Sunday, 27 February 2022


රුසියානු-යුක්‍රේත ගැටුම් මධ්‍යයේ යුක්‍රේනයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් සිදු කරන ලද ප්‍රකාශයක් දැක්වෙන විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී.

උසස් අධ්‍යාපන කටයුතු සඳහා යුක්‍රේනයට ගොස් සිටින දක්ෂිත් විජේසේකර නමැති ශ්‍රී ලාංකික තරුණයෙකු එම විඩියෝව නිකුත් කර ඇත.

ඔහු ඉල්ලා සිටියේ යුක්‍රේතයේ, ලිවිව් නගරයට තමා ඇතුළු පිරිස රැගෙන ගොස් ඉන් පෝලන්ත සීමාවට හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට කටයුතු සකසා දෙන ලෙස ය.

ඒ සම්බන්ධයෙන් තමන් තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව ද ඔහු අදාළ වීඩියෝව හරහා ප්‍රකාශ කර ඇත.

තානාපති කාර්යාලයෙන් පිළිතුරක් ලබා දෙන තුරු තමන් ඇතුළු පිරිස මේ වන විට රැඳී සිටින ස්ථානයේ ම සිටිමට කටයුතු කරන බව ඔහු සිය ප්‍රකාශය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...