පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වූ සංචාරකයින්ට තම රටට ඇතුළු වීමට ඔස්ට්රේලියාව අවසර ලබා දී තිබේ.
ඒ අනුව මේ මස 21 වනදා සිට යළි සංචාරකයින් සඳහා දේශ සීමා විවෘත කෙරෙන අතර වසර දෙකකට පමණ පසුව එම තීරණය ගැනීම විශේෂත්වයක් වේ.
පසුගිය වසර අග භාගයේ සිට එරට පුරවැසියන්ට, ස්ථිර පදිංචිකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට පමණක් ඔස්ට්රේලියාවට ඇතුළුවීමට අවසර හිමි වූ අතර පසුව ජාත්යන්තර සිසුන් සහ සංක්රමණික සේවකයින්ට ද රටට ඇතුළු වීමට අවසර හිමි වුණි.
කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර යාමත් සමග ඔස්ට්රේලියාව 2020 වසරේ මාර්තු මාසයේදී සිය දේශ සීමා වසා දැමුවේය.
එළැඹෙන පාස්කුවට පෙර ඔස්ට්රේලියානු දේශ සීමා සම්පූර්ණයෙන් විවෘත කිරීම රජයේ සැලසුම වී තිබේ.
No comments:
Post a Comment