Sunday, 13 February 2022


අගහිඟකම ලෝකය පුරා පැතිරුණු ‘ද ග්රේරට් ඩිප්රෙෂන්’ නොහොත් මහා ආර්ථික අවපාතයේ මුව විට වූ 1935 දී අමෙරිකාවේ, මිසිසිපි ජනපදයේ ටුපෙලො නගරයේ යුවලකට, ජනවාරි 8 වැනිදා පිරිමි දරුවකු උපදින්නේය. සුළු කම්කරුවන් වූ ඔවුන් දරුවාට එල්විස් ඒරන් ප්රෙරස්ලි යන නම තබා තමන්ටම කියා ලෑලි ගෙයක් අටවාගෙන ස්ථිර පදිංචියට යන්නේ එතැන් සිටයි. ඊළඟ අවුරුද්දේ, 1936 පෙබරවාරි 12 වැනිදා එවකට බිරතාන්ය අධිරාජ්යයේ කොටසක් වූූ සිලෝන් නොහොත් ලංකාවේ කොළඹ, කැටවලමුල්ලේ දෙපලකට කුළුඳුලේ ඉපදෙන දරුවාට හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල යන නම තැබේ. ටේලර් වැඩ කළ මේ පවුලට වැඩිකල් නොගොස් තවත් දරුවන් එකතු වන බැවින් ඔවුහු නුදුරු දෙමටගොඩ පරදේශයේ ගෙයක් සොයා ගනිති.

මේ අතර දෙවැනි ලෝක යුද්ධය ඇවිලී ජන ජීවිත කබලෙන් ලිපට වැටෙද්දියි කුඩා එල්විස්ට සහ ජෝතිපාලට පාසල් යන්නට සිදුවන්නේ. එහිදී ඔවුන් විශේෂ දක්ෂතා පෑ බවට සඳහනක් නැත. සංගීත විෂයය සඳහා එල්විස් ලබාගන්නේ ‘සී’ සාමාර්ථයකි. ඒ තරමටවත් සංගීතය හදාරා නැති ජෝතිපාලට ඩෙස්ක් බංකු හා බෙලෙක්කවලට ගසමින් ගීත ගැයීමේ පුරුද්දක් වූූ බව පමණයි කියැවෙන්නේ. එය ඔහුගේ පිහිටට එන්නේ පසු කාලයකය. එල්විස්ට අත්වැල වන යමක් දෙමව්පියන්ගෙන් උපන්දින තෑග්ගක් ලෙස ලැබේ. ඒ ළමා ගිටාරයකි. කරදඬු උස් වූූ පසුවත් ඔහු එයම පාවිච්චි කරන්නේ අලුත් එකක් ගන්නට වත්කමක් නැති නිසාය.
මෙම්ෆිස් සහ මරදාන
එල්විස් ගැටවරයකු වෙද්දී ටෙනසි ජනපදයේ මෙම්ෆිස් නගරයේ පදිංචියට යෑමට ප්රෙරස්ලිලා තීරණය කරති. අපරිකානු සම්භවයක් ඇති ජනතාව වෙසෙන එහි නැටුම්, ගැයුම්, වැයුම් බහුල සංස්කෘතිය එල්විස්ගේ දෛවය අන් අතක පරස්ථාරගත කරන්නේය. දුක, විරහව මතුවන ‘බ්ලුස්’ ආරේ සංගීතයට පරසිද්ධ මෙම්ෆිස් හී බීල් ස්ටීරට් පාරේ රස්තියාදු වන එල්විස්, සංගීතයට සවන්දීමේ පහසුකම් ඇති ‘ලිස්නින් බූත්’වලින් හා කාසි දමා ගීත අසනු හැකි ‘ජූක් බොක්ස්’ වාදන යන්තරවලින් සිංදු අහන්නට පුරුදු වෙයි.
