Monday, 28 February 2022


යුරෝපා සංගමය ඇතුළු රටවල් රැසක් මේ වන විට රුසියානු ගුවන් යානා සඳහා සිය ගුවන් සීමාවන් තහනම් කර තිබේ.

යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය, කැනඩාව මේ වන විට එම තීරණය ගෙන ඇති අතර අමෙරිකාව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටී.

යුරෝපා සංගමය පවසන්නේ, රුසියාවට අයත්, රුසියාවේ ලියාපදිංචි කරන ලද සහ රුසියාව විසින් පාලනය කරනු ලබන සියලු ගුවන් යානා සඳහා මෙම තහනම බලපැවැත්වෙන බව ය.

ඊට පෞද්ගලික ගුවන් යානා ද ඇතුළත් වේ.

ඒ අනුව, රුසියානු ගුවන් සමාගම් යුරෝපා සංගමයේ රටවල් සඳහා ගුවන් යානා පියාසර කරවීම නතර කර තිබේ.

යුරෝපා කොමිසමේ ප්‍රධානී උප්සලා ෆොන් ඩර් ලෙයෙන් ප්‍රකාශ කළේ, යුක්‍රේනය ආක්‍රමණය කිරිම සම්බන්ධයෙන් රුසියාවට යම් පීඩනයක් එල්ල කිරීම සඳහා මෙම තීරණය ගත් බව ය.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...