Wednesday, 16 March 2022


රට තුළ පවතින උග්ර ගෑස් හිගය හේතුවෙන් ආපනශාලා වල ආහාර සැපයුම හෙට (17) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ආපන ශාල හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අසේල සම්පත් පැවසුවේ ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් නතර කිරීමට ගෑස් සමාගම් ගත් තීරණයත් සමඟ ආපනශාලා මෙම අසීරු තත්ත්වයට මුහුණ දී සිටින බවයි.
ආපන ශාලා වසා දැමීමෙන් ලක්ෂ පහක පමණ ජනතාවකගේ රැකියා අවස්ථා අහිමි වන බව ද ඔහු සදහන් කරයි.
මෙම ගැටළුවට කඩිනම් විසඳුමක් නොදුනහොත් රටපුරා ආපන ශාලා වල වළං පිඟන් ගෑස් ටැංකි ඔසවාගෙන ජනාධිපති කාර්යාලය අසලට පැමිණ කඳවුරු බඳින බවද සමස්ත ලංකා ආපනා ශාලා හිමියන්ගේ සංගමය සදහන් කරයි.
දිනකට සාමාන්ය ආපන ශාලාවකට ගෑස් ටැංකි දෙකක ගෑස් ප්රමාණවත් නොවන බව කී එම සංගමය ආපනශාලා සතුව වැඩිපුර ගෑස් ටැංකි නොමැති හෙයින් හෙට (17)දිනයේ සිටම ආපන ශාලා වසා දැමීමට සිදු වනු ඇති බවද පැවසීය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...