Sunday, 14 November 2021


ප්‍රංශ රාජකීයයන්ට අයත්ව තිබූ දියමන්ති පළඳනා යුගළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි වී තිබේ.


ඒ අමෙරිකානු ඩොලර් මිලියන 8.18ක දැවැන්ත මුදලකටය.


වසර 200කට ආසන්න කාලයක් තිස්සේ යුරෝපා රාජකීය පවුලට අයත්ව තිබූ දියමන්ති පළඳනා යුගළක් එලෙස වෙන්දේසි කර තිබුණේ ලෝ ප්‍රකට ක්‍රිස්ටීස් වෙන්දේසි සමාගම විසිනි.


මෙසේ වෙන්දේසි වී තිබුණේ ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට් රැජිනට අයත්ව තිබූ දියමන්ති පළඳනා යුගළකි.


දියමන්ති පළඳනා යුගළ අමෙරිකානු ඩොලර් මිලියන 2ත් 4ත් අතර මුදලකට අලෙවි වනු ඇති බවට ක්‍රිස්ටීස් සමාගම අපේක්ෂා කර තිබුණි.


කෙසේවෙතත් ඊට අමෙරිකානු ඩොලර් මිලියන 8.18ක ලංසුවක් හිමිවීම විශේෂත්වයකි.


නිල් පැහැ විල්ලු ද මංජුසාවක බහා තිබූ පළඳනා යුගළට දියමන්ති 112ක් ඔබ්බවා ඇති බව වාර්තා වෙයි.


1793 වසරේදී ගිලටීනයේ මරාදැමූ මාරි ඇන්ටොනෙට් රැජින, ඇය ඝාතනයට ලක්වීමට පෙර මෙම පළඳනා ඇයගේ දියණියක් වෙත යවා තිබුණි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...