Tuesday, 8 March 2022


 


මොක්සිකෝවේ පැවැති පාපන්දු තරගාවලියක් අතරතුරදී ඇති වූ ගැටුමක් හේතුවෙන් 17 දෙනකු මියගොස් 26 දෙනකු තුවාල ලබා තිබේ. ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.


මෙක්සිකෝවේ ක්වෙරෙටාරෝ ප‍්‍රාන්තයේ කොරෙගිඩෝරා කී‍්‍රඩාංගණයේදී පැවැති ලීග් පාපන්දු තරගයකදී මෙම ගැටුම සිදු වී ඇති අතර ගැටුම හේතුවෙන් තරගයේ දෙවන භාගය ද අතහැර දැමීමට සිදුව තිබේ. අදාළ සිදුවීමෙන් පිරිමින් 24ක් සහ කාන්තාවන් තුවාල ලබා ඇති බවත් ඉන් ක්වෙරෙටාරෝ ප‍්‍රාන්තයේ තිදෙනකුගේ තත්ත්වය බරපතළ බවත් ක්වෙරෙටාරෝ ප‍්‍රාන්තයේ ආණ්ඩුකාර මියුරිකෝ කූරි ප‍්‍රකාශ කර සිටී.


 කෙසේ වෙතත් අදාළ සිදුවීම පිළිබඳ කරුණු සොයා බලා නීතිය කි‍්‍රයාත්මක කිරීමට නියමිත බවත් මෙම සිදුවීම හේතුවෙන් පාපන්දු ලීගයේ ඉතිරි තරග කල් දැමීමට තීරණය කළ බවත් මෙක්සිකෝ පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටී.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...