ජෝතිපාල රස්තියාදු ගහන්නේ මරදානේය. කොළඹ වරායට නුදුරු මේ පරදේශය ලෝකයට විවෘත වූ දොරටුවකි. නූර්ති, නාඩගම් පෙන්වූ ටවර්හෝල් ශාලාවද, එල්ෆින්ස්ටන්, කැපිටල්, කිංස්ලි ආදී සිනමාශාලාද පිහිටි මරදානේ අලුත් නාගරික සංස්කෘතියේ විනෝදාංගයක් වූ ගීතයට වහවැටෙන ඔහු, ‘සංගීත කාමර’ හා ‘රිඩිෆියුෂන්’ ගුවන්විදුලි යන්තර තිබුණු කඩ අසල ගැවසෙන්නේය. ඔහුට අල්ලලා යන්නේ ඉන්දීය චිතරපට ගීත හා සංගීතයයි. කළු අමෙරිකානුවන්ගේ ශෛලියෙන් සැදුණු කිස්තියානි පල්ලියේ ‘ගොස්පල්’ ගීතිකා සම්පරදායට එල්විස්ගේ හිත යන බැවින් ඔහු ගිටාරය ද රැගෙන දේවස්ථානවල සර්වරාතිරක ගායනාවලට සහභාගී වේ. මරදාන පැත්තෙන් බිහිවූ සංගීත සාජ්ජවල ගී ගයන ජෝතිපාල මළගෙවල්වල වෙස්සන්තර කවි සජ්ඣායනා කරන්නටත් ගිය බවට අපරකට සාක්ෂි ඇත.
අපිරකානුවන්ගේ ‘රිදම් ඇන්ඩ් බ්ලුස්,’ කරිස්තියානි ‘ගොස්පල්’ හා අමෙරිකානු ‘කන්ටිර ඇන්ඩ් වෙස්ටන්’ යන සියලු ගායනා ශෛලීන් නියෝජනය කළ ආතර් කෲඩප්, කන්යා සොහොයුරියක් වූ රොසෙටා තාප්, බිල් මොන්රෝ ආදීහු එල්විස්ගේ පිරයතමයෝ වෙති. කිසිදා නොදුටු මන්නාඩේ සහ මොහොමඩ් රාෆිගේ ගායනාවලට පිස්සු වැටුණු ජෝතිට සිය පියාගේ ටේලර් සාප්පුව ආසන්නයේ පදිංචි චරිතයක් නිසයි ගායකයකු වන්නට ආසා ඇති වන්නේ. ලාංකිකයකු නුවූ හේ තරුණ මොහිදීන් බෙග් ය.
දෙදෙනාටම නියම අවස්ථාවක් ලැබෙන්නට පෙර බොහෝ පසුබෑම්වලට ලක්වන්නට සිදුවේ. එවකට අමෙරිකාවේ අලුත් මාධ්යය වන ටෙලිවිෂන් වැඩසටහන් සඳහා සංගීත කණ්ඩායම් සහභාගී වූ බැවින් එවැන්නක සාමාණිකත්වය ලබාගන්නට ටරක් රියදුරු රැකියාවක් කරමින් සිටි එල්විස් උනන්දු වන්නේය. එක් සම්මුඛ පරීක්ෂණයකදී එඞී බොන්ඩ් නම් ජනපිරය සංගීත කණ්ඩායම් නායකයා පවසන්නේ, ”ටරක් එළවගෙන ඉන්නවා. ඔය හඬත් එක්ක ජීවිතේට සිංදු කියන්න වෙන්නෙ නැහැ” කියායි. එකල ලංකාවේ ආකර්ෂණීයම මාධ්යය වූ චිතරපටවල ගී ගැයීම සඳහා අවස්ථාවක් සොයන ජෝතිපාල ඒ නිසාම ඇතැමුන්ගේ විහිළුවට ලක්වේ. බොහෝ රැවටීම්වලට හසුවී ඔහු සියදිවි හානිකරගන්නට තරම් දුර්මුඛ වූ අවස්ථා ඇත. වරක් සිරිසේන විමලවීරගේ ‘පොඩි පුතා’ චිතරපටය සඳහා හඬ පරීක්ෂණයකට යන ඔහුට අසන්නට ලැබෙන්නෙත් ”ළමයෝ, තමුසෙගෙ හඬට උපකරණ දෙදරනවා, මිහිරි ගතියක් නෑ” යනුවෙනි.
