Wednesday, 26 January 2022


 

වර්තමානයේ ශ්‍රී ලංකාවට අත්‍යාවශය සහල් වැනි භාණ්ඩ සපයා ගැනීම සඳහා චීන සහනාධාර පහසුකම් උපයෝගී කර ගැනීමේ ඉඩකඩ විමර්ශනය කිරීමට චීනය හා ශ්‍රී ලංකාව එකඟ වී ඇති බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


මීට අදාළ සාකච්ඡා තවත් නොබෝ දිනකින් ආරම්භ කරන බව රජය පවසයි.


චීන ආධාර පහසුකම් යටතේ ලබාගත යුතු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මොනවාද යන්න ගැන චීන රජය සමග සාකච්ඡා කිරීමට ජනවාරි 18 දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය වී තිබේ.


වෙළඳ අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව මේ මොහොතේ ප්‍රමුඛතාව දිය යුතු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා හඳුනාගෙන එම භාණ්ඩ හා සේවා ආධාර ලෙස චීන රජයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...