කොළඹ, කෙසෙල්වත්ත පොලිස් වසම තුළ පදිංචිව සිටි බාල වයස්කාර ගැහැණු දරුවන් තිදෙනෙකු නිවසින් අතුරුදන්වීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය අද කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට වාර්තා කළේ ය.
කෙසෙල්වත්ත පොලිසිය පවසන්නේ,වයස අවුරුදු 13 සිට15 දක්වා වයස් සීමාවල පසුවූ ගැහැණු දරුවන් තිදෙනෙකු මෙලෙස අතුරුදන් වී සිටින බව ය.
ඔවුන් තිදෙනාගෙන් දෙදෙනෙකු සහෝදරියන් වන අතර අනෙක් දැරිය ඔවුන්ගේ ඥාති සහෝදරියක බව වාර්තා වේ.
ඔවුන් තිදෙනා අතුරුදන් වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ, ඊයේ දිනයේදී ය.
No comments:
Post a Comment