නිරිත දිග පැසිෆික් සාගරයේ පිහිටා ඇති ටොංගා රජ්‍යයෙන්
ප්‍රථම වරට කොරෝනා ආසදිතයෙකු හඳුනාගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් එරට වැසියන් කොවිඩ් මර්දන එන්නකරණය සඳහා යුහුසුළුව යොමු වී ඇති බවය.
නවසීලන්තයේ සිට ආපසු ගෙන්වා ගැනීමේ ගුවන් යානයකින් පැමිණි පුද්ගලයෙකු මෙලෙස කොරෝනා ආසාදිතයෙකු ලෙස
හඳුනාගෙන ඇත.
අදාළ පුද්ගලයා පූර්ණ එන්නත්කරණයට ලක්වූවෙකු බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ට්‍යගාහි අග්‍රාමාත්‍යවරයා එරට ප්‍රධාන දූපත වන Tongatapu'
වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ, එළෙඹෙන සතියේ අගුළු දැමීමක් සිදු විය හැකි බව ය.
ටොංගා රාජ්‍යය කොරෝනා වෛරස
ආසාදිතයින් වාර්තා නොවුණු අවසන් රටවල් අතරින් එකකි.
නවසීලන්තයට ඊසාන දෙසින් පිහිටි මෙම දූපත් රාජ්‍යයේ
100,000කට
අධික පිරිසක් ජීවත් වෙති.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටොංගා රාජ්‍යයේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බව ය.
No comments:
Post a Comment