Saturday, 12 March 2022


හිටපු අමාත්ය සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටියදී එම ආයතනය යටතේ මිලදී ගත් වාහනයක් වසර 14ක සිට අස්ථානගත කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය කෙරුණි.

එමගින් රජයට සිදුවී ඇති මුළු අලාභය රුපියල් මිලියන 26කි.
එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබුණේ, 2008 වර්ෂයේදී රුපියල් 8,095,000ක් වටිනා කැබ් රථයක් මණ්ඩලයේ කිසිදු නිලධාරියෙකුගේ අනුමැතියකින් තොරව එවකට හිටපු සභාපතිවරයා විසින් භාරගෙන මණ්ඩලයේ නමට ලියාපදිංචි කර තිබුනද, එදින සිටම එම වාහනය අස්ථානගත වී ඇති බවය.
මේ සම්බන්ධව කොප් කමිටුව දිර්ඝ ලෙස විමසා සිටියේය.
අදාළ වාහනය වෙනුවෙන් වාහන සමාගම වෙත මුදල් නොගෙවීම නිසා එම සමාගම විසින් නඩු පවරා තිබුණි.
එහි තීන්දුවට අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයට එම ආයතනය වෙත රුපියල් 16,190,000කට අාසන්න මුදලක් ගොවීමට සිදුවිය.
මෙම නඩුව සඳහා මණ්ඩලය විසින් දරන ලද නීතිඥ වියදම් ඇතුළුව 2018 දෙසැම්බර් 31 වන විට මුළු අලාභය රුපියල් 26,634,185 ක් විය.
මෙහිදී මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව අදාළ අලාභය අය කරගැනීම සඳහා සිවිල් නඩුවක් පවරා ඇති බවය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...