Tuesday, 8 March 2022


 








ජාතියේ මහානර්ඝ සම්පතක් ලෙස සැලකූ නැඳුන්ගමුවේ විජය රාජා හස්තිරාජයා 07 අලූයම මිය ගියේය. ඒ තම නිවහන ලෙස වසර 50 ක් පමණ කාලයක් දිවි ගෙවූ ගම්පහ, රතුපස්වල, නැඳුන්ගමුව පිහිටි හර්ෂවිජය වෙද නිවසේ ඇත්ගාලේදීය.
මිය යන විට 69 වියේ පසු වූ නැඳුන්ගමුවේ රාජා, නොහොත් නැඳුන්ගමුවේ විජය රාජා වසර 12 ක් සෙංකඩගල ශරී දළදා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවමින් ජාතියේත්, ජාත්යන්තරයේත් ගරු බුහුමනට පාතර වූ ඉතා දුලභ ගණයේ ඇතෙකි. පසුගිය කාලය පුරා මහනුවර ඇසළ පෙරහැරේ පරධාන කරඬුව දරන්නා වූ නැඳුන්ගමුවේ රාජා, ජාතික වස්තුවක් ලෙස සංරක්ෂණය කරන ලද ඇතෙක් වූ අතර, හමුදා ආරක්ෂාව යටතේ ගමන් බිමන් සිදු කළ ලොව එකම (හීලෑ) හස්තියා ලෙසද පරකටව සිටියේය.
කලක් රෝගාතුරව සිටි නැඳුන්ගමුවේ රාජා හස්තියා පසුගිය වසරේ අවසන් වතාවටත් ශරී දළදා කරඬුව වැඩම කරවීම සිදු කළේය.
රී දළදා මාලිගාවේ කරඬුව මීට පෙර වැඩම කර වූ මාලිගාවේ රාජා හස්තියාට පසු වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩම කර ඇත්තේද නැඳුන්ගමුවේ රාජා හස්තියා විසිනි. මාලිගාවේ රාජා හස්තියා මියයෑමෙන් පසු කරඬුව වැඩමවීමේ අති උතුම් කාර්යය සඳහා වඩාත් සුදුසුකම් දරා සිටි සහ පරකටව සිටි ආසියාවේ දිගම දළ ඇතා ලෙස සැලකුණු මිල්ලන්ගොඩ රාජා මිය යෑමෙන් පසු එම අවස්ථාව හිමිකරගන්නා ලද්දේ නැඳුන්ගමුවේ විජය රාජා නම් මේ හස්තියා විසිනි.
ඡුද්දන්ත කුලයේ මංගල හස්තියකු ලෙස සැලකෙන නැඳුන්ගමුවේ රාජා ඉතා විනයවත් හා ආගමික භක්තිය ඉතා හොඳින් පරදර්ශනය කළ වඩාත් හීලෑ හස්තියකු ලෙස සැලකේ. පසුගිය වසරේදී දළදා කරඬුව දරාගෙන දළදා මාලිගාවේ පියගැට පෙළ බැස එන අවස්ථාවේදී හැකිළී තිබූ පාවඩය සිය හොඬවැලෙන් නිවැරදිව සකසා ගනිමින් ඒ මතින් බැස පැමිණීමේ දර්ශනය ජාත්යන්තරයේ පවා පරකට විය.
1953 වසරේදී උපන් නැඳුන්ගමුවේ රාජා මෙරටට ලැබී ඇත්තේ ඉන්දියාවෙන් ලද පරිත්යාගයක් ලෙසිණි. ඒ මහාරාජා පරම්පරාවකිනි. පිළියන්දල විසූ නීලම්මහර වෙද හාමුදුරුවන්ගෙන් ඉතා දරුණු රෝගයකට පරතිකාර ලබාගත් ඉන්දියාවේ මනිපූර් පරදේශයේ විසූ මහාරාජා පරම්පරාවේ අයකුගේ එම රෝගය සුවපත් කිරීම නිමිත්තෙන් මෙම ‘විජය රාජා’ හා කොළඹ ගංගාරාමයේ විසූ ‘නවම් රාජා’ යන ඇත් පැටවුන් දෙදෙනා 1960 දශකයේදී වෙද හිමියන්ට තුටු පඳුරක් සේ ලැබී ඇති අතර, පසුව සම්මානනීය වෙදැදුරු පී. ඞී. පී. ධර්මවිජය මහතා විසින් නීලම්මහර හිමියන්ගෙන් විජය රාජා මිලදී ගෙන ගම්පහ, රතුපස්වල, නැඳුන්ගමුවට රැුගෙන විත් තිබේ.
