සවස් යාමේ ඇද වැටෙන මහා වර්ෂාව සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න පටන් අරගෙන. උදෑසන අත්විදින්න වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ කාලගුණික තත්ත්වයකට. සවස් කරේ ඇද හැලෙන වැස්ස නිසාවෙන් උදෑසනට දකින්න ලැබෙන්නේ පැහැදිලි අහසක්. එනම් වෙනදාට උදෑසන අහස් කුසේ දකින්න ලැබෙන හීන් මීදුම මුසු වූ දූවිලි මේ දිනවල දැක ගන්න ලැබෙන්නේ නැහැ. සියල්ලම වැස්සට හේදී ගොසින්. මේ නිසාවෙන් හිමිදිරි උදෑසනට අපේ රටේ බොහෝ ස්ථානවලට හරි අපූරුවට සිරිපාදේ දැක බලා ගන්න පුළුවන්. දහසක් බුදුන් බුදු වන හිමිදිරි උදෑසන වලාකුළු රහිත විසල් වූ නැඟෙනහිර අහස් ගැබ නීල පැහැයෙන් දිස් වන සිරිපා කන්ද ප්‍රමුඛ සමනල කඳු වැටිය දුටු සිතක ජනිත කරන්නේ සුපහන් හැඟුමක්.
උඳුවප් මස පුර පසළොස්වක පොහොය දිනයෙන් පසුව බැතිමතුන් සිරිපා වන්දනාවේ නිරත වීම ආරම්භ කරනවා. වන්දනා සමයට බැතිමතුන් ලක්ෂ 20කට නොඅඩු ගණනක් සිරිපා අඩවියට ප්‍රවිෂ්ට වෙනවා.
පසුගිය කොරෝනා වසංගත තත්ත්වය අභිමුව සිරිපා වන්දනාවේ නිරත වීමට තිබූ කැමැත්ත සඵල කර ගත නොහැකි වූ වන්දනාකරුවන්ට එළැඹෙන සිරිපා සමයේ දී වන්දනාවේ නිරත වීමට ප්‍රථම යම් පණිවුඩයක් දෙන්නයි මේ සූදානම. මහා වංශයට අනුව බුදුන්වහන්සේගේ තෙවැනි වර ලංකා ගමනේ දී සමනොල අඩවියට අධිපතිව විසූ සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවකට අනුව සමනොළ කන්දට වැඩම කළ උන්වහන්සේ තම ශ්‍රී පාද පද්ම ලාංඡනය කඳු මස්තකයේ සනිටුහන් කර ඇති බව පිළිගත් මතයක්. එවැනි උතුම් කාර්යයක් වෙනුවෙන් බුදුන් වහන්සේ සමනල කන්ද පරිවරා ගත් මේ සමනල වන පෙත තෝරා ගන්නට ඇත්තේ වන පෙතේ ඇති සොඳුරු බව උන්වහන්සේගේ සිත ගත් නිසා විය යුතුයි. බුදු දහම ඇතුළුව සෙසු ආගම් අදහන බැතිමතුන් ද සිරිපා වන්දනාවේ නිරත වන්නේ ස්වකීය ශාස්තෘවරයන් සිහිපත් කරමිනි.
බොදු දර්ශනය ඇතුළු ව සෙසු ආගම් ද ගොඩනැඟී ඇත්තේ පරිසරය සමග මුසු වෙමිනි. පරිසර සංරක්ෂණයේ ඇති වැදගත්කම මේ සියලු දර්ශන තුළින් ඉස්මතු කර පෙන්වා ඇති සේම පරිසරය සමඟ සහජීවනයෙන් ජීවත් වීම තුළින් ජීවිතයට අත් වන සෞඛ්‍ය සම්පන්න බව සේම සෞභාග්‍යය ද සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකාවේ භූ සැකැස්ම පිළිබඳ ව සැලකිලිමත් වීමේදී සමනල කඳු පන්තිය නියෝජනය කරනා පාරිසරික කලාපය තුළ සුවිශේෂි වූ ජෛව විවිධත්වයක් පිළිඹිඹු කිරීමට බලපා ඇති සාධක අතරට ඉහළ අඩතැනි (Highest Peneplain) කලාපයට සමනල කඳු පන්තිය අයත් වීම ප්‍රධානයි. ශ්‍රී ලංකාවට ආවේණික උරග, උභය ජීවී, මත්ස්‍ය, පක්ෂි, ක්ෂීරපායි, සමනල, බත්කූරු සහ මිරිදිය කකුළු ආදී වූ සත්ව ප්‍රජාවගේ බොහෝ නියෝජනයන් මේ සිරිපා වන පෙත තුළ සැඟව තිබෙනවා. මෙරටට ආවේණික වු ශාක විවිධත්වය ද ඊට නොදෙවැනියි. මෙවන් ජෛව විවිධත්වයෙන් පොහොසත්, ඉතා සංවේදී පාරිසරික කලාපයක් තුළ අත්විඳිය හැකි සොබා සුන්දරත්වය කෙබඳු විය හැකි දැයි විස්තර කරන්න තවත් අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ.
