Monday, 28 February 2022


බ්‍රසීල ජනාධිපති ජෙයර් බොසොනාදෝ ඊයේ (පෙබ. 27) පැවති මාධ්‍ය හමුවකදී යුක්‍රේන ජනාධිපතිවරයා හාස්‍යයට ලක් කර තිබේ.

බොසොනාරෝ එහිදී සඳහන් කර ඇත්තේ, යුක්‍රේන ජනතාව ඔවුන්ගේ බලාපොරොත්තු විකට නළුවෙකු මත තබා ඇති බව ය.

මෙහිදී බොසොනාදෝ රුසියාවේ ආක්‍රමණය හෙළා දැකීම ප්‍රතික්ෂේප කර ඇත.

මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ, රුසියාව සහ යුක්‍රේන ගැටුමේදී බ්‍රසීලය මධ්‍යස්ථව සිටින බව ත් බ්‍රසීලය සහ රුසියාව සහෝදර ජාතීන් බව ත් ය.

“අපි පැත්තක් ගන්නේ නැහැ. අපි දිගට ම මධ්‍යස්ථව සිටිනවා. හැකි ඕන ම දෙයකට උදව් කරනවා. යුක්‍රේන ජනගහනයෙන් විශාල කොටසක් රුසියානු භාෂාව කතා කරනවා," යනුවෙන් බොසොනාදෝ ප්‍රකාශ කර ඇත.

ඔහු වැඩිදුරට ත් මෙහිදී සඳහන් කළේ, තමා පුටින් සමග පැය දෙකක කාලයක සාකච්ඡාවක් පැවැත්වූ බව ය.

කෙසේ නමුත්, බ්‍රසීල විදේශ අමාත්‍යාංශය පසුව සඳහන් කළේ, ඔහු පෙබරවාරි මාසයේ මුල රුසියාවේ, මොස්කව් වෙත කළ සංචාරයකදී රුසියානු ජනාධිපතිවරයා හමු වි සිදු කළ සාකච්ඡාව පිළිබඳව එලෙස සඳහන් කර ඇති බව ය.


අම්රා ලියාකත්


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...