විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ වන විට විදුලි බලාගාර 8ක් නවතා දැමීමට සිදුව ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ අනුව, ඉන්ධන මගින් ක්‍රියාත්මක විදුලි බලාගාර වන සෝයිස් සහ උතුරු ජනනී යනයන බලගාර දෙක පමණක් මේ වන විට ක්‍රියාත්මක වේ.
විදුලි බල මණ්ඩලය පුරෝකථනය කර ඇති ආකාරයට මාර්තු. 02 දිනය දක්වා විදුලි සැපයුමට අවශ්‍ය ෆස් තෙල් ප්‍රමාණය ඝනමීටර් 1036 ක් වුව ද මේ වන විට පවතින ප්‍රමාණය වන්නේ ඝනමීටර් 716 කි.
නැප්තා ප්‍රමාණය ඝනමීටර් 950 ක් වුව ද මේ වන විට බලාගාර සතුව නැතා නොමැති බව ද විදුලි බල මණ්ඩලය පවසයි.
හෙට දින දක්වා අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ඝනමීටර් 2640ක් වුව ද බලාගාර සතුව පවතින්නේ ඩීසල් පණමිටර් 650 ක් පමණක් බව ද සඳහන් කරයි.
තව ද රටට අවශ්‍ය විදුලිය උත්පාදනය සඳහා පවතින පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වන ජල විදුලි බලාගාර, සූර්ය බලාගාර, තාප බලාගාර, සුළං බලාගාර සහ ජෛව ස්කන්ධ මගින් සීමා සහිතව තවදුරට ත් විදුලි උත්පාදනය සිදු කෙරෙන බව විදුලි බල මණ්ඩලය සඳහන් කර ඇත.
මේ අතර, මාර්තු 02 පැය හත හමාරක කාලයක් දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ.
ඒ අනුව, පෙරවරුවේ පැය 5ක කාලයක් සහ පස්වරුවේ පැය දෙක හමාරක කාලයක් විදුලිය විසන්ධි
කාංචනා විජයබණ්ඩාර
No comments:
Post a Comment