පනස් හය
අන්තිමේ එල්විස්ට අවස්ථාවක් ලැබෙන්නේ සී.බී.එස් විකාශන සේවයේ ‘ටැලන්ට් ස්කවුට්ස්’ නම් ආධුනික ගායනා වැඩසටහනකින්ය. ඊට වඩා වැදගත් වන්නේ මේ කියන වකවානුවේදී ඔහුගේ ඉදිරි ගායන ජීවිතයේ නියමුවකු වන කර්නල් ටොම් පාකර්ගේ මුණැසීමයි. හරියටම ඒ අවුරුද්දේ, 1955 දී ජෝතිපාල ‘පෙරකදෝරු බෑණා’ චිතරපටය සඳහා හඬ පරීක්ෂණයට යන අතර එහිදී කරුණාරත්න අබේසේකර නම් පද රචකයාව හඳුනාගන්නට ලැබේ. පසු කලෙක සිංහල සිනමාවට නැතිවම බැරි ගායක – ගීත රචක දෙපල බවට පත්වන මොවුහු, ‘පෙරකදෝරු බෑණා’ පරීක්ෂණයෙන් අසමත් වෙති.
හැමදාම සිංදු කියන්නට යන පුතුගෙන් ඔහුගේ හඬ රැගත් සංගීත තැටියක් ගෙන එන්නැයි ජෝතිගේ මව ඉල්ලා සිටින්නීය. ස්ටැන්ලි ඕමාර් නම් සංගීතඥයා එම අනුගරහය ලබා දී ජෝතිගේ ගීත දෙකක් තැටිගත කරයි. ඉන් එකක් එච්.ආර්. ජෝතිපාලගේ පරථම ගීය ලෙස සැලකෙන ‘මගෙ රන් රාජිණී’ ය. එක්තරා උදෑසනක මෙම්ෆිස් හී ‘සන් රෙකෝඩ්ස්’ සමාගමට ගොඩවන එල්විස් ප්රෙරස්ලි තමන්ගේ වියදමෙන් ගීත දෙකක් තැටිගත කරන්නේත් මේ කාලයේදීයි. ඒ සිය මවට තම ගායනා අසන්නට සැලැස්වීම සඳහා බව ප්රෙරස්ලි පසු කලෙක කියා තිබේ.
1956 දෙදෙනාටම වාසනාව ගෙනෙනා වර්ෂයයි. එල්විස්ට අවුරුදු 21 ක් වන අතර ජෝතිපාලට අවුරුදු 20 ය. එල්විස්ගේ ‘හාට් බ්රේරක් හොටෙල්’ නම් ගීය අමෙරිකාව පුරා නොසිතූ ජනපිරයත්වයක් හිමිකර ගනිමින් පරචාරය වේ. එය හෝටලයකදී සියදිවි නසා ගත් තරුණයකු පිළිබඳ සත්ය සිදුවීමක් අළලා නිර්මාණය වූවකි. බොහෝ ගීත අඩංගු වූ ‘සුරතලී’ චිතරපටයේ ජෝතිපාලගේ හඬින් ගැයුණු ‘සිරියා මෙ සාරා’ ගීය ද එක් රැයෙන් ජනපිරය වන්නේය. මේ ගීය චිතරපටයට යොදා ගන්නා බවට සැක හැර දැන ගැනීම සඳහා එම ජවනිකාව රූපගත කරන තැනට ගිය ජෝතිපාල, එහි පෙනී සිටි නළුවාගේ පුහුණුවීම්වලදී ගී වාදන යන්තරය කර තියන් යෑමට ඉදිරිපත් වූ බවටද පරවාදයක් පවතී. පසු කලෙක එම නළුවා එල්විස්ගේ ගීතයට පාදක වූ සිද්ධියේ මෙන් සියදිවි හානි කරගත්තේලු. එතැන් සිට තම තමන්ගේ රටවල පොදු ඉතිහාසයට එක්වන දෙදෙනාගේම ගීතාවලියට වැඩි වශයෙන් මාතෘකා වන්නේ ප්රේරමය හා විරහවමය.
