Monday, 28 February 2022


යුක්‍රේනය සහ රුසියාව අතර බෙලාරස්හිදි ආරම්භ වී ඇති සාකච්ඡාවලදි යුක්‍රේනයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, වහා යුද්ධය නතර කිරීම සහ යුක්‍රේනයේ සිටින රුසියානු හමුදා ඉවත් කර ගැනීම ය.

යුක්‍රේග්න ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ, එම අරමුණු වෙනුවෙන් තමන් නියෝජිතයින් පිරිසක් සාකච්ඡා සඳහා පිටත් කළ බව ය.

මේ අතර, දෙරට ම ප්‍රතිලාභ අත් වන එකඟතාවක් සඳහා සාකච්ඡා කරන බව රුසියානු මැදිහත්කරුවා වන ලැඩිමීර් මෙඩිකි පවසා තිබේ.

මෙම සාකච්ඡාවට පෙර යුක්‍රේන ජනාධිපති ඩොලෝඩිමීර් සෙලෙකි ඉල්ලා සිටියේ, රුසියානු හමුදා අවි බිම තැබිය යුතු බවට ය.

ඊට අමතරව, යුරෝපා සංගමයේ සාමාජිකත්වය යුක්‍රේනයට පිරිනමන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...