Monday, 28 February 2022


රුසියාවේ යුක්‍රේක ආක්‍රමණය පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දුර්ලභ හදිසි විශේෂ සැසියක් පැවැත්වීමට ඉල්ලීමක් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් මහා මණ්ඩලයේ මෙම සැසිවරාය අද (පෙබ. 28) පැවැත්වීමට නියමිත බව ය.

බටහිර කඳවුර, මොස්කව් හුදකලා කිරිමේ රාජ්‍ය තාන්ත්‍රික ව්‍යාපාරයේ කොටසක් ලෙස මෙම පියවර ගෙන ඇති බව එම වාර්තා පෙන්වා දුන්නේ ය.

මෙම සැසිවාරය පැවැත්වීමට පක්ෂව 11 දෙනෙකුගේ ඡන්දයෙන් සම්මත වී ඇති අතර රුසියාව පමණක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත.

බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතින්ගේ තානාපති බාබරා වුඩ්වර්ඩ් ප්‍රකාශ කර ඇත්තේ, එමගින් රුසියාවේ රාජ්‍ය තාන්ත්‍රික බෙලහීනත්වය පිළිබිඹු වන බව ත් රුසියාව නැවතත් හුදකලා වි ඇති බව ත් ය.

රුසියාවට, යුක්‍රේනය ආක්‍රමණය කිරීම හෙළා දැකීමට ලෝකය එකතු වීම නැවැත්විය නොහැකි යැයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

“සාමය සඳහා එක්සත් වීමලෙසින් පුළුල් ලෙස හැඳින්වෙන 377A (V) යෝජනාව සම්මත කර ගැනීමෙන් පසුව, 1950 වසරේ සිට මහා මණ්ඩලයේ එවැනි හදිසි විශේෂ සැසි කැඳවා ඇත්තේ 10ක් පමණකි.

නිශේධ බලය හිමි නිත්‍ය සාමාජිකයන් පස් දෙනා අතර ඒකමතිකභාවයක් නොමැති වූ අවස්ථාවල ආරක්ෂක මණ්ඩලයට ක්‍රියා කිරිමට නොහැකි වූ විට ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පිළිබඳ කරුණු භාර ගැනීමට එම පාඨය සභාවට බලය ලබා දෙනු ලබයි.


තාරක සම්මාන්



No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...