප්‍රිකා මහද්වීපයේ රටවල් 08 ක සිට පැමිණෙන ගුවන් යානා අත්හිටුවීමට අමෙරිකාව තීරණය කර තිබේ.


දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, නැමීබියාව, ලෙසෝතෝ, එස්වාටිනි, මොසැම්බික් සහ මලාවි යන රටවල් සඳහා මෙම නියෝගය බලාත්මකයි.


ජනාධිපති ජෝ බයිඩ්න් නිකුත් කළ නිවේදනයට අනුව අනිද්දායින් පසු මෙම රටවල සිට අමෙරිකාවට පැමිණීමට හැකි වනුයේ අමෙරිකානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට පමණය.


මේ අතර යුරෝපා සහ ආසියානු රටවල් රැසක් මේ වනවිට අප්‍රිකානු රටවල් ගණනාවක සිට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවා ඇත්තේ මෙම වෛරස් ප්‍රභේදය තම රටවල් වෙත ඇතුලුවීම වළක්වා ගැනීම වෙනුවෙනි.


සිංගප්පූරුව, ජපානය, ඉන්දියාව වැනි රටවල්ද තෝරා ගත් අප්‍රිකානු රටවල් ගණනාවක සිට සංචාරකයන් පැමිණීම අත්හිටුවා තිබේ.


එමෙන්ම යුරෝපා සංගමය විසින් සාමාජික රටවලට දන්වා ඇත්තේ දැනට ආසාදිතයන් හමුවී ඇති රටවල් වෙත සහ එම රටවල සිට සිදුකෙරෙන සංචරණ වහා අත්හිටුවන ලෙසය.


පසුගිය සතියක කාලය තුළ මෙරට කොවිඩ් ආසාදන වේගය සියයට 15කින් ඉහළ ගොස් ඇති බව නවතම දත්ත සනාථ කරයි. රොයිටර් පුවත් සේවයේ කොවිඩ් සම්බන්ධ නවතම දත්ත වාර්තාවේ මේ බව සඳහන්ය.


මිනිසුන් දහසකට 26 දෙනෙක් ආසාදිතයන් හමුවන තරම් මේ පැතිරීම දැන් වේගවත්ව තිබේ. මේ නිසා එන්නත්කරණය ගැන දැඩි අවධානයක් නැවතත් යොමුව ඇත.


දැන් ජනගහනයෙන් සියයට 68%කට වැඩි පිරිසක් එන්නත්කරණයට ලක්ව සිටිති. එය සංඛ්‍යාත්මක වශයෙන් 29,631,651 කි. පසුගිය සතිය තුළ පමණක් දෛනිකව මාත්‍රාවන් 15,825ක් බැගින් ලබා දී තිබේ. ඒ අතර වසංගතයේ හදිසි ශීඝ්‍රතාව සහ මරණ වාර්තා වීම ගැන වසංගත රෝග අංශය මේ වන විට හේතු අධ්‍යයනය කරමින් සිටියි.


සුගත් පී. කුලතුංගආරච්චි



කොටි ත‍්‍රස්තවාදී යුද්ධයේදී ප‍්‍රතිශතයක් විදිහට වැඩියෙන්ම මැරිලා තියෙන්නේ වනජීවී නිලධාරීන්…

මෙරට භූමි ප‍්‍රමාණයෙන් 14% ක භූමියේ ජීවත්වන සතුන්ට ප‍්‍රතිකාර කරන්න ඉන්නේ


පශු වෛද්‍යවරු දහහත්දෙනයි, වනජීවී නිලධාරීන් අටසීය හැත්තෑපහයි…


වන සතුන්ගේ ආරක්‍ෂාව භාර වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවටය. අඩවිය භාර නිලධාරීන් අදාළ ප‍්‍රදේශයේ ජීවත්වන වන සතුන් සම්බන්ධයෙන් වගකිවයුතුය. එම රාජකාරිය අතිශය වගකීම්සහගතය. එමෙන්ම අවදානම් සහගත රැකියාවකි. රාජකාරියට අඩවියට ගොස් නැවත කාර්යාලයට පැමිණෙන තෙක් ජීවිතය අනතුරේය. භයානක සතුන් සමඟ කරන ගනුදෙනුව විටෙක මරණයත්, ජීවිතයත් අතර කරන සටනක් වැනිය. එහෙත් එවැනි අතිශය අවදානම් රාජකාරියක් කරන වනජීවී නිලධාරීන්ට කුඩම්මාගේ සැලකිලිවත් නොලැබෙන තරම් ය. එම නිලධාරීන් පවසන ආකාරයට වන සතුන්ට දක්වන සැලකිල්ලවත් ඔවුන්ට නොලැබෙන තරම් ය.


‘‘වනජීවී සංරක්‍ෂණය කියන්නේ ලෝකයේ තියෙන අති අවදානම් රැකියාවක්. මේ කතා කරන මොහොතේදී වන අලියෙක් කඩා පාත් වෙලා ගහන්න පුළුවන්. වළහෙක්, කොටියෙක් පැනල හප කරන්න පුළුවන්. දඩයක්කාරයෙක් වෙඩි තියන්න පුළුවන්. බැඳපු තුවක්කුවක් පත්තු වෙන්න පුළුවන්. ගෝනුස්සගේ ඉඳලා ජීවිතවලට හානි කරන්න පුළුවන් සතුන් ඕනෑ තරම් මහ කැලෑවේ ඉන්නවා. එවැනි වන සතුන්ගෙන් සිදුවන අනතුරුවලට ප‍්‍රතිචාර දැක්වීමට ආරක්‍ෂිත ක‍්‍රමවේදයක් අපිට නෑ. ආත්ම ආරක්‍ෂාවේ අයිතිය තිබුණට එය ක‍්‍රියාත්මක කිරීමට තියෙන අවස්ථාව බොහොම විරලයි. අපි මේ කතා කරන මොහොතේදී බැඳපු තුවක්කු කඳක් පත්තු වෙලා නිකවැරැටියේ වනජීවී නිලධාරීන් දෙදෙනෙක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා…’’ වෘත්තීය ගැටලූ වැළක වැටලී සිටින වනජීවී නිලධාරියෙක් පෙළගැසෙන කතාවට එසේ ප‍්‍රවේශයක් ලබා ගත්තේය. එහෙත් අදහස් ප‍්‍රකාශ කරන වනජීවී නිලධාරීන්ගේ නම්, තනතුරු හෙළිදරව් නොකිරීමට අපි වගාබලා ගන්නෙමු. ඒ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ගැටලූ විසඳීම වෙනුවට මාධ්‍යයට අදහස් ප‍්‍රකාශ කළ නිලධාරීන්ගේ රැකියා අහිමි කිරීමට ඉඩ ඇති බැවිනි. එහෙයින් රැකියාවේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් වෘත්තීය ගැටලූ රටට කියන වනජීවී නිලධාරීන්ගේ කතාවට අපි නැවත සවන් දී සිටිමු.