එම වෙද මහතා මිය යනතුරුම තවත් හස්තීන් කිහිප දෙනකු සමග නැඳුන්ගමුව වෙද ගෙදර දිවි ගෙවූ නැඳුන්ගමුවේ රාජා ඉන්පසු භාර වූයේ ධර්මවිජය වෙද රාළහාමිගේ පුත් ආයුර්වේද වෛද්ය හර්ෂ ධර්මවිජය මහතාටය.
අවුරුදු පහක් තරම් වූ කුඩා වයසේදී ශරී ලංකාවට රැුගෙන ආ නැඳුන්ගමුවේ රාජා 2006 වසරේ සිට මහනුවර ශරී දළදා මාලිගා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙසින් ගෞරවයට පාතරවෙමිනි. එසේම, ගම්පහ පරදේශය ඇතුළු දිවයිනේ පරකට පෙරහැර රැුසක කරඬුව වැඩමවාගෙන එන කාර්යය සිදුකරනු ලැබුවේ මෙම විජය රාජා හස්තියා විසිනි.
උසින් අඩි 10 1/2 ක් පමණ වන රාජාගේ ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කරන්නේ අඩි පහමාරක් පමණ දිගු ස්වේත දළ යුගලය මගිනි. නැඳුන්ගමුවේ සිට සෙංකඩගල ඇසළ පෙරහැරට සහභාගිවී නැවත පැමිණීම දක්වා පමණක් එක වර්ෂයකදී රාජා කිලෝ මීටර 200 කට ආසන්න දුරක් ඇවිද ගිය අතර අනෙකුත් පෙරහැර කටයුතුද ඇතුළුව සියලූම ගමන් සිදුකරන ලද්දේ පාගමනෙනි. ඇතුගේ ශරීර පරමාණය හා දළ පිහිටීම අනුව ඇතුගේ ආරක්ෂාව පිණිසම මෙසේ පාගමනින් ගමන් කරවීම සිදුකරන ලද බව ඇතුගේ හාම්පුතු හර්ෂ ධර්මවිජය වෙද රාළහාමි පරකාශ කරයි. නමුත් මෙසේ යන ගමනක් අතර තුරදී සිදු වූ වාහන අනතුරකින් පසු එතැන් පටන් රාජාට හමුදා ආරක්ෂාව ලබාදෙන්නට රාජ්ය නායකත්වය තීන්දු කරන ලද අතර, ඇතු මිය යන තුරාම ගමන්වලදී එම ආරක්ෂාව ලබාදෙන ලදී.
මහනුවර ශරී දළදා මාලිගාවේ කරඬුව වැඩමවීමේ මහඟු භාග්ය හිමිකරගත් නැඳුන්ගමුවේ හස්තිරාජයා විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාවට භාජනය වෙමින් රැුකවරණයක් ලැබූ ලොව එකම හස්තියා බවට පත්වූයේ ඒ ආකාරයෙනි.
පනස් වසරකට අධික කාලයක් සිය වගකීම් සහ ආවතේව දළදා වහන්සේ වෙනුවෙන් ඉටුකළ නැඳුන්ගමුවේ විජය රාජාගේ සියලූ ඇප උපස්ථාන කටයුතු කරමින් ඇත්ගොව්වා ලෙස කටයුතු කරන ලද්දේ ඇතුගේ වයසට සමාන වයසක් ඇති ‘කළු අයියා’ නමින් හඳුන්වන ලද විල්සන් කොඩිතුවක්කු මහතා විසිනි. ඇතු නැඳුන්ගමුවට පැමිණ තම ජීවිත කාලය පුරා ඇවිද ගොස් ඇත්තේ කොපමණ දුරද, ඒ දුරට සමාන දුරක් කළු අයියාද ඇවිද ගොස් ඇත්තේ ඇතු හා පැවති සංසාරගත බැඳීම පරකට කරමිනි.
දිවිගමනට සමුදෙන විට නැඳුන්ගමුවේ හස්ති රාජයාට අවුරුදු 69 ක් වූ අතර, බැතිමතුන්ගේ සහ දෙස් විදෙස් සංචාරකයින්ගේ ද නොමඳ ගෞරවයට මෙන්ම ආදරයට පාතර වූ මෙරට සිටි දැවැන්තම ‘හස්ත සලකුණ’ වේ.
මියගිය රාජා හස්තියාගේ රුව මාලිගාවේ රාජාගේ රුව මෙන් සංරක්ෂණයට පියවර ගෙන ඇති අතර යළිත් දළදා කරඬුවේ අභිමානය ලොවට පළකරන්නට නැඳුන්ගමුව පැමිණෙන්නේ නැත.


ජගත් කණහැරආරච්චි
ඡායාරූපය – කමල් බෝගොඩ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...