Thursday, 10 March 2022


 



කිරිවදින අක්කර දෙකහමාරක අති සාර්ථක වී වගාවක් සමසමස්ත ගොවි පරපුරට පිංන් අනුමෝදන් කිරීම සඳහා කිරි එළදෙනුන් ට දන්දීමේ අපූරු පුවතක් ගලේවෙල දේවහුවකොස්ගගහින්න ප්රෙද්ශයෙන් අද (10දා) වාර්තා විය.
ගලේවෙල නගරයේ ව්යාපාරිකයෙකු වූ සනත් බණ්ඩාර මහතා ඇතුළු ගමේ ගොවි මහතුන් එක්ව ඒ මහතාගේ අක්කර දෙකහමාරක් වූ කුඹුරු මුල සිටම වගාකොට ඇත්තේ කිරි එළ එළදෙනුන් ට දානය පිණිස වීම විශේෂත්වයකි.
ඒ අනුව උදෑසන මහා සංඝරත්නය එම ස්ථානයට වඩමවා මියගිය සමස්ත ගොවීන්ට කුඹුරු අස්වැද්දු අතීත මුතුන් මිත්තන්ට මාපිය වරුන්ට අනුමෝදන් කරමින් ප්රදේශයේ සිටින කිරි දෙනුන් එම ස්ථානයට ගෙන්වා කුඹුර සත්ත්ව දානයක් ලෙස ලබාදීමට පිරිස කටයුතු කළහ.
මුලින්ම භික්ෂූන් වහන්සේ කුඹුරට බැස පළමු අස්වැන්න නෙලා එම ස්ථානයේ රැගෙන විත් සිටි කිරි දෙනෙකුට කන්නට සැලැස්වීම සිදුකළහ ,පසුව පිරිස් එම ස්ථානයට ගෙනැවිත් සිටි කිරි හරකුන්ට අක්කර දෙකහමාරක ඉතා සාර්ථක කුඹුර ආහාර සඳහා වෙන් කිරීම් සිදු කළහ.
මෙම අක්කර දෙකහමාරක වූ කුඹුරෙන් වී බුසල් දෙසිය 250ක් පමණ ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් අතීතයේ සිට කුඹුරු අස්වද්දා ගොවිතැන් බත් කරන ලද මිය ගිය සෑම දෙනාටම පිං අනුමෝදන් කිරීම පමණක් නොව මෙහි ආහාර ගෙන පෝෂණය වෙන කිරි දෙනුන්ගේ කිරි වලින් සමස්ත රටේ ජනතාවට එහි පෝෂණය ලැබෙන බවද අතීතයේ හරකුන් විසින් සිදුකල විශාල වූ සේවයට ගරු කිරීමක් වශයෙන්ද මෙම පිංකම සිදුකල බව සංවේදීව ව්යාපාරික සනත් බණ්ඩාර මහතා පැවසීය.

එස්. කරුණාරත්න

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...