‘‘වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගැසට් කරන ලද ජාතික වන උද්‍යාන, අභයභූමි ඇතුළුව රක්‍ෂිත එකසිය විසිහතරක් තියෙනවා. මෙරට පුරා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උප කාර්යාල එකසිය හැටහතක් තියෙනවා. මෙරට භූමි ප‍්‍රමාණයෙන් 14% ක් අයිති වෙන්නේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට. මේ ආයතනයත් පොලිස් දෙපාර්තමේන්තුව වගේම විසිහතර පැයේම ක‍්‍රියාත්මක දෙපාර්තමේන්තුවක්. විසිහතර පැයේම සතුන් සම්බන්ධව සහ පරිසරය සම්බන්ධව කටයුතු කරන ආයතනයක් විදිහට මේ දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන කාලසීමාව තීරණය කරන්නත් බෑ. එහෙම රාජකාරී කරන්න අඩුම තරමින් එක කාර්යාලයක සේවකයන් දහයක්, පහළොවක්වත් ඉන්න ඕනෑ. ඒත් අපේ අවාසනාවට එහෙම සේවක පිරිසක් නෑ. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවටම ඉන්නේ නිලධාරීන් අටසීය හැත්තෑපහක් වගේ සුළු පිරිසක්. වන උද්‍යාන, අභයභූමි, රක්‍ෂිත එකසිය විසිහතර ඇතුළුව රට වටේ දේශීය මුහුදු සීමාව ආරක්‍ෂා කරන්න එම නිලධාරීන් අටසීය හැත්තෑපස්දෙනා ප‍්‍රමාණවත් නෑ…’’


සේවයේ නිරත වනජීවී නිලධාරීන් රැයක් දවාලක් නැතිව රාජකාරි කරන්න ඕනෑ. කැලේ සතුන් ගැන සොයාබලන්න ඕනෑ. වනජීවී ප‍්‍රශ්න සම්බන්ධයෙන් පොලිසියට, උසාවියට යන්න ඕනෑ. වන සතුන්ගෙන් හිරිහැර වෙයි කියා අනුමාන කරන ප‍්‍රදේශවල පැවැත්වෙන දේශපාලන රැස්වීම්වලට ආරක්‍ෂාව සපයන්න ඕනෑ.


ගම්වදින වන සතුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්න ඕනෑ. පැය විසිහතර පුරාම වැඩ. කිසිම විවේකයක් නෑ. ඒත් රාජකාරියට නිසි ඇගයීමක් ලැබෙන්නේ නෑ. සේවයට සරිලන වැටුපක් ලැබෙන්නේ නෑ. මේ රටේ ඕනෑම ආයතනයක පැය අටෙන් පස්සේ වැඩ කරන පැය ගාණට අතිකාල දීමනාවක් ගෙවනවා. වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඒ වරප‍්‍රසාදයවත් නෑ. පැය විසිහතරම වැඩ කළත් අපිට ගෙවන්නේ පැය අටේ සේවයට විතරයි. මේ වෙනකොට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට ගෙවන්නේ අර්ධ පුහුණු කම්කරුවකුගේ වැටුප. කළමනාකරණ සේවයේ තාක්‍ෂණික නොවන කාණ්ඩයට ලබාදෙන එම්. එන්. 1 කියන වැටුප. ලංකාවේ ක්‍ෂේත‍්‍ර නිලධාරීන් අයත් වෙන්නේ එම්. එන් 3 වැටුප් කාණ්ඩයට. ඒත් වනජීවී දෙපාර්තමේන්තුවේ එම්. එන්. 3 වැටුපට හිමිකම් කියන්නේ අඩවි ආරක්‍ෂක තනතුරේ නිලධාරීන් පමණයි. සෙසු වනජීවී නිලධාරීන් පැය විසිහතර පුරාම වැඩ කරලා ගන්න වැටුප, රාජ්‍ය ආයතනයක ලිපිකරුවෙක් පැය අටක් වැඩ කරලා ගන්නවා. වනජීවී දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ සේවයෙන් හයර් කරපු රියැදුරු මහත්වරු අපේ නිලධාරීන් ගන්න වැටුපට වඩා වේතනයක් ලබා ගන්නවා. අපිට තියෙන එකම සතුට අවුරුද්ද අවසානයේ ලැබෙන ප‍්‍රසාද දීමනාව විතරයි. ජාතික වන උද්‍යානයකට ඇතුළුවීමේදී අය කරන මුදලෙන් යම් කොටසක් සර්විස් චාජ් කියලා වෙනම එකතු වෙනවා. ඒ මුදලෙන් 17% ක් අවුරුද්දේ අවසානයේ ප‍්‍රසාද දීමනාවක් විදියට වනජීවී දෙපාර්තමේන්තුවේ සියලූම ස්ථිර සේවකයන් අතර සම, සමව බෙදා දෙනවා. උපකාරක තනතුරු සමඟ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ රාජකාරී කරන දෙදහස් දෙසීයටම එම දීමනාව ලබාදෙනවා. ඒ දීමනාව හැර මේ රස්සාවෙන් අපිට වෙන කිසිම තෘප්තියක් නෑ.


ත‍්‍රිවිධ හමුදාවේ නිලධාරියෙක් රාජකාරියේදී මිය ගියොත් අම්මට හෝ බිරිඳට මැරෙනකම් පැන්ෂන් පඩිය ලබාදෙනවා. අපිට පැන්ෂන් එක ලැබෙන්නේ රාජ්‍ය සේවයේ අවුරුදු දහයක් සම්පූර්ණ වුණාම විතරයි. අවුරුදු දහයට කලින් මැරුණොත් පැන්ෂන් එකත් නෑ. රුපියල් ලක්‍ෂ දහයක වන්දි මුදල විතරයි. දැන් අලියෙක් ගහලා මිය යන සාමාන්‍ය පුද්ගලයෙක්ටත් රුපියල් ලක්‍ෂ දහයක වන්දි මුදලක් ගෙවනවා. වන සතුන්ව ආරක්‍ෂා කරන, පරිසරයේ සුරක්‍ෂිතතාව වෙනුවෙන් පැය විසිහතරම සේවය කරන වනජීවී නිලධාරීන්වත් තක්සේරු කරලා තියෙන්නේ සාමන්‍ය පුද්ගලයෙක් ගාණට. කොටි ත‍්‍රස්තවාදී යුද්දයේ දී ප‍්‍රතිශතයක් හැටියට වැඩියෙන්ම මැරුණේ වනජීවී නිලධාරීන්. 2008 අවුරුද්ද වෙනකොට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිටි සම්පූර්ණ නිලධාරීන් හයසීය දෙනාගෙන් අසූ හත්දෙනෙක් යුද්දයට මැදිව මිය ගිහින් තියෙනවා. විල්පත්තුවේ එකම තැන වනජීවී නිලධාරීන් හතළිස්පස්දෙනෙක් කොටි මරා දාලා තිබුණා. රටේ ත‍්‍රිවිධ හමුදාවට, පොලිසියට දෙවැනි නැති වනජීවී නිලධාරීන්ට මීට වඩා ගරුත්වයක් තියෙනවා නම් අපිටත් ආඩම්බරයක්. ඒත් එදා ඉඳලා අද දක්වා මේ රටේ බලධාරීන් ඉන්නේ ‘උඹලට ඕන විදිහට මේ ආයතනය කරගෙන පලයං’ කියන තැන. කොච්චර කැපවීමෙන් සේවය කළත් කිසිම ඇගයීමක් නෑ. වැටුප් විෂමතා, අවිවේකීකම නිසා අපේ නිලධාරීන් ඉන්නේ දැඩි කළකිරීමෙන්. කරුම ගෙවන අය හැර අනිත් සියලූදෙනා මේ දෙපාර්තමේන්තුව අතහැරලා යනවා…’’


