Monday, 28 February 2022


රුසියා - යුක්රේන යුද ගැටුම රුසියාවේ ක්රීඩා ක්ෂේත්රයට අහිතකර බලපෑමක් එල්ල කර තිබේ.

ජාත්යන්තර පාපන්දු සම්මේලනය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ මින් ඉදිරියට කිසිදු ජාත්යන්තර පාපන්දු තරගයක් රුසියාවේදී පැවැත්වීමට ඉඩ ලබා නොදෙන බවය.
රුසියානු පාපන්දු කණ්ඩායමට මින් ඉදිරියට රුසියා ජාතික කණ්ඩායම ලෙස ක්රීඩා කිරීමට නොහැකි බවත්, අවශ්ය නම් රුසියානු පාපන්දු සංගමය යන නාමය යටතේ ක්රීඩා කළ හැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
එලෙස ක්රීඩා කරන්නේ නම් එම තරග රුසියාවෙන් පිටතදී පැවැත්වීමටත්, එම තරග වලදී රුසියා ජාතික කොඩිය එසවීම සහ රුසියා ජාතික ගීය ගායනා කිරීම තහනම් කිරීමටත් ජාත්යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.
ජාත්යන්තර පාපන්දු සම්මේලනය එම තීරණය ගැනීමත් සමග එංගලන්තය සහ චෙක් ජනරජය රුසියාව සමග ජාත්යන්තර පාපන්දු තරග වලට සහභාගි නොවන බව නිවේදනය කළේය.
මේ අතර රුසියාවේ සහ බෙලරුසියාවේ ජාත්යන්තර ටෙනිස් සම්මේලන සාමාජිකත්වය අහෝසි කරන ලෙස යුක්රේන ටෙනිස් සංගමය ඉල්ලීමක් කර තිබේ.
ජාත්යන්තර ටෙනිස් සම්මේලන එම ඉල්ලීම පිළිගතහොත් වත්මන් ලෝක ටෙනිස් පිටියේ අංක එකේ ක්රීඩකයා වන රුසියාවේ ඩැනීල් මෙද්වදේව්ට සහ ලෝක ටෙනිස් ක්රීඩිකාවන් ශ්රේණිගත කිරීම් වල දෙවන ස්ථානයේ පසුවන බෙලරුසියාවේ අර්යානා සබලෙන්කාට ඉදිරියේදී ජාත්යන්තර ටෙනිස් තරග වලට සහභාගි වීමට නොහැකි වනු ඇත.
ඩුබායි විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ රුසියානු ක්රීඩක ඇන්ඩ්රෙ රුබෙල්ව් අවසන් පූර්ව තරගය නිමවීමෙන් පසු NO WAR PLEASE ලෙස රූපවාහිනී කැමරාවක සටහනක් තබනු ලැබීය.
මේ අතර ජාත්යන්තර ජූඩෝ සම්මේලනයේ ගෞරවනීය සභාපති ධූරයක් දැරූ රුසියානු ජනපති රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ව එම ධුරයෙන් ඉවත් කිරීමටද ජාත්යන්තර ජූඩෝ සම්මේලනය තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...