සයිබර් අවකාශය තුළ සිදුවන අපරාධ ක්රියාවල ඉහළ යාමක් පෙන්නුම් කරන බවත්, පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 2,500ක් පමණ ලැබී තිබෙන බවත් ජ්යෙෂ්ඨ පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම අපරාධ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිවල මේ වනවිට වර්ධනයක් දක්නට ලැබෙන බවත්, මේ අනුව දිනකට පැමිණිලි 15ත් - 20ත් අතර ප්රමාණයක් ලැබෙමින් තිබෙන බවත් පවසා සිටි හෙතෙම, මෙම අපරාධවල වැඩි වශයෙන් වින්දිතයන් බවට පත් වී තිබෙන්නේ කාන්තාවන් බවද පවසා සිටියේය.
කාන්තාවන්ගේ මුහුණුවලට වෙනත් කාන්තාවන්ගේ නිරුවත් ශරීරයේ කොටස් එකතු කර ඡායාරූප වශයෙන් පළ කිරීම හා පෙවතුන් වී සිටින කාලයේදී ලබාගත් විවිධ ඡායාරූප අදාළ තරුණිය වෙනත් පුද්ගලයෙකු සමග විවාහ වන අවස්ථාවේදී සමාජ මධ්ය ජාලවලට හා අන්තර් ජාලයට මුදාහැරීම සිදුකරන බවටත් පැමිණි ලැබී තිබෙන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මීට අමතරව අනවශ්ය ලෙස වෙනත් අන්තර්ජාල ගිණුම් වෙත ඇතුළුවීම පිළිබඳ හා දත්ත සොරා ගැනීම වැනි ක්රියා පිළිබඳවත් පොලීසියට තොරතුරු ලැබී තිබෙන බවත්, වටිනා ත්යාගයක් හිමිව තිබෙන නිසා එය නිදහස් කිරීමට බදු මුදල් අවශ්ය බව පවසා මුදල් වංචා කිරීම් පිළිබඳවත් පැමිණිලි ලැබී තිබෙන බවත් හෙතෙම ප්රකාශ කළේය.
මෙවැනි ක්රියා පිළිබඳ පරීක්ෂා කිරීමට හා ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට පසුගිය වසරේ මාර්තු මාසයේ සිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ස්ථාපිත කර තිබෙන බවත්, මේ වනවිට එහි ශාඛා මහනුවර හා මාතර ප්රදේශවල ස්ථාපිත කර තිබෙන බවත් ජ්යෙෂ්ඨ පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේය.
මේ නිසා මෙවැනි අපරාධවලට අසු වීමෙන් වැළකී සිටින ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවත්, මෙවැනි අපරාධයකට හසු වුවහොත් ඒ පිළිබඳ පැමිණිලි කළ හැකි බවත් ඒ මහතා පැවසීය.
අන් අයගේ අසභ්ය ඡායාරූප හෝ වීඩියේ දර්ශන සමාජ මාධ්ය ජාලවලට හෝ අන්තර්ජාලයට මුදාහරින පිරිස් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි බවත්, අදාළ වරද සිදුකරන පුද්ගලයන්ට එරෙහිව වසර තුනක සිරිදඬුවම් ලබාදීමට රට තුළ නීති තිබෙන බවත් අජිත් රෝහණ මහතා පවසා සිටියේය.
මීට අමතරව අනවසරෙන් ඇතුළු වී ගිණුම්වල දත්ත සොරා ගැනීම වසර හතක සිර දඬුවමක් නියම කළ හැකි වරදක් බවත්, අසත්ය ප්රකාශ ප්රචාරය කිරීම හා ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්රකාශ ප්රචාරය කිරීමත් දඬුවම් ලැබෙන වරදක් බවත් හෙතෙම සඳහන් කළේය.
විදේශ රටක සිටින පුද්ගලයෙක් මෙරට සිටින පුද්ගලයන්ගේ දත්ත සොරකම් කිරීම හා මෙරට සිටින පිරිස්වල අසභ්ය ඡායාරූප හෝ වීඩියේ දර්ශන සමාජ මාධ්ය ජාලවලට හෝ අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයන්ට එරෙහිවත් නීතිය ක්රියාත්මක කළ හැකි බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.
No comments:
Post a Comment