දඹුල්ල පොලිස් වසමේ කලෝගග ඇළ ප්රදේශයේ පාළු
නිවසක් තුළ වයස අවුරුදු 14ක
බාල වයස්කාර දැරියක ඝාතනය කිරීමේ සිද්ධියකට සැක කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම
සඳහා දඹුල්ල පොලිසිය මහජන සහය පතයි.
පොලිසිය සඳහන් කරන්නේ, වයස
අවුරුදු 35ක් වන වික්රමසිංහ ආරච්චිලාගේ සුමේධ වසන්ත නොහොත් පහන් ලෙස හැඳින්වෙන අදාළ සැකකරු මෙම
ඝාතනයෙන් පසු ප්රදේශයෙන් පළා ගොස් ඇති බව පොලිසිය බවය.
දොරටියාගල, මඟුලාගම, කුරුණෑගල යන ලිපිනයෙහි පදිංචි වී සිට ඇති මොහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 862495098 V බව
පොලිසිය දැනුම් දී ඇත.
තව ද මහජනතාවට පොලිසිය දැනුම් දෙන්නේ, මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් පහත අංක වෙත දැනුම් දෙන ලෙස ය.
ස්ථානාධිපති - දඹුල්ල - 071-8591091
ස්ථානාධිපති - අපරාධ අංශය - 071-8593103
කාංචනා විජයබණ්ඩාර
No comments:
Post a Comment