තම රට තුළ ඇති රුසියානු වත්කම් සියල්ල තහනම් කරන බව ස්විස්ටර්ලන්තය පවසයි.
එරට ජනාධිපති Ignazio Cassis නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්රකාශ කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් Ignazio Cassis පවසා ඇත්තේ යුක්රේනයට රුසියාව විසින් එල්ලකරනු ලබන ප්රහාරය හමුවේ සිය මධ්යස්ථ ප්රතිපත්ති පසෙකලා මෙම තීරණය ගත් බවය.
මේ අතර රුසියාවේ සහ බෙලරුසියාවේ ක්රීඩක ක්රීඩිකාවන්ට තරඟ තහනමක් පැනවීමට හැකි බවට ජාත්යන්තර ඔලිම්පික් කමිටුව විසින් ජාත්යන්තර ක්රීඩා සම්මේලනය වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
එම නිර්දේශ තුළ සඳහන් වන්නේ ඔලිම්පික් උළෙලේ රුසියානු ජාතික ලාංජන, වර්ණ හෝ ධජ ප්රදර්ශනය කිරීමත් ගීත වාදනය කිරීමත් නොකළ යුතු බවටය
මේ අතර ජාත්යන්තර පාපන්දු සම්මේලනය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ මින් ඉදිරියට කිසිදු ජාත්යන්තර පාපන්දු තරගයක් රුසියාවේදී පැවැත්වීමට ඉඩ ලබා නොදෙන බවය.
රුසියානු පාපන්දු කණ්ඩායමට මින් ඉදිරියට රුසියා ජාතික කණ්ඩායම ලෙස ක්රීඩා කිරීමට නොහැකි බවත්, අවශ්ය නම් රුසියානු පාපන්දු සංගමය යන නාමය යටතේ ක්රීඩා කළ හැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
එලෙස ක්රීඩා කරන්නේ නම් එම තරග රුසියාවෙන් පිටතදී පැවැත්වීමටත්, එම තරග වලදී රුසියා ජාතික කොඩිය එසවීම සහ රුසියා ජාතික ගීය ගායනා කිරීම තහනම් කිරීමටත් ජාත්යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.
ජාත්යන්තර පාපන්දු සම්මේලනය එම තීරණය ගැනීමත් සමග එංගලන්තය සහ චෙක් ජනරජය රුසියාව සමග ජාත්යන්තර පාපන්දු තරග වලට සහභාගි නොවන බව නිවේදනය කළේය.
No comments:
Post a Comment