Tuesday, 9 November 2021

 

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දියේ ගිලිම්, අකුණු සැර වැදීම්, බිත්ති කඩා වැටීම සහ පස් කණ්ඩි කඩා වැටීම් හේතුවෙන් අදාළ අනතුරු සහ මරණ සිදුව ඇත.

මේ වන විට දිස්ත්‍රික්ක17ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 93ක ජනතාව වර්ෂාව සමග ඇති වූ ආපදා හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත.

මේ අතර අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 7529ක පුද්ගලයින් 28,263 දෙනෙකු මෙලෙස බලපෑමට ලක්ව ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

ආපදා හේතුවෙන් මේ වන විට සිදුව ඇති සමස්ත අර්ධහානි සංඛ්‍යාව 802ක් වන අතර පූර්ණ හානි 13ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මේ වන විට නුවරඑළිය, කළුතර, බදුල්ල, ගාල්ල සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ආපදාවන්ට ලක් වූ පුද්ගලයින් 445 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව ය.

මේ අතර බදුල්ල, කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් තවදුරටත් නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

තව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නාවිකයින්ට සහ ධීවරයින්ට මුහුදු ගමන් සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබේ.

 


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...