සමනල වන පෙත නියෝජනය කරනා ශාක ප්‍රජාව අතර එකී ශාකවලට ද නැවුම් පෙනුමක් දෙමින් ගස් කඳන් මත හා බිම් ස්ථරයේ විවිධ ස්ථානවලත් තමන්ගේ පැවැත්ම තහවුරු කර ගත් ශාක කුලයක් ලෙස ඔකිඩේසියේ (ORCHIDACEAE) හැඳින්විය හැකියි. සිරිලක පුරා ඕකිඩ් විශේෂ 188කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වනවා සේම ඉන් විශේෂ 46කට ආසන්න ගණනක් සමනල වන පෙතේ දී හමු වේ. ඒවායින් විශේෂ 16කට ආසන්න ගණනක් ආවේණික විශේෂ වෙයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් වනජීවී රක්ෂිතයක් සේ ප්‍රකාශයට පත් කර ඇති සමනල අඩවියේ ආරක්ෂාව සඳිහා ප්‍රධාන සිරිපා මං පෙත් දෙක වන පලාබද්දල සහ නල්ලතන්නිය කේන්ද්‍ර කර ගනිමින් වනජීවී අඩවි ආරක්ෂක කාර්යාල ද්විත්වයක් ස්ථාපිත කර ඇත්තේ සමනල අඩවිය සතු ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ ප්‍රමුඛ කාර්යය වෙනුවෙන්. මන්ද යත්, සිරිපා වන්දනා සමය යනු සමනල වන පෙත අනිසි මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් දැඩි ලෙස අපවිත්‍ර වන සමයක්.
සමනළ වන පෙත සංවේදී වනජීවී රක්ෂිතයක් වුවත් සිරිපා වන්දනාව වෙනුවෙන් මේ අනගි වනපෙත තුළ ඉඩ කඩ වෙන් වෙනවා. අනගි ජෛව විවිධත්වයකින් සුසැදි සමනල වනාන්තර ප්‍රදේශය 1940 ඔක්තෝබර් මස 25 වැනි දින හෙක්ටයාර් 22379.1ක භූමී ප්‍රමාණයක අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් වුණා. මිනිසා හා ජෛව ගෝල රක්ෂිතයක් යන ගෞරව නාම සමනල වන පෙතට ලැබීමත් 2010 වසරේ දී යළි සමනළ වන පෙත ලෝක උරුම වන බිමක් වශයෙන් ප්‍රකාශයට පත් වීම මේ සංවේදී වූ පාරිසරික කලාපයේ ඇති සුවිශේෂීත්වයයි.
චිරාත් කාලයක සිට පැවැතෙන සිරිපා පියුම වන්දනා මාන කිරීමේ කාර්යය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට දැන් ඉඩ හසර ලැබී තිබෙනවා. ඒත් වන්දනාමය කටයුතු පසෙකලා දී ඇති නිදහස අයුතු ලෙස භාවිතයට ගනිමින් සමනල අඩවිය සතු අනගි ජෛව සම්පත් මංකොල්ල කෑමට සිරිපා වාරයේ දී වගේම අවාර සමය තුළදීත් වන පෙතට රිංඟන්න මාන බලන්න සුදුසු නැහැ. ප්‍රධාන මාර්ග දෙකට අමතරව අප්‍රකට තවත් මාර්ග කිහිපයක්ම සමනල වන පෙත තුළින් දිව යනවා. ඒ නිසා බැතිබර සිතින් සිරි පතුළ වැඳ නමස්කාර කර ගැනීම සඳහා ම පිවිසෙන ඔබ සෙසු බැතිමතුන්ගේ ක්‍රියා කලාපය ගැනත් අවබෝධයෙන් පසු වෙන්න.
ජෛව විවිධත්වයෙන් අගතැන්පත්, ගෞතම සම්මා සම්බුදු රාජණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් සැනහුණු මේ උතුම් භූමිය මිනිස් අපද්‍රව්‍යයන්ගෙන් කිළිටි නොකරන්න. සැදැහැ සිතින් සිරිපා වන්දනාවේ නිරත වන ඔබ සරිපා පියුම වැඳ නමස්කාර කර ගනිමින් සිත සුපහන් සිතුවිලිවලින් පුරවා ගන්නා අතරතුර දී මඟ දෙපස අපවිත්‍ර නොකරමින් වනයේ සුපිරිසුදු බව මිනිස් අතින් කිළිටි නොකරන්න. එළැඹෙන වන්දනා සමය තුළ පරිසර හිතකාමී වන්දනාවක නිරත වන්න හිතට ගන්න.

සඳමල් රශ්මී ශ්‍රී බුද්ධික
ඡායාරූප - රෝහිත ගුණවර්ධන
No comments:
Post a Comment