Thursday, 18 November 2021


අද සිට වැසි අඩුවෙයි – අඩු පීඩන කලාපය තමිල්නාඩු වෙරළට යයි

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ උතුරු අන්දමන් මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැවැති අඩු පීඩන කලාපය අන්ද්‍රා ප‍්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාව පවතින නිසා අද (18දා) සිට දිවයිනේ පළාත් කිහිපයකට ලැබුණු වර්ෂාපතනයේ අඩුවීමක් සිදුවන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තත්ත්වය ලබන සඳුදා (22දා) දක්වා පවතින බවත් ඉන්පසු නැවත දිවයිනේ තැනින් තැන වර්ෂාව පැවතීමේ හැකියාව පවතින බවත්, කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණවිiාඥ ශ‍්‍රීමාල් හේරත් මහතා ‘දිවයින’ ට ඊයේ (17දා* පැවැසීය.
අඩුපීඩන කලාපයේ බලපෑම හේතුවෙන් උතුරු පළාතේ, පුත්තලම, අනුරාධපුරය සහ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්ක වලත්, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද ඔහු කීය.
බස්නාහිර – මධ්‍යම බෙංගාල බොක්ක, නිරිතදිග බෙංගාල බොක්ක, නැෙඟනහිර – මධ්‍යම බෙංගාලබොක්ක, ගිනිකොණ දිග බෙංගාල බොක්ක, මුහුදු ප‍්‍රදේශ සහ අරාබි මුහුද ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශවල සිටින ධීවර හා නාවික ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසට ද ඒ මහතා ඉල්ලා සිටී.
මේ අතර බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප‍්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත‍්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...