Tuesday, 15 February 2022


වංචනිකයින්ගෙන් ආරක්ෂාවෙන ලෙස අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්ය ජාල ඔස්සේ සිදු කෙරෙන රැකියා සඳහා බඳවා ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය අනතුරු ඇඟවීමක් කර තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය ප්රකාශ කර ඇත්තේ 2022 වසර සඳහා කැනඩා රජයේ රැකියාවලට බඳවා ගැනීම් පිළිබඳව සමාජ මාධ්යවල සංසරණය වන දැන්වීම් අසත්ය බවයි.
මෙම බඳවා ගැනීම් හරහා ක්ෂණික රැකියා බලපත්ර ලබාදීමට කටයුතු කරන බවට සඳහන් කරමින් ව්යාජ නිවේදන සිදුකර ජනතාව නොමග යැවීමට කටයුතු කර ඇති බව කැනඩා මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි. ශ්රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය මහජනතාවට අවවාද කර සිටින්නේ මෙම වංචනිකයින්ගෙන් ආරක්ෂාවීමට පියවර ගන්නා ලෙසය.
නයන තරංග ගමගේ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...