Monday, 7 February 2022




රයන් දරුවාගේ මරණය පරකාශයට පත් කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසු, පලස්තීනයේ තරුණයකු වන හම්සා මන්සූර්ගේ බිරිය පිරිමි දරුවකු බිහිකළ අතර අලූත උපන් දරුවා රයන් ලෙස නම් කිරීම සමාජ මාධ්ය ජාලාවල පරමුඛ පුවතක් විය. මොරොක්කෝවේ රයන් වෙනුවෙන් සහ ඔහුගේ මතකයට ගෞරවයක් ලෙස මෙය සිදු කළ බව මන්සුර් සදහන් කර තිබිණි.

මොරොක්කෝවේ උතුරු පළාතේ දුෂ්කර ගම්මානයක පිහිටි මීටර් 32 ක් ගැඹුරු නළ ළිඳකට වැටුණු පස් හැවිරිදි රයන් දරුවා වළට වැටී පැය 100කට පසු ගොඩගෙන තිබුණු අතර ඔහුගේ ජීවිතය බේරාගැනීමට සහන කණ්ඩායම්වලට නොහැකි විය. ඇත්තෙන්ම සහන සේවකයන් අ`දුරු ගුහාවෙන් එළියට ගනු ලැබුවේ රයන්ගේ පණසුන් දේහයයි. දින 5ක් නැතිනම් පැය 100 කට අධික කාලයක් දිවා ? මහන්සි වූවත් කාලය සමග පැවැති සටනින් ඔවුහු පරාජය වූහ.
අවසානයේ සෙනසුරාදා සවස රයන් එළියට ගන්නා විට ඔහුගේ තත්ත්වය පිළිබඳව කිසිදු වචනයක් පරකාශ කර නොතිබූ අතර රැස්ව සිටි පිරිස පරීති ඝෝෂා පවත්වන අයුරු දැකගත හැකිවිය. නමුත් විනාඩි පහකින් සියල්ල අදුරු වී ගියේය.
ඉකුත් අඟහරුවාදා නළ ළිඳක වළකට වැටුණු රයන් බේරාගැනීම ස`දහා ආරක්ෂක කණ්ඩායම් සහ සහන කණ්ඩායම් කාලය සමග සටනක් ආරම්භ කරන ලදී. ඇත්තෙන්ම ළිඳට වැටුණු රයන් බේරාගැනීම ඉතාමත් අපහසු කාර්යක් විය. සහන කණ්ඩායම් නළ ළිඳට සමාන්තරව ඒ ළිඳ අසලින් උමගක් හැරීම ආරම්භ කළහ. එය මීටර් 32 ගැඹුරු විය. අනතුරුව රයන්ට ළඟා වීම සඳහා තිරස් අතට උමග හෑරූහ. බේරාගත් මොහොතේම රෝහල වෙත රැුගෙන යෑම සදහා ගිලන් රථයක්ද, මූලික පරථමාධාර දීම සඳහා වෛද්යවරුද, එම ස්ථානයේ සූදානම්ව රැඳී සිටියහ. පැමිණි ගිලන් රථයේ රයන්ගේ දෙමව්පියෝද එම ස්ථානයට පැමිණියහ.
මොරොක්කෝවේ මෙන්ම ලොව පුරාම සමාජ මාධ්යවල #SaveRayanරවණතාවයක් ඇතිව තිබූ අතර දරුවා බේරාගත් පසු ඔවුන්ගේ පරීතිය පරකාශ කළහ. නමුත් මෙය හද කම්පා කරවීමට පෙරළුණේ මිනිත්තු කිහිපයකට පසුව රයන් මියගිය බවට පරකාශයක් නිකුත් වීමත් සමඟය. ට්විටර් පරිශීලකයන් පසුව එම හැෂ් ටැගය භාවිතා කරමින් උපහාර දැක්වීමට සහ දුක පරකාශ කිරීමට පටන් ගත්හ.
අඟහරුවාදා අනතුර සිදුවන විට රයන් ගේ පියා ළිඳ අලූත්වැඩියා කරමින් සිටියේය. සිය දරුවා වළට වැටී ඇති බව දැනගත් ඔහු කෑගසන්නට විය.
