Tuesday, 8 March 2022


 

පාර්ලිමේන්තුවේ අද මාර්තු 9 දිනයේදී පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවන වර කියවීමට නියමිත අතර මෙම පනත් කෙටුම්පත පවතින ස්වරූපයෙන් ම නීතියක් බවට පත්වුවහොත් ඉන් ඇති වන බලපෑම් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහිදි ඔවුන් ජනමාධ්‍යය කෙරෙහි වන බරපතළ බලපෑම, දත්ත ආරක්ෂිණ අධිකාරියට පුළුල් බලතල හිමිවීම, ස්වධීන නොවීම සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය මත ඇති කරන බලපෑම යන මූලික කරුණු තුනක් පිළිබඳව අවධානය යොමු කර ඇත.

ජනමාධ්‍යය කෙරෙහි වන බරපතළ බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී "ජනමාධ්‍යමය අරමුණු" සඳහා දත්ත භාවිත කිරීම්, දන්ත සකස් කළ හැකි කොන්දේසියක් ලෙස මෙම පනත් කෙටුම්පත මගින් හඳුනාගෙන නොමැති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

එම ආයතනය සඳහන් කර ඇත්තේ, මෙහිදි විකාශන මාධ්‍යය ඇතුළුව මාධ්‍ය වාර්තාකරණයේදී පෞද්ගලික දත්ත භාවිතය සීමා වනු ඇති බව ය.

ජනමාධ්‍ය ක්‍රියාකාරකම් උදෙසා අන්‍යයන්ගේ පෞද්ගලික තොරතුරු භාවිත කිරීමෙන් ද පාලකවරුන්' සහ 'සකසන්නන් බවට මාධ්‍යවේදින් නිරායාසයෙන් පත් වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නෂනල් ආයතනය සඳහන් කර තිබේ.

ජනමාධ්‍යමය අරමුණු උදෙසා දන්තවලට ඇති ප්‍රවේශය සහ ඒවා පළ කිරීම අනවශ්‍ය ලෙස සීමා

නොකිරීම තහවුරු කිරීමට නම්, ජනමාධ්‍යමය අරමුණ දත්ත සැකසීමට ඇති නීත්‍යානුකූල කොන්දේසියක් ලෙස හඳුනා ගත යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිර්දේශ කර ඇත.

දත්ත ආරක්ෂණ අධිකාරියට පුළුල් බලතල හිමිවීම සහ ස්වාධීන නොවීම සම්බන්ධයෙන් සලකා බැලීමේදී දත්ත ආරක්ෂිණ අධිකාරිය 'රජය විසින් පාලනය කරනු ලබන රජයේ ආයතනයක් ලෙස පනත් කෙටුම්පත නම් කර ඇත.

එමෙන් ම සිය බලතල සහ කාර්යයන් දියාරු කරන ප්‍රයත්නවලට හෝ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහි විමට අධිකාරිය සතුව ප්‍රමාණවත් ස්වාධිනතාවක් නැති බව ප්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම ආයතනය සඳහන් කර ඇත්තේ, අධිකරණයක් නොවන සහ ස්වාධීන නොවන ආයතනයක් ලෙස දත්ත ආරක්ෂිණ අධිකාරිය වෙත දත්ත ලබා ගැනීමේ මූලාශ්‍ර විමර්ශනය කිරීමට ත්, අධිකාරියේ නියෝගවලට අනුකූල වීමට අපොහොසත් වන දත්ත පාලකවරුන් සහ දත්ත සකසන්නන් හට එක් අනුකූල නොවිමක් සඳහා රුපියල් මිලියන 10ක් දක්වා දඩ මුදලක් පැනවීමට ද බලය ලබා දී ඇති බව

මෙහි දි පොදුවේ පුද්ගල අයිතීන්වලට ගැටලුවක් වීම මෙන් ම ජනමාධ්‍යවේදින්ගෙන් සහ මාධ්‍යයන්ගෙන් ඔවුන්ගේ මූලාශ්‍ර පිළිබඳ තොරතුරු විමසන තත්වයක් කරා යෑමේ හැකියාව ද ඇත.

පනත් කෙටුම්පතෙහි අරමුණු උදෙසා ස්වාධින දත්ත ආරක්ෂණ අධිකාරියක අවශ්‍යතාව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිර්දේශයක් ලෙස ඉදිරිපත් කර තිබේ.

තව ද තොරතුරු දැනගැනීමේ අයිතිය මත ඇති කරන බලපෑම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී

මෙම කෙටුම්පතට අනුව, අනනුකූලතාවක් පැන නගින අවස්ථාවක දි, මෙම පනත් කෙටුම්පතෙහි විධිවිධාන තොරතුරු දැනගැනීමේ පනත ද ඇතුළුව වෙනත් ඕනෑ ම ලිඛිත නීතියක ප්‍රතිපාදන අභිබවා යන අතර මෙය තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසිකම් බලහීන කිරීමක් බවට පත් විය හැකි බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

ඒ හේතුවෙන් අනනුකූලතාවක දි තොරතුරු දැන ගැනීමේ අයිතිය අභිබවා නොයෑම තහවුරු කිරීමට නිශ්චිත ව්‍යතිරේඛයක් ඇතුළත් කිරීමට

ට්‍රම්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිර්දේශ කර තිබේ.

2021 වසරේ සහ 2022 මුල් කාලයේ තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහ සියලූ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම කරුණු ට්‍රාන්ස්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් නිල වශයෙන් දැනුම් දීමක් සිදු කර ඇත.

පෞද්ගලික දත්ත ආරක්ෂිණ නීතිය, පොදු යහපත උදෙසා පවතින අනෙකුත් අයිතිවාසිකම් සහ ආරක්ෂය ණයන් සමග නොගැටී, ප්‍රගතිශිලි ලෙස සංකලනය විම අතිශයින් වැදගත් බැවින් මෙම වැදගත් නීතිය පැනවීමේ ක්‍රියාවලිය ඉහත මතු කළ ගැටලු විසඳන තෙක් ඉක්මන් නොකරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රි ලංකා ආයතනය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ තාක්සණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයෙහි විධායක අධ්‍යක්ෂිකා නදීශානි පෙරේරා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසිය.

“දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පවතින ස්වරූපයෙන් ම නීතියක් බවට පත් කළහොත්, එය සාධනීය අරමුණක් පවතින නමුත් අවභාවිතයට ලක් විය හැකි නීතියක් බවට පත්වනු ඇත. මෙම පනත් කෙටුම්පුව ජනමාධ්‍යය සහ අකටයුතු නාදකයන් අතර බිය ගැන්වීමක් ඇති කරන්නන් ලෙස භාවිත කළ හැකි අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වනු ඇත."


අමරා ලියාගත්


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...