‘‘අපේ නිලධාරීන්ගේ කළකිරීමට තවත් ප‍්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පරිපාලනය කරන්නේ වෙනත් ආයතනවලින් තෝරාපත් කරගන්නා ලද නිලධාරීන්. වන සතෙක්ට සිදුවන ජීවිත හානියක්, තුවාලයක්, වන සතෙක්ව අල්ලා වෙනත් ස්ථානයකට යොමු කළ යුතුයි කියන තීන්දු, තීරණ අරගෙන වන සතුන්ගේ අභිවෘද්ධි සඳහා රෝහල් ක‍්‍රියාත්මක කරන්නේ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ‘හයර්’ එකට ගන්න දොස්තරල කණ්ඩායමක්. වනජීවී දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩල නිලධාරියෙක් රාජකාරි කටයුත්තකට යන වාහනය පදවාගෙන යන්නේ ඒකාබද්ධ සේවයෙන් ‘හයර්’ එකට ගත්ත රියැදුරු මහත්මයෙක්. කොච්චර හදිසි ගමනක් වුණත් ඒ රියැදුරු මහත්වරු එන්නේ ඔවුන්ගේ වෙලාවට. ඒකාබද්ධ සේවයේ රියැදුරෙක් පැය 24 සේවය කරන්නේ නෑ. අමතර සේවා කාලයට අතිකාල, බටා ගෙවන්න ඕනෑ. සෙනසුරාදා, ඉරිදා, පෝය නිවාඩුයි. අලි ගම්වදින්නේ සතියේ දිනවල විතරක් නෙමෙයි. වන සතුන්ට අනතුරු වෙන්නේ රාජකාරි පැය අට තුළ පමණක් නෙමෙයි. ඒ නිසා වනජීවී සංරක්‍ෂණ නිලධාරීන්ට එහෙම නිවාඩු නෑ. ඒ වගේම අපේ නිලධාරීන්ගේ ලිපිගොනු සම්පූර්ණ කර දෙන්නේ ඒකාබද්ධ සේවයේ කළමනාකරණ සේවයෙන් ‘හයර්’ එකට ගත්ත කණ්ඩායමක්. ඒකාබද්ධ සේවයෙන් හයර් කරන සේවකයන් හැඟීමකින් වැඩ කරන්නේ නෑ. ඒ සේවකයන්ට විෂය සම්බන්ධයෙන් දැනුමක් නෑ. පළපුරුද්දක් නෑ. දැන් අපිට වෙලා තියෙන්නේ වන සතුන් ගැන සොයාබැලීම පැත්තකට තියලා හයර් එකට ගන්න සේවකයන්ට වැඩ පුරුදු කරන්න..’’


‘‘ඒ වගේම අපිට බාහිරින් එන ප‍්‍රධාන ගැටලූව අලි – මිනිස් ගැටුම. ගොවියො කුඹුර වපුරලා ගෙදරට ගිහින් කෝල් කරලා අපිට කියනවා කුඹුර ආරක්‍ෂා කරදෙන්න කියලා. පනතේ හැටියට වනජීවී දෙපාර්තමේන්තුව පත් කරලා තියෙන්නේ අලි එළවන්න නෙමෙයි. ගම්වදින අලින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා වනජීවී නිලධාරීන් මැදිහත් වෙනවා විනා ගොවීන්ගේ බව භෝග ආරක්‍ෂා කරන්න වෘත්තියෙන් බැඳිලා නෑ. අපේ ප‍්‍රධාන කාර්යභාරය සතුන්ගේ ජීවිතවල ආරක්‍ෂාව තහවුරු කිරීම. දෙවනුවට අනතුරට ලක් වී සිටින සතාව සුදුසු පරිසරයකට රැගෙන යෑම. පශු වෛද්‍යවරුන්ට යොමු කර ප‍්‍රතිකාර ලබාදීම. වගා බිම් ආරක්‍ෂා කරගැනීමේ වගකීම තියෙන්නේ ගොවීන්ට. කුඹුරු අක්කර හත්, අටසීයක් තියෙන ගම්මානයක වනජීවී නිලධාරීන් දෙතුන්දෙනකුට කුඹුරු ආරක්‍ෂා කරන්න පුළුවන්ද? ඒක ප‍්‍රායෝගික නෑ. අලි වෙඩි නිකුත් කිරීමෙන්, උපදේශන සේවා ලබාදීමෙන් වගාබිම් ආරක්‍ෂා කරගැනීමට ගොවීන්ට උපකාර වෙන්න වනජීවී නිලධාරීන්ට පුළුවන්. ඒත් නිලධාරීන් හිඟකම නිසා අලි වෙඩි නිකුත් කිරීමට එක නිලධාරීයෙක් කාර්යාලයේ තියන එකත් දැන් ගැටලූවක් වෙලා. ඒ නිසා අමාත්‍ය මණ්ඩලයේ සහ දිසාපතිවරුන්ගේ එකඟතාවයක් මත මේ වන විට අලි වෙඩි නිකුත් කරන්නේ ග‍්‍රාම සේවක නිලධාරීන් මාර්ගයෙන්. ඒ වගේම ඕනෑම සංචාරකයෙක් ජාතික වන උද්‍යානයකට ඇතුළු වෙනකොට අනිවාර්යෙන්ම වනජීවී නිලධාරිවරයෙක්ගේ මඟපෙන්වීම තිබිය යුතුයි. වනජීවී පනතේ හැටියට වන සත්ව නියාමක නිලධාරිවරයෙක් සංචාරකයන් සමඟ යන්න ඕනෑ. එම සේවාව ලබාදීමට අපිට නිලධාරීන් ප‍්‍රමාණවත් නෑ. සංචාරකයො එන කාලයට යාල වන උද්‍යානයේ පමණක් දිනකට වාහන හත්, අටසීය යනවා. රට පුරා තව ජාතික වන උද්‍යාන රාශියක් තියෙනවා. ඒ හැම ජාතික වන උද්‍යානයකම සතුන් නැරැඹීමට සංචාරකයන් යන හැම වාහනයකට නිලධාරියෙක් යවන්න අපිට පුළුවන්කමක් නෑ. නිසි මඟපෙන්වීමක් නැතිකම නිසා සංචාරකයනුත් අනතුරට පත් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම සතෙක්ට අනතුරක් වූ විට අපිට යන්න තියෙන්නේ අබලන් වාහන. ඒ වාහනවල යනකොට සතා මැරිලා සමහර විට අපිත් අනතුරට පත් වෙන්න පුළුවන්. ඒ වගේම අනතුරට පත්වන වන සතුන්ට ප‍්‍රතිකාර ලබාදීමට දෙපාර්තමේන්තුවටම ඉන්නේ පශු වෛද්‍යවරු දාහත්දෙනයි. මෙරට භූමි ප‍්‍රමාණයෙන් 14% ක කැලෑ ප‍්‍රදේශයක ජීවත්වන වන සතුන්ට ප‍්‍රතිකාර ලබාදෙන්න පශු වෛද්‍යවරු දාහත්දෙනෙක් ප‍්‍රමාණවත්ද? මේ ගැටලූ ගැන රටේ ප‍්‍රධාන පෙළේ දේශපාලනඥයන් පවා දැනුවත්. ඒත් මේ ආයතනය දියුණු කරන්න බලයට පත් වෙච්ච කිසිම පාලකයෙක් අවධානය යොමු කළේ නෑ…’’


