Monday, 28 February 2022

ශ්රී ලංකාව තුළ අවසරයකින් තොරව විදේශ මුදල් ගනුදෙනුකරන පුද්ගලයින්ගේ තොරතුරු සපයන ලෙස ශ්රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා මහ බැංකුව පැවසුවේ ශ්රී ලංකාව තුළ විදේශ මුදල් මිලදීගැනීම, අලෙවිකිරීම හා හුවමාරුව සඳහා අවසරය ඇත්තේ ශ්රී ලංකා මහ බැංකුව විසින් අනුමත බලපත්රලාභී බැංකු හා බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සඳහා පමණක් බවය.
"ඒ අනුව, විදේශ මුදල් මිලදීගැනීම, විකීණීම හෝ හුවමාරු කිරීම අවසරලත් බැංකුවක් හෝ අවසරලත් මුදල් හුවමාරු කිරීමේ ආයතනයක් හරහා පමණක් කළ යුතුවේ," යනුවෙන් එහි දැක්වෙයි.
"යම් පුද්ගලයකු, ආයතනයක් හෝ වෙනත් යම් ව්යාපාරයක් ශ්රී ලංකා මහ බැංකුවේ අවසරයක් නොමැතිව විදේශ මුදල් ගනුදෙනුවල නිරත වන්නේ නම්, එය 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නීතිවිරෝධී ක්රියාවකි".
එලෙස, යම් පුද්ගලයකු, ආයතනයක් හෝ වෙනත් යම් ව්යාපාරයක් අනවසර ලෙස විදේශ මුදල් ගනුදෙනු සිදුකරන බව දැනගනු ලැබුවහොත් ශ්රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ පහත සඳහන් අංකවලට හෝ විද්යුත් තැපැල් ලිපිනයට දන්වන මෙන් ශ්රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටියි.
දුරකථන : 0112398827 / 0112477375 / 0112398568
විද්යුත් තැපැල් : dfem@cbsl.lk



No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...