Thursday, 3 February 2022

 

මව්පියන්ට දරුවන් තරම් වටිනා වස්තුවක් තවත් නොමැත. ඔවුන් දරුවන් වෙනුවෙන් හැම දෙයක්ම කැප කරන්නේ එහෙයිනි. තම දරුවා බිහිකරන්නට ආසන්න වූ බැවින් රෝහලකට යමින් සිටි මවකට අතරමගදී දරුවා බිහි වූ නිසා වෛද්යවරුන් හා වින්නඹු මාතාවන් පැමිණෙන තෙක් ඇයට වින්නඹුකම් කළ පියෙකු පිළිබඳව පසුගියදා ඔස්ට්රේලියාවෙන් අසන්න ලැබිණි.

ෂ්යාම් කෝට්ටෙගොඩ සහ මාධවී ලෙව්කේ බණ්ඩාර ඔස්ට්රේලියාවේ දකුණු බ්රිස්බෙන් නගරයේ වාසය කළ ශ්රී ලාංකික යුවළකි. මාධවී තම දෙවැනි දරුවා අපේක්ෂාවෙන් සිටි අතර දරු ප්රසූතියට නියමිත දිනයට වඩා සතියක් ගත වුවද දරුවා බිහි නොවීම නිසා ඔවුහු රෝහල වෙත යන්නට තීරණය කළහ. තම වැඩිමහල් දියණිය බුවී දිවා සුරුකුම් මධ්යස්ථානයකට බාරදී රෝහල කරා එද්දී මාධවීට ප්රසව වේදනා ඇති විය. ඇය තම සැමියාට කතා කර මට දැනෙනවා එයා එනවා කියලා යනුවෙන් පැවසූ අතර ඒ වන විට ඔවුහු රෝහලේ රථගාලට පැමිණ සිටියහ.

තම බිරියට ඇවිද යාමට අසීරු බැවින් රෝද පුටුවක් ගෙන එන්නට ශ්යාම් රථයෙන් බැස්ස අතර රථයේ ඉදිරිපස මගී අසුනේ දොර විවෘත කළ ඔහු දුටුවේ දරුවා බිහිවෙමින් සිටින බවයි. දරුවාගේ හිස ඒ වනවිටත් පිටතට පැමිණ තිබූ අතර ඔහු වහා දරුවා අල්ලාගෙන උදව් ඉල්ලා කෑගසන්නට විය.

ශ්යාම් කෝට්ටේගොඩ මාධ්යයට ප්රකාශ කර තිබුණේ පවුල් සෞඛ්ය සේවිකාවන් කණ්ඩායමක් ඔවුන් දෙසට දිව එනු දැකීමෙන් තමාට සහනයක් දැනුණු බවයි. “වින්නඹු මාතාවන් සහ වෛද්යවරුන් රථය අසලට එනකොට මට විශාල සහනයක් දැනුණා. ඔවුන් වහා අවශ්ය සියලු කටයුතු සිදුකර ඇයව රෝහල තුළට ගෙන ගියා. මගේ බිරිඳ සහ මගේ දරුවා සුවයෙන් සිටින බව දැනගත් පසු මම හැඟුම්බර වුණා.. මගේ ඇස්වලට කඳුළු ආවා.” යනුවෙනි.

මෙම සිදුවීමට මුහුණ දුන් 33 හැවිරිදි මාධවී ලෙව්කේ බණ්ඩාරද තමා අත්විඳි තත්ත්වය මාධ්යයට කියා තිබිණි. මේ සේරම සිදු වුණේ ඉතා ඉක්මනින්. හරියටම කිව්වොත් පැය දෙකහමාරක පමණ කාලයක් තුළයි. අතරමගදී මගේ වෝටර් බෑග් එක පුපුරණු දැනුණා. දරුවා බිහිවෙන එක මට දැනුණේ නැහැ. ඒක දැක්කේ මගේ සැමියා. ඔහු මා සිටින පැත්තට පැමිණ අඩක් එළියට පැමිණ සිටි දරුවා අල්ලාගෙන ආධාර ඉල්ලා කෑ ගැසුවා.. ඒ වෙලාවේ දරුවා අඬන්න ගත්තම මම ගොඩක් සතුටු වුණා. දරුවා බිහිවෙනු ඇතැයි අපි සිතා සිටියේ ජනවාරි 16 වැනිදා. එහෙත් එය සතියක් ප්රමාද වූ නිසයි රෝහල් ගත වෙන්න තීරණය කළේ. දරුවා යහපත් සෞඛ්ය තත්ත්වයෙන් සිටින එක ගැන ගැන අපි ඇදහිය නොහැකි තරම් සතුටු වෙනවා* යැයි ඇය පවසා තිබිණි.

මෙරින් පැකියර්, කැරී සිම්සන් සහ ගැබී රොසෙල් දරු ප්රසූතියට උපකාර කළ වින්නඹු මාතාවන් වූ අතර පැකියර් මහත්මිය කියා සිටියේ එම අවස්ථාවේ ලෙව්කේ බණ්ඩාර මහත්මිය ඉතා සන්සුන්ව සිටි බවයි. &අපි එතනට යනකොටත් දරුවා පිටතට ඇවිත් තිබුණා. අපි වහ වහා අවශ්ය කටයුතු කළා. මව සන්සුන්ව සිටියත් දරුවාගේ පියා සිටියේ නොසන්සුන් තත්ත්වයක. සියල්ල හොඳින් සිදුවනු දුටු ඔහුගේ දෙනෙතින් කඳුළු කඩා හැලුණා* යැයි ඇය පවසා තිබිණි.

ශ්යාම් හා මාධවීගේ දෙවැනි දරුවා පිරිමි දරුවෙකි. ඔහුගේ උපත සිදුවූයේ මේටර් මදර්ස් රෝහලේ රථගාලේදීය. උදෑසන 8.44ට උපත ලද දරුවා කිලෝග්රෑම් 3.6ක බරකින් යුතු වන අතර ඔහුට තවම නමත් තබා නොමැත. දරුවාත් මවත් නිරෝගීව පසුවන අතර දින කිහිපයකින් නිවෙසට යාමට නියමිතය.

යළි නිවසට පැමිණි පසු අලුත් සාමාජිකයා එක්ක එකට කාලය ගත කිරීමට අප සියල්ලන්ම ආසාවෙන් බලා ඉන්නවා* යැයි ශ්යාම් මාධ්යයට කියා තිබිණි.

මේටර් මදර්ස් රෝහල බ්රිස්බේනයේ මව්වරුන්ගේ රෝහල් අතර ප්රකට රෝහලකි. එහි සෑම වසරකම බිළිඳුන් 12,000 කට වැඩි ප්රමාණයක් උපත ලබති. ඒ අතර ශ්යාම් සහ මාධවීගේ දරුවා සුවිශේෂී වන්නේ රෝහල් රථගාලේ නිරුපද්රිතව උපත ලද පළමු දරුවා ලෙසිනි.

 ප්රියන්ජන් සුරේෂ් ද සිල්වා

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...