කලු හඬ සහ හින්දි රහ
‘කලු හඬක් ඇති සුදු මිනිසා’ බවට පත්වන එල්විස්ගේ ජනපිරයත්වයට එවකට අමෙරිකාවේ, අපිරකානු සම්භවය ඇති පුරවැසියන්ගේ සිවිල් අයිතීන් උදෙසා වූූ ව්යාපාරය හොඳ පදනමක් සපයයි. එසේම බොහෝ කල් බටහිර රටවල යටත්විජිතයක්ව පැවති ශීර ලංකාවට නිදහස ලැබීමෙන් පසු ඇති වූූ පෙරදිග දේශීයත්ව පුනරුදය තුළ ‘හින්දි රහට සිංහල ගීත ගයන්නා’ ලෙස එච්.ආර් ජෝතිපාලට පොදු ජන ආකර්ෂණය හිමිවන්නේය.
එකල මෙරට සමාජයට අලුත් කලා අංග වූ සිනමාව, ගුවන්විදුලිය, ගීත තැටි හා සංගීත සංදර්ශන හරහායි ජෝතිපාල ජනපිරය වනුයේ. එල්විස්ගේ ජනපිරයත්වයටද බලපාන්නේ එකල අමෙරිකානු සිනමාවට වඩා වේගයෙන් ඉදිරියට යමින් පැවති ටෙලිවිෂන් කලාව, රේඩියෝව, ගීත තැටි හා සංදර්ශනම ය. එක වගේ උස මහත, පැහැපත් මොවුන්ගේ පියමනාප රූප කායන්ද ඊට රුකුල් දෙන්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. වැඩි කල් නොගොසින් එල්විස් පෙනී සිටින චිතරපට එන අතර ඒවාට වඩා එහි ගීත ජනපිය වන්නේය. ජෝතිට ද රඟපෑම් අවස්ථා ලැබී ඇතැම් විට, එකම චිතරපටයේ වීරයාගේත් දුෂ්ටයාගේත් ගායනා හඬ බවට පත් වෙමින් දශක තුනක්ම සිංහල සිනමාවේ පරබලතම පසුබිම් ගායකයා බවට අවිවාදිතව පත්වෙයි.
‘එල්විස් ද පෙල්විස්’ සහ ‘පීචං ගායකයා’
එහෙත් අමෙරිකානු සංගීත බල අධිකාරිය හා ජනමාධ්ය ප්රෙරස්ලිටත්, ලාංකේය විශ්වවිද්යාල කේන්ද්ර කරගත් ‘ඉන්ටලිජන්සියාව’ ඇතුළු සංගීත අධිකාරිය සහ පුවත්පත් ජෝතිපාලටත් සාධාරණ නොවන්නෝය. නිර්දය විචේචනයටත් ඇතැම් විට මර්දනකාරී තත්ත්වයන්ටත් මුහුණ දෙන ඔවුන් තනිව ඒවා අභිබවා යෑම සුළු පටු ජයගරහණයක් නොවේ.
වරක් අමෙරිකාවේ සුපරකට ටෙලිවිෂන් වැඩසටහනක් වූූ ‘එඩ් සලිවන් ෂෝ’ හි පෙන්වනුයේ එල්විස්ගේ සිරුරේ උඩු කොටස පමණය. ඔහුට ආවේනික ඉඟ නටවන රංගන විලාසය ‘පවුලේ නැරඹීම සඳහා නුසුදුසු’ යැයි වාරණයට ලක්වෙයි. දැඩි ආගමික බල අධිකාරියකින් පාලනය වූ ඇතැම් පුවත්පත් කතුවරු එල්විස්ගේ පරසංග වටා රොක්වන තරුණයන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට පොලිසියට ලියා දන්වන්නට තරම් කුපිත වෙති. ‘ජනපරිය සංගීතයේ පහළම අඩිය’ ලෙස ඔහුගේ ශෛලිය හඳුන්වන්නට විචාරකයෝ පසුබට නොවන්නාහ. අංග චලනය නිසා ‘එල්විස් ද පෙල්විස්’ නොහොත් ‘උකුල් ඇටයා’ යනුවෙන් ඔහුට නමක් පටබඳින්නේ ගෞරවනීය විචාරකයෙකි.
