පැවති සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ජනතාව සෞඛ්‍ය මාගෝපදේශ නිසි පරිදි ආරක්ෂා නොකිරීම හා අනවශ්‍ය ජන ඒකරාශීවීම් හේතුවෙන් 'කොවිචඩ් අනුපොකුරු ඇති වීම වැළැක්විය නොහැකි බව' වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂ ද වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.
අද (නොවැ.03) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, ජනතාව මෙලෙස සෞඛ්‍ය පුරුදු මගහැර වගකීම් විරහිතව හැසිරිම හේතුවෙන් විශාල අනුපොකුරක් ඇති වුවහොත් එය පාලනය කිරිමට මාස 3, 4ට වඩා කලක් ගත වන බවත් එසේ වුව හොත් නිසැකව ම සති දෙකකින් මරණ සංඛ්‍යාව ද යළි ඉහළ යා
හැකි බවත් ය.
"රෝගීන් වැඩිම වුණොත් අනිවාර්යෙන් ම සති දෙකකින් මරණ සංඛ්‍යාව වැඩි වෙනවා ඒ කරණය හැමදේම කරලා තිබුණත්. මේ තත්වය පවත්වාගෙන යන්න හැමෝට ම වගකීමක් තියෙනවා අපි දකිනවා දැන් මේ වන විට සමාජයේ වගකීම් විරහිතව හැසිරෙන විදියක්. අනිවාර්යයෙන් ම පළාත් සීමා අයින් වෙලා තියෙනවා. යම් ප්‍රමාණයකට තත්වයන් පවත්වාගෙන යනෙන නමුත් ඒක අවශ්‍යතාවන්ට විතරක් ඒක පාවිච්චි කරන්න.
සමහරු මාස්ක් එක නැතිව නැත්නම් ඒක හරියට පිළදින්නේ නැතිව ඉන්න එක. එහෙම ආවොත් අනුපොකුරු ඇති වෙන එක වළක්වන්න බෑ. වසංගතයක ස්වභාවය යම් ප්‍රමාණයකට ප්‍රචලිත
වුණොත් ඒක පාලනය කර දුෂ්කරයි. යම් කිසි විශාල පොකුරක් ආවොත් යම් සාධනීය තත්ත්වයකට ගේන්න මාස තුන හතරකට වැඩි කාලයක් අනිවාර්යයෙන් යනවා. ඒ නිසා එදාට දුවෙලා වැඩක් නෑ.
මාස්ක් එක හරියට පළඳින්න. අත සෝදන්න. අනවශ්‍ය පරිදි ජනතාව හමුවන තැන්වලට යන්න එපා. ඒක හරි ම වැදගත්. හුඟක් වෙලාවට අනු පොකුරු ඇතිවන්නේ අනවශ්‍ය විදියට ජනතාව ගැවසෙන තැන්වලට යාම තුළින්. දැනටමත් යම් යම් ප්‍රදේශවල අනුපොකුරු කිහිපයක් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පරිබාහිරව සංවිධානය කරපු මගුල් ගෙවල්, මළ ගෙවල් හරහා කිහිපයක් වාර්තා වෙලා තියෙනවා ඒ තත්වය එච්චර හිතකර නෑ
තව ද මේ වන විට මතුව ඇති තත්වය අනුව එක්
ආසාදිතයෙකු හමු වූ අවස්ථාවක ඔහුගේ ආශ්‍රිතයින් සොයා ගොස් ඔවුන් නිරෝධායනයට ලක් කිරීමේ මින් පෙර පැවති
තත්වයට මාරු වන අවස්ථාවකට අප පැමිණ ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.
"රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වුණා ම ඒ වගේ අවස්ථාවක අපිට එකෙන් එකෙන් පස්සේ පුද්ගලිකව සොයා බැලීම් කරන්න අපහසුතාවක් තිබ්බා නමුත් දැන් මේ තත්වය යටතේ අපි අයේ උත්සාහ කරන්නේ අර මුල තත්වයට ම යන්න. යම් කිසි රෝගියෙක් ආවොත් ඔහුගේ ආශ්‍රිතයින් සොයා ගිහිල්ලා, ඔවුන් සියල්ල ම නිරෝධායනය කරන්න. දැන් අපි ඉන්නේ ඒ තත්තවයට මාරු වෙන අවස්ථාවක. ඒක උපරීමයෙන් කරන්න වෙනවා මේ තත්ත්වය පාලනය කර ගන්න.
කාංචනා විජයබණ්ඩාර
No comments:
Post a Comment