Saturday, 12 March 2022


යක්කල නගරයට නුදුරු ආයුර්වේදය අසල ඉතා සාරවත් කුඹුරක් ගොඩ කර ශරීර සුවතා මංතීරුවක් ඉදිකිරීම මහා අපරාදයක් බව ප්රදේශවාසීහු පවසති.

යළ - මහ දෙකන්නයේ සරුසාරව මෙම කුඹුරු යාය අස්වැද්දන බව ද ඔවුහු කියති.
සමස්ත රටේම ජනතාව අපහසුතාවයට පත්ව සිටින මොහොතක නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන හැත්තෑවක් වැනි අධික මුදලක් මේ සදහා වැය කිරීම සම්බන්ධයෙන්ද ජනතාව දැඩි අප්රසාදය පළ කරති.
මෙම කටයුත්ත සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිහිප දෙනකුම පෙන්වා දෙනු ලැබූවේ මේ ස්ථානයේ ශරීර සුවතා මංතීරුවක් ඉදිකිරීම ආරම්භයේ සිටම ජනතාව අතර විරෝධතාවයක් පැන නැගුනු මුත් එය ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූයෙන් රිසි සේ මෙය ඉදිකිරීමට අවස්ථාව සැලසුනු බවයි.
ජනතාව පෙන්වා දෙන්නේ ශරීර සුවතාවය පිනිස මෙවන් මංතීරු ඉදිකිරීමට විරුද්ධ නොමැති නමුත් ඒ සදහා සුදුසු හිස් භුමි ඕනෑ තරම් යක්කල අවට පවතින බවකි.
සංවර්ධන ව්යාපෘති සිදු කිරීමේදී ප්රදේශයන් නියෝජනය කරන ජනතා නියෝජිතයින් සහ රාජ්ය නිලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීම විය යුතු අතර සරුසාරවත් අන්දමින් වගා කළ කුඹුරක් අහිමි කරමින් මෙවන් කටයුතු සිදු නොකිරීම ඉදිරියේදී විය යුතු බව ප්රදේශයේ ජනතාව පෙන්වා දෙති.


උපාලි දයාරත්න

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...