එච්.ආර්. ජෝතිපාලට එල්ල වන විවේචනය ද ඊට යොදාගන්නා වචන පෙළද බොහෝ දුරට සමාන වේ. පරමුඛ මහාචාර්යවරයකු විසින් ‘ගෙදරක අහන්න බැරි ගීත’ ලෙස ඒවා හඳුන්වනු ලැබීමෙන් නොනැවතී ‘මේ ගායකයාගේ හඬ දිගටම අහන් ඉන්න පුළුවන් දැයි’ පරශ්න කරනු ලබයි. එකල පුවත්පත් සෘජුවම ඔහුව ‘පීචං ගායකයා’ ලෙස හැඳින්වීමෙන් සංගීත ක්ෂේතරයේ ‘පරබුද්ධ-පීචං වාදයක්’ ඇති වන්නේය. හින්දුස්ථානි තනු අනුව ගී ගැයීම ඔහුට එල්ල වන බරපතලම චෝදනාව වන අතර ඔහුගේ ස්වතන්තර ගී ගුවන්විදුලියේදී යට ගැසෙයි. ඒවා දේශපාලනිකව තහනමට ලක්වන අවස්ථා ද ඇත. ‘ජෝති රාතිරය’ නම් වූ ඔහුගේ සංගීත පරසංගය වරක්, ක්ෂේතරයේම වාදකයන් පිරිසක් විසින් වර්ජනය කරන ලබන අවස්ථාවේදී ජෝතිපාල පාසලේදී මෙන්, ආධුනික ඩොලැක් වාදකයකුගේ සහයෙන් පමණක් ගී ගැයූ බව කියැවේ.
දෙදෙනාගේම පෞද්ගලික ජීවිත තුළ දකිනු හැකිවන්නේ මත් ලෝලීත්වය පෙරටු කරගත් අයාලේ යන රටාවකි. කලක් පසුබා සිටින ප්රෙරස්ලි ජීවිතයේ අවසන් වසර කිහිපයේදී සජීවි පරසංග ඔස්සේ නැවත ජනාදරය දිනාගන්නේය. රසිකයන් අතර සිය ජනපිරයත්වය දිගටම රඳවාගන්නට සමත් වන ජෝතිපාල ජීවිතයේ අවසන් දින කිහිපය දක්වාම සංදර්ශන වේදිකාවේ ගී ගයයි.
රොක් රජු සහ පොප් රජු
1977 අගෝස්තු 16 වැනිදා එල්විස් ප්රෙරස්ලි හෘදයාබාධයකින් මිය යන විට 42 හැවිරිදිය. ඔහුට වඩා වසර දහයක් ජීවත් වන එච්.ආර්. ජෝතිපාල 1987 ජුලි 7 වැනිදා මිය යන්නේ වයස අවුරුදු 51දීයි. කොළඹ කනත්තේ මඩුවක වහලය කඩා වැටෙන්නට තරම් ජන කඳක් ඔහුගේ අවමඟුලට රැස්වන්නේය. එල්විස්ගේ අවමංගල්යය සිදු කෙරෙන අවස්ථාවේ ඇතිවන අනතුරකින් රසිකයකු මරණයට පත්වීමේ සිද්ධියක් වාර්තා වේ. මේ වන තෙක් ඔවුන්ගේ අනුස්මරණ දිනවල ප්රෙරස්ලිගේ ‘ග්රේරස්ලන්ඩ්’ වතුයායේ තිබෙන සොහොනටත්, කොළඹ කනත්තේ පිහිටි ජෝතිපාලගේ ‘ගී සෑය’ ටත්, ඔහු දිවි ගෙවූූ මාලිගාවත්තේ ජෝති ස්මාරකය අසලටත් රසිකයන් එක්වන්නේ රාජ්ය හෝ මාධ්ය මැදිහත්වීමකින් තොරවයි.
