Tuesday, 1 March 2022


රුසියාව සහ යුක්‍රේනය අතර සාම සාකච්ඡා මාලාවේ දෙවන වටය මාර්තු 02 පැවැත්වීමට තීරණය කර තිබේ.

රුසියානු මාධ්‍ය වාර්තා කළේ, මේ සඳහා දෙරටේ නියෝජිතයින් එකඟතාව පළ කර ඇති බව ය.

මෙම සාකච්ඡා පැවැත්වෙන ස්ථානය මෙතෙක් තීරණය කර නොමැත.

මේ අතර, රුසියාව සහ යුක්‍රේනය අතර බෙලරූස්හිදී ඊයේ පැවති සාම සාකච්ඡා වටයේදි දෙපාර්ශවය. අතර එකහතා කිහිපයක් සඳහා ප්‍රවේශයක් ළගා කර ගැනීමට හැකි වූ බව බෙලරූස්හි විදේශ කටයුතු අමාත්‍ය විලැඩිමීර් මකායි පවසයි.

මෙම ප්‍රවේශයන් හරහා අර්බුදයට ධනාත්මක විසඳුමක් ළඟා කර ගත හැකි වනු ඇතැයි ඔහු පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, රුසියාව සහ යුක්‍රේනය අතර නිර්මාණය වී ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා බෙලරූස් රාජ්‍යය වගකීම් පැහැර නොහරින බව ය.

මෙම අර්බුදයේදි පිටස්තර අතපෙවීම් නොතිබුණා නම් එය මීට කාලයකට පෙර විසඳා ගත හැකිව තිබූ බව ද ඔහු පෙන්වා දී තිබේ.

දෙපාර්ශවය එක මේසයකට රැගෙන ඒම අතිශය දුශ්කර කටයුත්තක් වූ බව ත් එය ජය ගැනීමට හැකි වීම සතුටට කරුණක් බව ත් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, තව ත් දින කිහිපයකින් බෙලරූස් - පෝලන්ත දේශ සීමාවේදී ඊළඟ සාකච්ඡා වටය සංවිධානය කරන බව ය.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...