Monday, 7 February 2022


මැලේසියාව සඳහා අභිනවයෙන් පත්කරන ලද ශ්රී ලංකා මහ කොමසාරිස්, එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 2022 ජනවාරි මස 27 වන දින ක්වාලාලම්පූර් හි පිහිටි ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු භාරගත්තේය.

මැලේසියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද චාම් වූත් අලංකාර වූත් උත්සවයකින් මෙම රාජකාරී ඇරඹීම සනිටුහන් විය. ආගමික වතාවත්වලින් අනතුරුව, ක්වාලාලම්පූර්හි පිහිටි ප්රධාන ශ්රී ලංකා බෞද්ධ විහාරස්ථාන දෙකෙහි මහ නාහිමිවරුන් විසින් සිදු කරන ලද පිරිත් සජ්ඣායනා මධ්යයේ අභිනව මහ කොමසාරිස්වරයා විසින් සිය රාජකාරි කටයුතු අරඹන ලදි.
මෙම අවස්ථාවේදී ශ්රී ලාංකේය සම්ප්රදායන්ට අනුකූලව ‘කිරි ඉතිරවීම’ සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව සාම්ප්රදායික පොල්තෙල් පහන දල්වා “කිරිබත්” ඇතුළු අනෙකුත් ශ්රී ලාංකික ප්රණීත ආහාරපාන දූත කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සමඟ බෙදාහදා ගනු ලැබිණි.
සිය දූත කාර්ය මණ්ඩලය අමතමින් නම්කළ මහ කොමසාරිස්වරයා මැලේසියාව තුළ ශ්රී ලංකාවේ අවශ්යතාවන් නියෝජනය කිරීම සඳහා තමාට ලබා දුන් මහඟු අවස්ථාව වෙනුවෙන් ජනාධිපති, අගමැති, විදේශ අමාත්ය සහ විදේශ ලේකම්වරයා වෙත සිය කෘතඥතාව පළ කළේය.
දෙරට අතර පවතින දිගුකාලීන මිත්ර සබඳතා සිහිපත් කරමින් ශ්රී ලංකාව සහ මැලේසියාව අතර පවත්නා ආර්ථික, දේශපාලනික සහ පුද්ගලාන්තර සබඳතා වැඩි දියුණු කිරීමේ අවශ්යතාවය මෙන්ම සිය ප්රමුඛතා සහ අපේක්ෂාවන් පිළිබඳව ද නම්කළ මහ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය. අපගේ මාතෘභූමිය වර්තමානයේ මුහුණ දී සිටින අභියෝග ජය ගැනීමට සහාය වීම සඳහා ශ්රී ලංකාව වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීම, ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා වැඩිදියුණු කිරීම, සංචාරක ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාව ප්රවර්ධනය කිරීම සඳහා නව්ය සහ නවීකරණය වූ ක්රමෝපායන් සොයා බැලීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලය වෙත පැවරී ඇති වගකීම් පිළිබඳව එතුමා විශේෂයෙන් අවධාරණය කළේය.
මැලේසියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නම් කළ එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ශ්රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...