Friday, 11 February 2022


 



ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හරහා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ඉන්දීය සුපිරි සිනමා නළු ගගන් මලික් පැවිදි දිවියට ඇතුළත් වූ බවට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් හුවමාරු වෙමින් පවතී.

පසුගිය දිනක ඔහු මෙලෙස හිස මුඩු කර කසාවත් පැළඳ චාරිත්‍රානුකූලව පැවිදි දිවියට ඇතුළත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

බැංකොක් හි Royal Monastery නමින් හැඳින්වෙන විහාරයකදී ඔහු මෙලෙස පැවිදි දිවියට ඇතුළත්ව ඇත්තේ කෙටිකාලීනවය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ආසියාව පුරා අතිශය ජනප්‍රිය වූ ගගන් මලික් දින 15 කාලයක් සඳහා මෙලෙස පැවිදි දිවියට ඇතුළත්ව සිටිනු ඇති බවය.

මෙය ධර්මය ඉගෙන ගැනීමට,  අනිත්‍ය තේරුම් ගැනීමට, දැනුම ලබා ගැනීමට කාලය බවත් ඉන්දියාව තුළ ධර්මය පැතිරවිය යුතු කාලය බවත් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් ප්‍රකාශ කර තිබේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...