‘‘නිසි කළමනාකරණයකින් යුක්තව මේ ආයතනය පාරිපාලනය කර දියුණු කරනවා නම් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාගන්න පුළුවන්. පාස්කු ප‍්‍රහාරයට පෙර වාර්ෂිකව මිලියන හයදාහසකට ආසන්න මුදලක් වනජීවී දෙපාර්තමේන්තුව විසින් මහ භාණ්ඩාගාරයට උපයා දීලා තියෙනවා. පාස්කු ප‍්‍රහාරයට පෙර යාල ජාතික වන උද්‍යානයේ පමණක් දෛනික ආදායම රුපියල් ලක්‍ෂ තිහත් පනහත් අතර මුදලක් ලැබුණා. මේ රටේ තව ජාතික වන උද්‍යාන කීයක් තියෙනවද? ඒ සෑම වන උද්‍යානයකින්ම සැලකිය යුතු ආදායමක් මහ භාණ්ඩාගාරයට ලබාදෙනවා. සතුන්ට කෑම, බීම දීලා ද? කැලෑව නඩත්තු කරන්න වියදම් කරලද? නෑ… නිකන්ම රජයට ලැබෙන ආදායමක්. ඒ නිසා මේ දෙපාර්තමේන්තුවට නිලධාරීන් බඳවාගැනීම, සේවකයන්ට සැලකීම ලොකු ගැටලූවක් නෙමෙයි. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මුදල් උපයන ආයතනයක්. ඒත් එම දෙපාර්තමේන්තුව මේ රටට කොච්චර වැදගත් ද යන්න තවම තක්සේරු කරලා නෑ. වන සතුන්ගේ වටිනාකම ගැන තක්සේරුවක් නෑ. වන සතෙක්ගේ වටිනාකම ගැන මේ රටේ මිනිසුන්ට අවබෝධයක් නෑ. රටේ බලධාරීන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙච්චර පහත් විදිහට සලකයි කියලා හිතුවා නම් එදා සුද්දා මේ ආයතනය පිහිටුවන්නෙත් නෑ…’’ රටේ ආර්ථිකයට නිහඬව දැවැන්ත සේවයක් කරන, එහෙත් කිසිම වටිනාකමක් නැති වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියන කතාවය අවසානය.


1937 වන සත්ව හා වෘක්ෂලතා ආරක්‍ෂක ආඥා පනත හඳුන්වා දී ඇත්තේ ඉංග‍්‍රීසි ආණ්ඩුව විසිනි. මේ වන විට අවස්ථා පහකදී සංශෝධනය වී ඇති 1937 වන සත්ව හා රුක්ෂලතා ආරක්‍ෂක ආඥා පනත ‘වන සත්ව සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව’ බවට වෙනස් කර ඇත්තේ 1951 වර්ෂයේදීය. එම ආයතනයේ ආරම්භක ප‍්‍රධාන නිලධාරිවරයා ලෙස රාජකාරි කර ඇත්තේ සිරිල් වේල්ස් නිකලස් මහතාය. ඒ අනුව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේව යනු අවුරුදු හැත්තෑවක් පමණ වයසැති දෙපාර්තමේන්තුවකි. එම දීර්ඝ කාලය තුළ වන සත්ව සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඇති මෙහෙවර ද සුළු පටු නැත. එවැනි කීර්තිමත් දෙපාර්තමේන්තුවක් මේ සා පරිහානියට ලක්වීමට ඉඩහැර එම ආයතනික නිලධාරීන්ට රැකියාව එපාවෙන තැනට කටයුතු කිරීම අතිශය ඛේදජනක තත්ත්වයකි. වන සතුන්ගේ ජීවිත සම්බන්ධයෙන් ද ගැටලූවකි. එමෙන්ම කැලෑවේ ජීවත්වන වන සතුන්ගේ ජීවිත අදට ද ආරක්‍ෂා වී ඇත්තේ වනජීවී නිලධාරීන් නිසාය. ඔවුන් අකර්මන්‍යවීම තුළ දඩයක්කාරයන්, කැලෑ පාළුවන්, භූමි කොල්ලකරුවන් සක‍්‍රීය වන්නාහ. එවැනි පසුබිමක කුකුළු මස් ගානට දඩ මස් විකිණෙන බව සැබෑය. මහ කැලෑ ගිනිබත් වී පෞද්ගලික බූදල් බවට පත්වන බව ද සැබෑය. එම තත්ත්වය උදා වී, 14% ක වනජීවී සංරක්‍ෂණ ප‍්‍රදේශය අහිමි වනවා දැකීමට කැමති නම් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පරිහානියට පත්වීමට ඉඩහැර බලා සිටීම ගැටලූවක් නැත.


තරංග රත්නවීර 


කැලණි ගඟට ස්ථාන 1700 කින් අපද්‍රව්‍ය එක් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය කළ අධ්‍යයනයක දී හෙලිවී ඇත.


මෙම ස්ථාන 1700 ම පිහිටියේ කැලණි ගෙඟ් අවිස්සාවේල්ල සිට පෑලියගොඩ දක්වා වූ ප‍්‍රදේශයේ දී පමණක් බව එම අධ්‍යයනයේ දී හෙලි වූ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.


මෙරට පිහිටි ගංගා 103 න් දූෂිතම ගංගාව සේ සැළැකෙන කැලණි ගඟට අපද්‍රව්‍ය දමන මෙම ස්ථානවලින් අති බහුතරය සීතාවක ආයෝජන කලාපයේ කම්හල් බව ද ඔහු සඳහන් කළේය.


මෙසේ අපද්‍රව්‍ය එක් කිරීම මහා පරිමාණයෙන් සිදුවන බවත් ඒ පිිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතු යැයි තීරණය කළ බවත් කී අමාත්‍යවරයා නාවික හමුදාව සමග තමන්ම ගඟ ඔස්සේ ඉහළට ගොස් ඒ පිළිබ`දව දැක බලා ගැනීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.


