කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ බිම වැටී තිබූ රුපියල් ලක්ෂ 3කට අධික වටිනාකමකින් යුත් රත්‍රන් වළලක් නැවතත් අයිතිකරුට ලබා දීමට මහාධිකරණ පරිශ්‍රයේ රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කටයුතු කර තිබේ.
මෙලෙස කටයුතු කර ඇත්තේ, අධිකරණ ආරක්ෂක කොට්ඨාසයේ රාජකාරියේ යෙදී සිටින පොලිස් සැරයන් නිපුන සහ කාන්තා පොලිස් සැරයන් සඳමාලි යන නිලධාරීන් දෙදෙනා ය.
එම නිලධාරින් දෙදෙනා මහාධිකරණ පරිශ්‍රයේ බිම වැටි තිබූ රත්තරන් වළල්ල අහුලා, උපරිමාධිකරණ පරිශ්‍රයේ ප්‍රධාන පොලිස් පරික්ෂක ලියනගේ මහාතාට ලබා දී ඇති අතර ඔහු එම වළලේ අයිතිකරු වූ නීතිඥ මහත්මියකට නැවත එය ලබා දීමට කටයුතු කර ඇත.
හංසි නානායක්කාර
No comments:
Post a Comment