දෙදෙනාටම සිය හඬ ගෙන යන්නට පුතුන් නැත. ප්රෙරස්ලි විසින් පරකට කරන ලද ආවේනික සංගීත ශෛලිය ලොව පුරා පැතිර යෑමෙන් ජීවත්ව සිටියදීම ‘කින්ග් ඔෆ් රොක් ඇන්ඩ් රෝල්’ යන නම ඔහුට පටබැඳෙයි. ‘විසි වැනි සියවසේ වඩාත්ම කැපී පෙනෙන සංස්කෘතික සලකුණක්’ ලෙසයි අද ඔහු පිළිගැනෙන්නේ. එල්විස්ගේ ගීත සඳහාම වෙන්වූූ ගුවන්විදුලි නාලිකා අදත් අමෙරිකාවේ ජනපිරයයි. ලංකාවේදී ‘පොප්’ නොහොත් පොදු ජන සංගීත ආරේ පරමුඛයා තවමත්, එච්.ආර්. ජෝතිපාලය. ‘සිංහල පොප් රජු’ ලෙස ඉඳ හිට හෝ ඉංගීරසියෙන් හඳුන්වනු ලබන ඔහුගේ ආභාෂය ලාංකේය ගීත සම්පරදාය තුළ තහවුරු වී ඇතත් එය පිළිගැනීමට සංගීත බල අධිකාරිය තවමත් මැළි වේ. තවත් විද්වත් ආචාර්යවරයකු විසින් ජෝතිපාලව මෙරට ‘සංස්කෘතික බල කණුවක්’ ලෙස හඳුන්වනු ලැබීම කලෙක අතිශයින් විවාදයට ලක් වුවද මේ වන විට එය පැහැදිලි කරුණකි. අදටත් පැයකට වරක් හෝ ජෝතිපාලගේ ගීතයක් වාදනය නොවන රේඩියෝ නාලිකාවක් නැති තරම්ය. තිස්වසරකට, නැතිනම් පරම්පරාවකට කලින් ඔවුනගේ අවසන් ගීත පටිගත කරනු ලැබුවද එතරම් වාණිජ වටිනාකමකින් යුතු කටහඬවල් දෙකක් මෙතෙක් දෙරටින්ම සොයාගනු නොහැකි වේ.
සියවසකට ආසන්න කාලයකට පෙර උපන් ඔවුනගෙන් සිදු වූ සමාජයීය බලපෑම මේ වන විට පරකට වෙමින් පවතී. සුදු ආධිපත්යයට නතු වූ එවක අමෙරිකානු පරධාන සංස්කෘතික ධාරාව ප්රෙස්ලිගේ අපිරකානු-අමෙරිකානු සංගීතයෙන් පොහොසත් වන්නේය. බටහිර අධිරාජ්යයක කොටසක් වූ එවක ලාංකේය සමාජයට අලුත් කලාවක් වන ගීතය, ඊට වඩා දියුණු මට්ටමේ තිබූූ හින්දුස්ථානි හා බටහිර ආරෙන් උද්දීපනය කර පොදු රසිකත්වය නළවන්නටයි ජෝතිපාල නැඹුරු වන්නේ.
කලු මිනිසුන්ගේ සංගීතයට ආදරය කළ එල්විස් තමන්ව ආලෝලනය කළ ෆැට්ස් ඩොමිනෝ වැනි ජ්යෙෂ්ඨ ගායකයකු සිටින තැන ‘රොක් රජු’ විරුදාවලිය පාවිච්චි කරනවාට අකැමති වන්නේය. එමෙන්ම සිය ගැටවර වියේ ආභාෂය වූ මොහිදීන් බෙග් මහතාට ‘මාස්ටර්’ යනුවෙන් අමතන්නට මුල් වන්නේ ජෝති බව ළඟින් ඇසුරු කළෝ පවසති.
එකම කාලයක ලෝකයේ දෙකොණ ජීවත් වූ නිවුන් සහෝදරයන්වන් එල්විස් ප්රෙස්ලිගෙත් එච්. ආර්. ජෝතිපාලගේත් සමාන්තර භූමිකා අසමාන වන තැනක් ද තිබේ. අමෙරිකානු සමාජය තුළින්ම ප්රෙස්ලිගේ අනුපරාප්තිකයකු බිහිවන්නේය. ඒ මයිකල් ජැක්සන් නම් අපිරකානු-අමෙරිකානු සංගීතඥයායි. අතිශයින් අනුභාසම්පන්න හේ ප්රෙරස්ලිගේ දියණිය සමග විවාපත් වී ‘කින්ග් ඔෆ් පොප්’ යන විරුදාවලිය ලබන්නේය. ලංකා සමාජය තුළ එච්.ආර්. ජෝතිපාලගේ අනුපරාප්තිකයකු මෙතෙක් පරකට නොවන තරමටම ඊට ගෝචර හේතු සාධක වියැකී යමින් තිබේ.

දිලීප අබේසේකර

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...