මධ්‍යම පරිසර අධිකාරිය කළ මෙම අධ්‍යයනය මෙරට ගංගා 103 සම්බන්ධවම කළ බවත් ගංගාවන්ට අපද්‍රව්‍ය දමන ස්ථාන 11000 එම අධ්‍යයනයේ දී සොයා ගත් බව ද පෙන්වා දුන්නේය.


කෙසේ වෙතත් කැලණි ගඟ පිිරිසිදු කිරීමට විශේෂ ස්ථානයක් ලබා දී අනෙක් සියලූ ගංගාවන් ද පිරිසිදු කරන්නට පියවර ගන්නා බවත් ඒ සඳහා ලබන වසරේ අයවැයෙන් රුපියල් මිලියන 2000 ක් වෙන් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


විනීතා එම් ගමගේ  



 

සිම්බාබ්වේහිදී පැවැත්වෙමින් තිබියදී ඊයේ (27) අත්හිටුවූ කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබී ක්‍රිකට් තරගාවලියට සහභාගි සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් හත් දෙනෙක් ‘කොවිඩ්’ ආසාදිතයන් වීම නිසා ගුවන් යානයට ප්‍රවේශකරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහි සිරවී සිටියි.


එම තරගාවලියට සහභාගී වී සිටි සෙසු විදේශ කණ්ඩායම් අට ඊයේ (27) එකම ගුවන් යානයෙන් ඩුබායි බලා පැමිණි අතර එම ගුවන් යානයට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රවේශකරගැනීමට සෙසු කණ්ඩායම් අකමැති වීම නිසා ශ්‍රී ලංකා පිලට තව දුරටත් සිම්බාබ්වේහි රැදී සිටීමට සිදුව තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පමණක් තනි ගුවන් යානයක් වෙන්කරවා ගැනීමට මේ වන විට ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඒ සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව ද සහයෝගය දක්වන බවයි.


කොවිඩ් ආසාදිත කාන්තා නිලධාරිනිය සහ ක්‍රීඩිකාවන් හට දෙනා තව දුරටත් සිම්බාබ්වේහි තවතා තැබීමට සිදුවන බවත් ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.


යොහාන් භාසුර 


Friday, 26 November 2021



කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ප්රතිකාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි අයේෂා කුමුදුනී මියගිය හේතුව සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

වැලිකන්ද සඳුන්පිටිය ප්රදේශයේ පදිංචි ඇය මියගොස් ඇත්තේ ගෑස් උදුන, සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ දෝෂයකින් සිදුවූ ගිනිගැනීමකින් නොවන බව පොලිස් විමර්ශන අනුව තහවුරු වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් විමර්ශනයක් සිදුකර ඇත.
මේ දක්වා සිදුකර ඇති විමර්ශන අනුව අනාවරණය වී ඇත්තේ සිරුරට ගිනිතබා ගැනීමක් හේතුවෙන් ඇය තුවාල ලබා ඇති බවය.
ඇයගේ මරණය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මරණයට හේතුව බාහිර පිළිස්සීම් තුවාලවලට විෂබීජ ආසාදනයවීමක් නිසා ඇතිවූ මරණයක් බවට නිගමනය කර ඇත.
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඉකුත් 24වනදා ඇය මියගොස් තිබුණි.

අද දෙරණ

Thursday, 25 November 2021


කොවිඩ් - 19 රෝගී තත්ත්වයට හේතුවන නව කොරෝනා වෛරසය චීනය වූහාන් නගරයෙන් වාර්තා වීමත් සමග බෝවන රෝග පිළිබඳ නැවතත් ලොව පුරා කතිකාවතක් නිර්මාණය වුනා. 


කොවිඩ් ආසාදන තත්ත්වයෙන් මියයන පුද්ගලයින් සහ එමගින් රෝගාතුර වන පුද්ගලයින් පිළිබඳ දෛනික දත්ත ගැන සියලු දෙනාම සාකච්ඡා වෙනවා. කොවිඩ්-19 කියන්නේ වෛරසයකින් ඇතිවන රෝගී තත්ත්වයක්. ඒ වගේම පහුගිය කාලය තුල දක්නට ලැබුණු SARS, ඉබෝලා, කුරුළු උණ වැනි රෝග තත්ත්ව පවා වයිරස වලින් ඇතිවන ඒවා. ලෝක ඉතිහාසයේ අවුරුදු සීයකට එපිට කාලයක් තුළ මහා ව්‍යසනයන් ඇති කළ ඇතැම් බැක්ටීරියාවන් අද බොහෝ දුරට පාලනය වී පවතින්නේ අපි හැමෝම හොඳින් අඳුනන ප්‍රතිජීවක ඖෂධ, එහෙම නැත්නම් ඇන්ටිබයොටික් නිසාවෙන්.


එහෙත් වර්තමානය වන විට මේ ඇතැම් බැක්ටීරියාවන් ඒවා පාලනය කිරිමට යොදා ගැනුන ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් ගොඩනඟා ගනිමින් පවතින බව පෙනී යනවා. මෙය අති භයංකර වසංගතයක පෙර නිමිත්තක් විය හැකි බව කියවෙනවා.


මේ උවදුරට පිළියම් සෙවීමට් නම් , මේ තරම් ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී (ඔරොත්තු දෙන ) රෝගකාරක අප අතරට එන්නට හේතුව කුමක් දැයි අප මුලින්ම සොයා බැලිය යුතු වනවා. 


 අපි භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධ හමුවේ රෝගකාරක විෂබීජ එක්වරම පරාජය භාර ගන්නේ නැහැ.  ඔවුන්  නැවත ප්‍රතිජීවක ඖෂධ සමඟ සටන් කරනවා කරනවා. ප්‍රතිජීවක මගින් අඩපණ කෙරෙන ජීව ක්‍රියාවලි සඳහා වෙනත් විකල්ප ක්‍රම භාවිතය, ප්‍රතිජීවක ඖෂධය හානි කිරීමට පෙර බිඳ හෙලීම, සෛල තුළට ඇතුළු වීමට නොහැකි පරිදි බාධක නිර්මාණය කිරීම, ප්‍රතිජීවක ඉලක්කය ලබාගත නොහැකි පරිදි එය වෙනස් කිරීම සහ හැකි ඉක්මනින් ආක්‍රමණික සෛලයෙන් පිටතට පොම්ප කිරීම රෝගකාරක ජීවීන් විසින් සුලබවම භාවිතා කරන සටන් උපක්‍රම වනවා. එවැනි හැකියාවන් ලබා ගැනීමෙන් පසු ඒවා ඉදිරි පරම්පරාවට උරුමකර දීමටත්, ජානමය ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමෙන් මේ භයානක හැකියාවන් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමටත් මෙම ක්ෂුද්‍ර ජීවීන් ට හැකියාව තිබෙනවා. කොයිතරම් කාර්යක්ෂම සහ අලුත් ප්‍රතිජීවක ඖෂධ සොයාගත්තත්, ඒවා වගකීමකින් යුතුව භාවිතා නොවන පරිසරයක දී ඉක්මනින්ම ඊට ඔරොත්තුදීමේ හැකියාව ලබාගන්නට රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන්ට හැකියාව ලැබෙනවා. 


