අවට සිටි පිරිස් එක්වී මෝටර් රථයේ සිටි පිරිස් බේරාගෙන ඇත.
ඒ අනුව සිද්ධියෙන් තුවාල ලැබූ සිව්දෙනෙකු කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණි.
අනතුර සිදුවී තිබුණේ ඊයේ (12) පස්වරුවේදීය.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ නිතර අනතුරු සිදුවෙන බවත් ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස කලක සිට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද මේ දක්වා එය සිදුවී නොමැති බවය.
මේ අතර අනතුරට පත් පිරිස බේරාගැනීම සඳහා එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් සිය රථවාහන මාර්ගය අසල නවතා ඇති අතර පසුපසින් පැමිණි ලොරි රථයක් එම වාහනවල ගැටී අනතුරට ලක්වී තිබුණි.
No comments:
Post a Comment