Wednesday, 12 January 2022

ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ලෝක ටෙනිස් ශූර නොවැක් ජොකොවිච් ට එරෙහිව තවත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.


ඔවුන් එම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ ජොකොවිච් විසින් ව්‍යාජ සංචාරක ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා ය.


තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර දින 14 සම්බන්ධයෙන් ඉදිරිපත්කළ තොරතුරු වල නිරවද්‍යතාව සමබන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන්ට සැකයක් මතුවී ඇති බව සඳහන් වෙයි.


විශේෂයෙන්ම එම සති දෙක තුළදී ස්පාඤ්ඤයේ සහ සර්බියාවේ විවිධ අවස්ථා වලට එක්වූ බවට හැඟවෙන ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

 

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ට එක්වීම සඳහා ජොකොවිච් ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණේ ජනවාරි 05 වනදා ය.


නමුත් කොවිඩ් මර්දන එන්නත ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුගේ පැමිණීම ඔස්ට්‍රේලියානු බලධාරීන් ට හිසරදයක් විය.


එහෙත් වරක් කොවිඩ් ආසාදනය වී තිබීම හේතුවෙන් වෛද්‍ය කණ්ඩායම් දෙකකින් ලැබුණු අනුමැතිය හේතුවෙන් ඔහුට ටෙනිස් තරගාවලිය සඳහා සහභාගී වීමට අවසර දීමට ඔස්ට්‍රේලියානු ටෙනිස් සම්මේලනය කටයුතු කළේය.


එහෙත් ජොකොවිච් ගේ වීසා අයදුම්පතෙහි වැරදි තිබු බව පවසමින් ඔහුගේ වීසා බලපත්‍රය අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු ආගමන-විගමන නිලධාරීන් කටයුතු කළේය.


නමුත් එම නියමයට එරෙහිව නීති මාර්ගයට පිවිසි ජොකොවිච් ට අධිකරණයෙන් සහනයක් ලැබුණි.


එහෙත් ඔහුව රටින් නෙරපා හැරීමේ බලය ඇත්තේ එරට ආගමන ඇමතිට ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...