බොහෝවිට වෛරස ආසාදන නිසා ඇතිවන, සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්වයන්ට පවා "ඇන්ටිබයොටික් කරල්/ පෙති" සොයා යන සහ ඒවා අනවශ්‍ය පරිදි නිර්දේශ කරන සියලු දෙනා ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධීතාව සඳහා කෙලින්ම වග කිව යුතු වෙනවා. මීට අමතරව සත්ව පාලනයේ දී සතුන් ඇති කරන්නන් විසින් නිර්දේශිත මාත්‍රාවන් ඉක්මවමින් සහ හිතුමතයේ සිදුකරන ප්‍රතිජීවක ඖෂධ සතුන්ට ලබාදීම නිසා ද මෙම තත්වය තවත් තීව්‍ර වෙමින් තිබෙනවා.


ලෝකයම වසර දෙකකට ආසන්න කාලයක් අඩපණකල කොවිඩ්-19 වසංගත රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාර ලෙස භාවිතා කළහැකි ඖෂධ ගණනාවක් ගැන ලෝකය මේ වනවිට බලාපොරොත්තු තබාගෙන සිටිනවා. ඒ අතරින් සමහරක් දැනටම භාවිතයට අවශ්‍ය අනුමැතිය ලැබී තිබීම සහ ඉතා ඉහළ මටමකින් අසාධ්‍යවීම් සහ මරණ වළක්වන බව විද්‍යාත්මකව තහවුරු වී තිබීම සතුටුදායක තත්වයක්. අනාගතයේ අප විසින් භාවිතයට ගනු ලැබීමට ඉඩ ඇති එවැනි ඔසු මෙන්ම දැනට භාවිතයේ ඇති ප්‍රතිජීවක ඖෂධ සියල්ලේම ඉරණම රැඳී පවතින්නේ ඒවා කොතෙක් වගකීම් සහගතව භාවිතා වන්නේද යන්න මත බව ඔබට දැන් වැටහෙනවා ඇති.


වෛද්‍ය නිර්දේශයකින් පමණක්, අත්‍යාවශ්‍ය අවස්ථාවල ප්‍රතිජීවක ඔසු භාවිතය, නිර්දේශිත මාත්‍රාව නිවැරදිව සම්පූර්ණ කාලයම භාවිතා කිරීම, සතුන් සඳහා භාවිතයේ දී වගකීම් සහගත වීම, පරිසරයට එකතු නොවන පරිදි නිසි ආකාරයෙන් බැහැරකිරීම වැනි පියවර සැමවිටම අනුගමන කිරීම, තනි තනිවත් සමාජයක් ලෙසත් අපේ දැඩි අවධානයට යොමු විය යුතු වගකීමක් වෙනවා. 


එසේ නොවුවහොත්, අප මේ දුටු වෛරස වසංගතයට වඩා ඉතා භයානක සහ මාරාන්තික බෝවන රෝග සහිත ලෝකයක් අපේ අනාගත පරපුරට උරුම වීමත්, ප්‍රතිරෝධී වූ විෂබීජ හමුවේ බෙල හීන වූ ප්‍රතිජීවක ඖෂධ සමඟ ඔවුන් අසරණ වීමත් වළක්වන්නට නොහැකිවනු ඇති බව අප යළිත් අවධාරණය කරනවා.


සෞඛ්‍ය අධ්‍යාපන කාර්‍යාංශයේ පණිවිඩයකි.


පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සතියක පමණ කාලයක් පවතින බවත්,  (24 දා) සහ  (25දා) වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ශිරෝමණී ජයවර්ධන මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.


මෙම වැසි තත්ත්වය සාපේක්ෂව අඩු වැඩි වශයෙන් පවතින බව ද දිවයිනට ගිනිකොන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව ද ඇය සඳහන් කළාය.


නැගෙනහිර, උතුරුමැද, ඌව පළාත්වල සහ මුලතිව්, වව්නියාව, මාතලේ, හම්බන්තොට යන දිස්ති‍්‍රක්කවලට තද වැසි අපේක්ෂා කරන බව ද මෙම කැළඹිලි ස්වභාවය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළාය. මෙම අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් නැගෙනහිර, උතුරුමැද හා ඌව යන පළාත්වලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද දිවයිනේ සෙසු ප‍්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා



මොරවැව මහ වැවේ මාළු අල්ලමින් සිටි ධීවරයන් පිරිසකගේ මාළු දැලක පැටලී සිටි කුඩා වන අලියකු 21 දා අළුයම 2.00 ට පමණ ගොඩට විත් ඇති අතර පැටවා දැලෙන් ගලවාගෙන මොරවැව වනජීවී කඳවුරට භාරදී ඇත.


අලි පැටියා මාළු දැලත් අරන්  ගොඩට ඇවිත්...

අඩි දෙකහමාරක් පමණ උසැති මාස 2ක් පමණ වයසැති අලි පැටවාගේ සාමාන්‍ය තුවාලවලට ප‍්‍රතිකාර පිණිස මින්නේරිය ගිරිතලේ පශු වෛද්‍ය ඒකකය වෙත බාරදී ඇත.


වන අලි 50 ක රංචුවක් රාත‍්‍රි කාලයට කැලයෙන් එළියට පැමිණ පාන්දර යාමයේ යළි වනයට යන බවත් ඒ යන අතරතුර මෙම පැටවා මඟහැරී ඇති බවත් ගම්වාසීහු පැවසූහ.


මොරවැව වනජීවි අඩවි සහකාර වික‍්‍රමසිංහ, වනසත්ව නියාමකයින් වන පසිඳු, කුමාර කෙෂ්ත‍්‍ර සහකාර මයුරන් යන නිලධාරීන් මෙහෙයුමට සහභාගි වූවෝ වෙති.


ඡායාරූපවලින් දැක්වෙන්නේ අලි පැටවා දැලෙන් මුදා ගෙන ගොඩට ගෙන ආ අයුරු හා ගිරිතලේට රැගෙන යෑම සඳහා වනජීවී නිලධාරීන් භාරයේ සිටි අයුරුය.


කන්තලේ – ඩබ්. එම්. වික‍්‍රමසිංහ


මුව ආවරණ නොපැළදීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.


ඔහු මේ බව පැවසුවේ කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට අද (23) එක්වෙමිනි.


කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව දැනුවත් කිරීමට අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පොලීසිය නැවත ආරම්භ කර තිබේ.


ඒ අනුව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහාතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී එම දැනුවත් කිරීමේ වැඩසටහන අද ක්‍රියාත්මක කෙරුණි.


මෙහිදී මුව ආවරණ නොමැතිව ගමන් ගන්නා පුද්ගලයින්ට පොලීසිය අවවාද කරන ආකාර දක්නට දක්නට ලැබුණු බව අප වාර්තාරුවන් පැවසීය.


මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා,


"කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය එළඹෙ දෙසැම්බර් මාසය තුළ විශේෂයෙන්ම උත්සව සමය තුළ වළක්වාගැනීම සඳහා මහජනතාවට නැවත වතාවක් සෞඛ්‍ය මාර්ගොපදේශ පිළිබඳ සිහිපත් කිරීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරනු ලැබුවා. බොහෝ දෙනෙකුට මුව ආවාරණ පැළඳීම ඇති වැදගත්කම ගැන නැවත අමතකවෙනමින් තිබෙනවා. කිහිපදෙනෙක් එක වාහනේ ගමන් කරන අවස්ථාවෙදී මුව ආවරණ රහිතව ගමන් කරනවා. සමහර තමන්ගේ පවුලේ අය නොවේ පිටස්තර අය.ත්‍රීවිල් රියදුරු මහත්වරු මගීන් එක්ක ගමන්කරන අවස්ථාවේදී මුව ආවරණ පැළඳීම ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒ වාගේම ඉතාම නොසැලකිලිමත් කමින් යම් කෙනෙක් මේක පැතිරෙන ආකාරයෙන් ක්‍රියාකරනවානම් ඔහු සම්බන්ධයෙන් නීතිමය ක්‍රීයාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා."


මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමිගේ ලෝකයක් වටින දේශනාව!


රටේ ස්වාමීන් වහන්සේලා ලාභ සත්කාර අපේක්ෂා කොටගෙන මහණකමත් නැති කර ගන්නා බවත්, වැරදි ආදර්ශ සමාජයට දෙන බවත් මහාචාර්ය අත්තංගනේ රතනපාල නාහිමියෝ පෙන්වා දෙති.


ලාභ අපේක්ෂාව පෙරදැරි කරගත් භික්ෂුව වැරදි දේ සමාජයට අනුශාසනා කරන බවත්, වැරදි නිවැරදි දේ හැටියට පෙන්වා දෙන බවත්, නිවැරදි දේ වැරදි හැටියට පෙන්වා දෙන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.


බෝසත් මුහුණ පෙන්වාගෙන මෙම වංචාකාරයන් පෙනී සිටින බවත් උන්වහන්සේ කීහ.


මේ රට විනාශ කළේ අධර්මිෂ්ඨ පාලකයන් සහ දුර්දාන්ත භික්ෂූන් විසින් බවද රතනපාල හිමියෝ කියා සිටියහ.


භික්ෂුව තමන්ගේ කාර්යයභාරය නිවැරදිව කළේ නම් මේ රට යහපත් මාර්ගයට ගත හැකිබවද උන්වහන්සේ කීහ.


පවතින පොහොර අර්බුදය සහ වර්ෂාව සමඟ නිෂ්පාදනය අඩාළවීම හමුවේ වෙළෙඳපොළේ එළවළු මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් ඉහළයමින් පවති.


ඒ අනුව කැරට් කිලෝවක් රුපියල් 550ක්, ලීක්ස් කිලෝවක් රුපියල් 500ක්, බෝංචි කිලෝවක් රුපියල් 600ක්, වම්බටු කිලෝවක් රුපියල් 400 ක්, මාළුමිරිස් කිලෝවක් රුපියල් 600ක් වැනි ඉහළ අගයක සිල්ලර වෙළෙඳපොළේ සටහන් විය.


එළවළු මිල ගණන් ඉහළයාමත් සමඟ කොස්, දෙල් සහ පොළොස් වැනි බෝග වලද මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.


ඒ අනුව වෙළෙඳපොළේ කොස් මල්ලක් රුපියල් 120ක මිලකටත් දෙල් ගෙඩියක් රුපියල් 300ක් දක්වා වූ මිලකටත් අලෙවිවනු දක්නට ලැබුණි.


ආර්ථික මධ්‍යස්ථාන වෙත ද අද ලැබී තිබූ එළවළු තොග සීමාවීමත් සමග එළවළු තොග මිලද පවතින්නේ ඉහළ මට්ටමකයි.


පෑලියගොඩ මැනිං වෙළඳපොළ වෙත අද එළවළු ලැබී ඇත්තේ 25%කටත් වඩා අඩු ප්‍රමාණයක් බව මැනිං පොදුවෙළෙඳ සංගමයේ ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පවසයි.


මේ අතර, වෙළෙඳපොළේ කුකුළු මස් මිලද ඉහළ ගොස් ඇති අතර කුකුළු මස් කිලෝවක් මේ වන විට සිල්ලර වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 750ත් 800ත් අතර මිලකටය.


එසේම භාණ්ඩ මිල ඉහළයාම හමුවේ පිසූ ආහාර මිලද ඉහළ නැංවීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

Monday, 22 November 2021

 


නාන කාමරයක ෂවර් එකක් භාවිත කරනුයේ ස්නානය කිරීමට ඇඟ සේදීමට ආදි ක්රියාකාරකම් සඳහාය. ඔබ මෙතෙක් ෂවර් එකකින් සබන් ආලේප කර තිබෙනවා ද? බොහෝ දෙනකුගේ පිළිතුර නැත යන්නයි. ෂවර් එකකින් සබන් ආලේප කිරීම තවත් කෙනකුට විහිළුවක් වන තරමටම එය අපට වෙනස්ම වූ අත්දැකීමකි.
ඇත්තෙන්ම වර්තමානයේ ඒ විහිළුවද ඇත්තක් වී අවසන්ය. Kuami bubble shower යනු ජලය වෙනුවට සබන් දියර ලැබෙන ෂවර් එකකි.
එසේ නම් දැන් සබන් කැටයක් ඇඟෙහි ගෑමට ද අවශ්ය නැත. සාමාන්ය සබන් කැටයකට වඩා ශරීරයට ආරක්ෂිත ක්රමවේදයකින් මේ සබන් දියර ඉසින ෂවර් එක නිෂ්පාදනය කර ඇති අතර ඔබට අවශ්ය පරිමාණයට ඉන් ලැබෙන පෙණ ප්රමාණය ද වෙනස් කර ගැනීමට හැකිය. තව ද මින් හොඳින් ශරීරයේ පවතින කුණු සහ දූවිලි ඉවත් කරන අතර, වෙළෙඳපළේ සබන් කැට භාවිත ද අනාගතයේදී ශීඝ්රයෙන් අඩු වනු ඇතැයි මව් සමාගම පවසා සිටින්නේය.

ස්මාට් මුළුතැන්ගෙවල් පිළිබඳ පසුගිය ද්වාර කලාපවලින් අපි ඔබට විස්තර ගෙන ආවෙමු. දිනෙන් දින කාර්යබහුල වන මිනිසාට තම එදිනෙදා කාර්යන්වලට වෙන වෙනම සැලකිල්ලක් දැක්වීම අපහසු කරුණක් වන අතර, කෘත්රිම බුද්ධිය සහිත නවීන උපකරණ බෙහෙවින් ප්රයෝජනවත්ය.

