ස්ටීව් ජොබ්ස් සහ ස්ටිව් වොස්නියැක් විසින් 1976 වසරේදී
නිර්මාණය කරන ලද මුල් ම Apple
පරිගණකය
අමෙරිකාවේ වෙන්දේසියකදී අලෙවි වී තිබේ.
ඒ, අමෙරිකානු ඩොලර් 400,000ක මුදලකට ය.
දුර්ලභ හවායන් දැවමය රාමුවක් සහිත එම පරිගණකය තවමත් ක්‍රියාත්මක කල හැකි මට්ටමේ පවතින අතර, පළමුවෙන් නිෂ්පාදනය කළ පරිගණක 200 අතරින් එය එකකි.
මෙම පරිගණකය පළමුව මහාචාර්යවරයෙකුට අයත්ව තිබී ඇති අතර පසුව ඔහු එය සිය ශිෂ්‍යයෙකුට අමෙරිකානු ඩොලර් 650කට
විකුණා තිබිණි.
කැලිෆෝනියාවේ John Moran වෙන්දේසි සමාගම පැවසුවේ, පරිගණකය සමග එහි උපදෙස් පත්‍රිකා (user manuals) සහ
ඇපල් මෘදුකාංගය ඇතුළත් කැසට් පට දෙකක් ද ලබා දුන් බව ය.
ස්ටීව් ජොබ්ස්, ස්ටීව් වොස්නියැක් සහ රොනල්ඩ් වේන් යන තිදෙනා එක්ව 1976 වසරේ අප්‍රේල් 1 වන දා Apple පරිගණක නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ, ගරාජයක් තුළදී ය.
එම පරිගණක නිපදවීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට ස්ටීව් ජොබ්ස් තමන් සතුව තිබූ W Microbus රථය විකුණා මුදල් ලබාගත් අතර, වොස්නියැක් සිය HP-65 කැල්කියුලේටරය අමෙරිකානු ඩොලර් 500කට විකුණා තිබිණි.
1976 වසරේදී නිපද වූ ඇපල් පරිගණකයක මිල සටහන් කර තිබුණේ, ඇමෙරිකානු ඩොලර් 666,66ක් වශයෙනි.
එවැනි මිලක් නියම කර ඇත්තේ, එකම ඉලක්කම භාවිත කිරීමට වොස්නියැක් තුළ තිබූ කැමැත්ත නිසා බව වාර්තා වේ.
මේ වන විටත් ඔවුන් මුලින් ම නිපදවූ පරිගණක 20ක් පමණ ක්‍රියාකාරී මට්ටමේ පවතින බව පැවසේ.
No comments:
Post a Comment