ශ්‍රී ලංකාවේ පළමු පූර්ණ නිර්මාංශ ආහාර වට්ටෝරු ඇතුළත් ග්‍රන්ථයක් එළිදක්වා තිබේ.
නිරෝගී, අවිහිංසාවාදී පරපුර යළි මෙරට බිහිකිරීමේ අරමුණ ඇතිව Dharma Voices for Animals (සතුන් වෙනුවෙන් දහම් හඬ) සංවිධානය විසින් එම ග්‍රන්ථය එළිදක්වා ඇත.
"ආරෝග්‍යා" ලෙස නම්කර ඇති මෙම ආහාර වට්ටෝරු ග්‍රන්ථයේ 100%ක්ම නිර්මාංශ ආහාර වට්ටෝරු 100කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත්ය.
එම ආහාර වට්ටෝරුවල විශේෂත්වය වන්නේ කිරි හෝ සතුන් යොදාගෙන නිෂ්පාදනය කෙරෙන කිසිදු ද්‍රව්‍යයක් ඒවා සෑදිමේදී අවශ්‍ය නොවීමය.
ග්‍රන්ථයේ පළමු පිටපත Dharma Voices for Animals සංවිධානයේ නිර්මාතෘ බොබ් අයිසැක්සන් මහතා විසින් පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරී, පණ්ඩිතාචාර්ය අතිපූජ්‍ය වත්තේගම ශ්‍රී ධම්මවාස නායක හිමිපාණන් වෙත පිළිගැන්විණි.
ආහාර වට්ටෝරු ග්‍රන්ථයේ පළමු පිටපත් 10,000 මුළු දිවයිනම ආවරණය වන පරිදි බෞද්ධ විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන මුලික කරගනිමින් සම්පූර්ණයෙන්ම නොමිලයේ බෙදාහැරීමට නියමිතය.
No comments:
Post a Comment