මේ කියන්නට යන්නේ ඔබ කිසි දිනෙක අසා නැති මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් සඳහා භාවිත කරන උපකරණයක් ගැනය. ඕනෑම මුළුතැන්ගෙය හැඳි භාවිත කරන අතර, හැන්දක් නැති මුළුතැන්ගෙයක් නැති තරම්ය. Automatic pan stirrer යනු ස්වයංක්රියව ක්රියා කරන හැන්දක් වන අතර, එය තමන්ට අවශ්ය වේගයන්ගෙන් හොද්දක් හෝ යම් ආහාරයක් සෑදීමේදී හැඳි ගෑම සිදු කරයි. මෙය බැටරිවලින් ක්රියා කරන අතර, හැඳි ගෑමට අවශ්ය භාජනයේ තබා ඉහළ තිබෙනා බොත්තම ක්රියා කර වීමෙන් ස්වයංක්රියම ක්රියා කරනු ලබයි. තමන්ට වැඩි වේගයකින් හොද්ද හැඳි ගෑමකට අවශ්ය නම් එයද අවශ්ය පරිදි වේගවත් කර ගැනීමට ඉහළ තිබෙනා බොත්තම භාවිතයෙන් සිදු කර ගැනීමට හැකිය.


අප රටේ ජලවිදුලිය ප්රධාන බලශක්ති ප්රභවයක් වන අතර, ඊට භූ පිහිටීම ද බෙහෙවින් ප්රයෝජනවත් වී ඇත. ටර්බයින් ආධාරයෙන් මෙලෙස ජල පහරින් නිපදවන විදුලිය රට පුරා බෙදා හරිනු ලබයි. මේ කියන්නට යන්නේ ඔබට පුංචි ටර්බයින් එකක් ආධාරයෙන් විදුලිය නිපදවා දෙන කුඩා උපාංගයක් ගැනය.

Waterlily charger යනු කුඩා රෝදයක් භාවිතයෙන් නිපදවා ඇති උපකරණයක් වන අතර, මෙය ජල පහරකට සවිකර හෝ ගලා යන ජලය සහිත ස්ථානයක පතුලට බැස්සවීමෙන් විදුලිය නිපදවා ගත හැකි උපාංගයකි. ඔබ වනාන්තරවල සංචාරය කරන්නකු නම් එසේත් නැතිනම් පරිසර විද්යාඥයෙක් නම් මෙය වඩාත් ප්රයෝජනවත්ය. මෙය ස්මාට් දුරකතනයක් ආරෝපණය කර ගැනීමට පහසුවෙන් හැකි අතර, බැටරියක් පවා ආරෝපණය කර ගැනීමට හැකිය. ඔබ වනාන්තරයක කූඩාරමක සිටින නම් ජල පහරකින් මේ Waterlily Charger තබා උදෑසන වන තෙක් ආලෝකය ගැනීමට ද හැකිය.
අතේ පහසුවෙන් රැගෙන යා හැකි වීමත් එවැනි කුඩා උපකරණයකින් වැඩි විදුලිය ප්රමාණයක් උත්පාදනය කර ගත හැකි වීමත් මෙහි ඇති විශේෂත්වය වන අතර ජල පහරේ වේගය අනුව වැඩියෙන් විදුලිය නිපදවා ගැනීමේ හැකියාව ද ඇත.

ගයාන් සංජය


නිවෙසක ඉතා ඉක්මනින් අපිරිසුදු වන ස්ථානයක් ලෙස නාන කාමරය හැඳින්විය හැකිය. එහිදී විශේෂයෙන් වැසිකිළිය විෂබීජ අධික ස්ථානයක් වන අතර, ඒවායෙහි පිරිසුදුභාවය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. කාර්යබහුල ජීවිත ගත කරනා පුද්ගලයන්ට නිවෙසේ වැසිකිළිය නිසි ලෙස පිරිසුදු කර ගැනීමට වේලාවක් වෙන් කර ගැනීමත් අපහසු කරුණක් වී ඇත. එසේම කාර්යාලවල, හෝටල්වල ආදි වැඩි වශයෙන් වැසිකිළි පවතින ස්ථානවල එක වරකට පිරිසුදු කිරීමේදී වැඩි කාලයක් මෙන්ම මිනිස් ශ්රමයක් අවශ්යය.

මෙවැනි කාරණා බොහොමයකට විසදුමක් ලෙස Giddel toilet cleaning robot හඳුන්වා දිය හැකි අතර, ඉන් පහසුවෙන් ඔබගේ වැසිකිළිය පිරිසුදු කර දෙනු ලබයි. මෙය වැසිකිළියට පහසුවෙන් සවි කර ගැනීමට හැකි වන පරිදි නිෂ්පාදනය කර ඇත. රෝබෝ තාක්ෂණය මඟින් පිරිසුදු කිරීම් සිදු කරනා අතර මිනිසකුටත් වඩා හොඳින් වැසිකිළිය පිරිසුදු කර දෙයි. එසේ වැසිකිළියේ ඇතුළත සෑම කොටසක්ම ස්වයංක්රියවම පිරිසුදු කිරීමට Giddel toilet cleaning robot හට හැකියාව පවතින අතර පිරිසුදු කළ අවසන් වූ විට එය වැසිකිළියෙන් ගලවා වෙනම තැබීම පමණක් මිනිසා විසින් කළ යුතුව ඇත.

Saturday, 20 November 2021


ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් අක්කර 17ක්, අක්කරය රුපියල් 500ක් වන පරිදි, රුපියල් මිලියන 676කට තක්සේරු කර ඇතැයි කෝප් කමිටුව අනාවරණය කරගෙන තිබේ.

එම වටිනාකම වර්තමානයේ නිවැරැදි විය යුතුව ඇති බැවින්, මෙම ගැටලුව වහාම නිවැරදි කිරීම සඳහා මාස හයක් තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට කෝප් කමිටුවේ සභාපති, මහාචාර්ය චරිත හේරත් උපදෙස් දී ඇත.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ප්‍රධාන වත්කම වන මෙම ඉඩම් පිළිබඳ නිවැරදි දත්ත මෙන්ම තක්සේරුවක් කොමිෂන් සභාව සතුව පැවතීම අත්‍යවශ්‍ය බව කෝප් කමිටුව අවධාරණය කර තිබේ.

ඉඩම් නිවැරදිව මැන තක්සේරු කිරීමත් ඒ පිළිබඳව නිශ්චිත පදනම් ලියවිල්ලක් සැදිමත් අත්‍යවශ්‍ය බව කෝප් කමිටුව පෙන්වා දී ඇත.

නවීන ඩ්‍රෝන තාක්ෂණය වැනි දෑ ඒ සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් ඒ පිළිබඳ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කොට කෝප් කමිටුවට දැනුම් දෙන ලෙස අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාට,කෝප් කමිටුවේ සභාපතිවරයා උපදෙස් දී ඇත.

නවීන තාක්ෂණය භාවිත කරමින් මෙම ඉඩම්වල දන්ත ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව අවධාරණය කර තිබේ.

මේ වන විට සිදුවන විවිධ අක්‍රමිකතා ඇතුළු ගැටලු රැසකට එමගින් විසඳුම් ලැබෙන බව පෙන්වා දී ඇති කෝප් කමිටුව, ඒ සඳහා කඩිනමින් මැදිහත්වන ලෙස ද අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

 

ජේ. ටී. ද සිල්වා , අනුරාධා හේරත්

 

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...