Tuesday, 18 January 2022


දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකුට දිවි අහිමි වී තිබේ.


වැලිකන්ද පොලිස් වසමේ බොරළුවැව දුම්රිය හරස් මාර්ගය අසලදී සිදුවූ රිය අනතුරකින් 74 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.


සෙවනපිටිය දෙස සිට බොරළුවැව දෙසට ධාවනය වූ යතුරපැදියක් මාර්ගය හරහා ගමන්කළ පදිකයෙකුගේ ගැටී  (16) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුවී තිබුණි.


අදාළ අනතුරින් මියගොස් ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


මේ අතර නවගමුව පොලිස් වසමේ අවිස්සාවේල්ල - කොළඹ පරණ මාර්ගයේ සුදවිල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.


කඩුවෙල දෙස සිට හංවැල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ලොරි රථයක ගැටී එම අනතුර සිදුවී තිබේ.


අදාළ අනතුරින් බරපතළ තුවාල ලැබූ හංවැල්ල දෙසට ධාවනය වූ ලොරි රථයේ රියදුරු නවගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.


එලෙස මියගොස් ඇත්තේ, 36 හැවිරිදි අකරවිට පාර, කොස්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


ලොරි රථ රියදුරන්ගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් ඊයේ එම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.


මේ අතර පන්නල - මීගමුව මාර්ගයේ මාකදුර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 40 හැවිරිදි පුද්ගයෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.


ත්‍රීරෝද රථයක යතුරුපැදියක් ගැටී එම අනතුර සිදුවී ඇත.


අදාළ අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරපැදිකරු සඳලංකා රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.


මේ අතර යාපනය - කයිට්ස් මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.


ඊයේ සවස් කාලයේදී එම රිය අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.


යාපනය දෙස සිට කයිට් දෙසට ධාවනය කිරීමේදී හමුවන පළමු පාලම අසලදී යතුරුපැදිය පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළී එම අනතුර සිදුවී ඇත.


අදාළ අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරපැදිකරු හා පසුපැදිකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී යතුරුපැදිකරු මියගොස් ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...