Monday, 7 February 2022


වසර 800 කට පමණ පෙර කාලිංග මාඝ ආක්රමණයෙන් වැළලී ගොස් තිබියදී මෑතකදී මතු කරගනු ලැබූ උතුරේ බෞද්ධ උරුමයක්වූ මුලතිව් නාගචෝල කුරුන්දි විහාරය බෞද්ධයන් ඇතුලු සියලු ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා පෙරේදා (5) සිට විවෘත කෙරිණ.

එම පුදබිමේදී විශේෂ පිරිස් සජ්ඣායනයක් පෙරේදා(5) රාත්රී පැවැත්විණ. විහාරය ආගමික කටයුතු සඳහා විවෘත කෙරුණේ ඉන් අනතුරුවය.
මෙම පින්කමට වැලිඔය සහ අසිරිමලේ ආරණ්ය සේනාසනවලින් වැඩමකළ හතළිස් නමකට අධික මහා සංඝරත්නයද වනජීවී අමාත්ය සී බී රත්නායක, ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්ය අමාත්ය මහාචාර්ය චන්න ජයසුමන සහ එම අමාත්යාංශයේ ලේකම් වෛද්ය සමන් රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.
සද්ධාතිස්ස රජුගේ පුතකුවූ ඛල්ලාඨනාග රජු විසින් ගොඩනගනු ලැබූ බව පැවසෙන කුරුන්දි විහාරය ශ්රී ලංකාවේ උතුරු පළාතෙන් හමුවූ විශාලතම බෞද්ධ විහාර සංකීර්ණයයි.
ප්රසිද්ධ අට්ඨ කථාවක් වන කුරුන්දි අටුවාව රචනා කරනු ලැබ ඇත්තේද මෙම විහාරයේ වැඩ වාසය කළ හිමිනමක් විසිනැයි ඉතිහාස ග්රන්ථවල සඳහන් වේ.
තනි කබොක් ගලින් නිමවූ පද්මාකාර චෛත්යයක් මෙහි දක්නට ලැබෙන අතර මෙරටින් හමුවූ එවැනි වර්ගයේ එකම නිර්මාණයද මෙය බව රාජ්ය අමාත්ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් විසින් මෙම විහාර පරිශ්රය බර අවි ස්ථානගත කිරීම සඳහා කලකට පෙර යොදාගනු ලැබ තිබූ බව ආරක්ෂක අංශ පවසයි.
එකම පස් කන්දක් ලෙස පවතින චෛත්යය ජගත් සුමතිපාල මහතාගේ මහතාගේ සහ පුරාවිද්යා දෙපාර්තමේන්තුවේද ත්රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේද සහයෝගය ඇතිව ඉස්මතු කරගැනීමට උතුරු පළාතේ සංඝනායක ගල්ගමුවේ ශාන්තබෝධි හිමිපාණන් වහන්සේ දැඩි කැපවීමකින් කටයුතු කරති.
මෙම විහාරයේ ආගමික කටයුතු පැවැත්වීමට පෙර දින දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන් පිරිසක් මෙහි පැමිණ විශාල කලබලයක් ඇති කර තිබූ බව උතුරේ ආරංචි මාර්ගවලින් පැවසේ.

සුජිත් හේවාජුලිගේ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...