සෙනසුරාදා මොරොක්කෝවේ චෙෆ්චවුවන් පළාතේ ගිලන් රථයක ගලවා ගැනීමේ සේවකයන් රයන්ගේ දේහය රැගෙන ගිය පසු ඔහුගේ දෙමාපියන් ශෝක බරිතව හිස් නවාගෙන එතනින් ඉවත්වන අයුරු මාධ්ය ඔස්සේ පරචාරය විය. රයන්ගේ මරණය ගැන මොරොක්කෝ රජ මාලිගය නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි මෙසේ ස`දහන් විය. ‘‘රායන් ඕරම් දරුවාගේ ජීවිතය අහිමි වූ ඛේදජනක සිද්ධියෙන් පසු, මියගිය දරුවාගේ දෙමාපියන්ට 6 වන මොහොමඞ් රජු කතා කර ශෝකය දන්වන ලදී.” යනුවෙන් රජ මාලිගයේ පරකාශයේ සඳහන් විය.
මොරොක්කෝවේ සිවිල් ආරක්ෂක අධ්යක්ෂ මණ්ඩලය විසින් ටෝමොරෝට් නම් නගරයේ ළිදක සිරවූ දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් අඟහරුවාදා සවස ආරම්භ කෙරිණි. බරහස්පතින්දා ළිඳට පහත් කරන ලද කැමරාවක දර්ශන මගින් පිරිමි ළමයා ජීවතුන් අතර සිහිසුන්ව සිටින බව පෙන්නුම් කළේය. නමුත් එතැන් සිට ඔහුගේ තත්ත්වය පිළිබඳ පැහැදිලි තොරතුරක් නොලැබිණි. ගලවාගැනීම්කරුවන් පිරිමි ළමයාට ඔක්සිජන්, ආහාර සහ ජලය ලබා දීමට උත්සාහ කළ නමුත් ඔහුට ඒවා භාවිතා කිරීමට හැකි වූයේද යන්න පැහැදිලි නැත. රයන් බේරා ගැනීමට බුල්ඩෝසර් යොදාගෙන ළිඳ අයිනේ විශාල අගලක් කපන ලදී. නමුත් සියල්ල ඛේදනීය අවසානයකින් නිමවිය.
මෙම මෙහෙයුම නැරඹීමට සියගණනක් ජනයා රැුස්ව සිටි අතර, ආගමික ගීත ගායනා කරමින්, ‘‘අල්ලාහු අක්බර්” කියමින් මෙම ස්ථානයේ කඳවුරු බැඳ සිටියහ. එක් පරදේශවාසියකු වන හෆිඞ් අසොර් පරංශ පරවෘත්ති ඒජන්සියට පැවසුවේ ‘‘මොරොක්කෝව මෙන්ම මුළු ලෝකයම මේ දරුවාට ආදරය කරනවා දරුවා සමඟ සහයෝගිතාවය පෙන්වීමට තමා මෙතනම දරුවා ගලවා ගන්නා තුරු රැඳී සිටින බවයි.
2019 වසරේ ස්පාඤ්ඤයේ මෙවැනිම ඛේදවාචකයක් සිදුවූ අතර එහිදී දෙහැවිරිදි පිරිමි ළමයකු එරට මලගා නගරය ආසන්නයේ සිදුරකට වැටීමෙන් මියගියේය. මේ අතර මොරොක්කෝවේ රයන් දරුවාගේ මරණය පරකාශයට පත් කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසු, පලස්තීනයේ තරුණයකු වන හම්සා මන්සූර්ගේ බිරිය පිරිමි දරුවකු බිහිකළ අතර අලූත උපන් දරුවා රයන් නම් කිරීම සමාජ මාධ්ය ජාලාවල පරමුඛ පුවතක් විය. මොරොක්කෝවේ රයන් වෙනුවෙන් සහ ඔහුගේ මතකයට ගෞරවයක් ලෙස මෙය සිදු කළ බව මන්සුර් සදහන් කර තිබිණි.

චතුර පමුණුව

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...