තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයන් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතු අතර එන්නත ලබාගත් බව තහවුරු කිරීම සඳහා එම කාඩ්පත රැගෙන යාම හෝ එහි ඡායාරූපයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය එළඹෙන ඉරිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.
කෙසේ වෙතත් ක්‍රීඩාංගණයට ඇතුළු වන දිනට එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන දින 14ක් ඉක්මගොස් නොමැති අයට තරගය නැරඹීමේ අවස්ථාව හිමි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ හෙට දිනයේ සිට ප්‍රේක්ෂකයන්ට ප්‍රවේශ පත්‍ර මිළදී ගත හැකි බවය.
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 16 වැනිදා ත්, දෙවන තරගය ජනවාරි මස 18 වැනිදාත්, තුන්වන තරගය 21 වැනිදාත් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
No comments:
Post a Comment